චන්දන ප්‍රනාන්දු
වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මංගල රැස්විමේදී කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීමේන් පසු සභාවේ සිටි සමහර මන්ත්‍රීවරුන්ගේ පළමු ගැටලුව වූයේ මන්ත්‍රීවරුන්ගේ සන්නිවේදන දීමනාව ලබාගන්නා ආකාරය හා දිවා ආහාරය ලබා දෙන්නේද යන්නයි.
මීට පෙර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ට රුපියල් 3000 ක සන්නිවේදන දීමනාවක් ලබා දි ඇතැයි ද එමෙන්ම සභාවේ රැස්වීම සඳහා සහභාගී වන මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය ලබා දී ඇතැයි ද පැවසූ හිටපු මන්ත්‍රීවරු එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටියහ.
දිවා ආහාරය සඳහා එක් අයකුට රුපියල් 600 ක් වැනි මුදලක් වැයවන බවත්, පසුගිය ප්‍රාදේශීය සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 25 ක් වුවත් මෙවර එය 44 ක් දක්වා වැඩිවීම නිසා දිවා ආහාරයට මෙන්ම සන්නිවේදන දීමනාවට ද විශාල වියදමක් දැරිය යුතු නිසා එය නැවත සළකා බලා තීරණයක් ගත යුතු බව සභාපති, විපක්ෂ නායක ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක් පැවසූහ.
මෙම කරුණ සාකච්ඡා කිරිමේදි සභාවේ බහුතරයක් පවසා සිටියේ කෙටි ආහාර වේලකට යාම සුදුසු බවයි. ඒ හේතුවෙන් එම වියදම් සළකා බලා ලබන සභා වාරයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට යෝජනාව කල් තැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ අපේ ගමේ අයට කෑම ලොකු වෙලා
අනිවාර්යෙන් සලකා බැලිය යුතු කරුණු තමයි. අයියෝ සල්ලි
ඉතින් කන්න නොවෙයිනම් වෙන මොනවටද ආවේ!
අපේ පාර්ලිමේන්තුවේ ඉන්න අහිංසක දුප්පත් මැති ඇමතිවරු අඩුවට කෑම වේල ගන්න හැටි බලලා මෙයාලත් ඒවා අනුකරණය කරනවා. අපේ රට දියුණු වෙනකම් ප්‍රාදේශීය සබාවේ සිට පාර්ලිමේන්තුව දක්වා කෑම දෙන එක නතර කෙරුවොත් ලොකු මහජන ප්‍රසාදයක් ලැබේවි. දුප්පත්කම නිසා ආහාර නොගෙන පාසල් යන දරුවෝ ඉන්න රටක මේ විදියට පාර්ලිමේන්තුවේ සහ අනිත් පළාත් පාලන ආයතනවල ඉන්න අයට අඩුවට කන්න දෙන්නේ කාගේ මුදලින්ද?
මේ සේරම කන්න තමයි ඇවිත් තියෙන්නේ.
කන්නම තමයි හොයන්නේ
මේකම හොද නිදර්ශනයක් මේ මන්ත්‍රී උත්තම උත්තමාවියන් කොයි අතටද හැරෙන්නෙ කියලා. ගොනා හැරෙන්නෙ පොල්පැලේ කන්න කියන එක තේරුම් ගන්න මහාචාර්ය පට්ටම් ඕනි නෑ
තමන් පත් කල ජනතාවට මොකවුනත් කමක් නැහැ. තැනගේ බඩත් පුරවලා සාක්කුත් පුරවන්න තමයි මුල් තැන.
මහා සභාව පටන් ගන්නෙ 10 නිසා දවාල් කෑම එක ගෙදරින් අරගෙන යන්න පුලුවන් නේද ? වෙනත් රැකියා සදහා යන ජනතාව ගෙදරින් තමයි කෑම එක අරගෙන යන්නේ
වෙන වැඩක්නම් වෙන්නේ නෑ. ප්‍රාදේශීය සභා නෙවේ පාර්ලිමේන්තුවේත් ඔච්චරයි.
අන්තිමට අපිවත් කාලා රටත් කාලා තමයි මේගොල්ලෝ යන්නේ