(විනීතා එම්. ගමගේ)
අනතුරුවලට මුහුණ දුන් වාහන 80 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ තැන තැන නවතා ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්යක්ෂ එස් ඕපනායක මහතා පවසයි.
අධිවේගී මාර්ගවල ඇති වන අනතුරුවලට ප්‍රධාන වශයෙන් නිදිමත හා වෙහෙස ගතිය තිබියදී රිය පැදවීමත්, වාහන පරික්ෂා කර බැලීමකින් තොරව මාර්ගයට ඇතුළ් කිරීමත් හදිසියේ තිරිංග තද කිරීමත් යන හේතු බලපාන බව පෙනී යන බවත් ඔහු කියයි.
ඉකුත් 14 දා සවස අවුරුදු නැකැත් අවසන් වීමත් සමග කොළඹින් පිටවීමට උත්සාහ ගත් අවස්ථාවේ 40000 කට ආසන්න වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගයට ඇතුළත් කර තිබු බවත් එහි දී අනතුරු අටක් සිදුවී එයින් වාහන 24 කට හානි සිදුවූ බවත් ඕපනායක මහතා පවසයි.
වාහනයක් මාර්ගයට දැමීමට පෙර එහි ධාවන තත්ත්වය පිළිබඳ හොඳින් පරික්ෂා කර බලා ධාවනය කරන්නැයි රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවත් විශේෂයෙන් නිදිමත පවතින අවස්ථාවල රිය ධාවනය නොකරන ලෙසත් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමිත ප්‍රමිතියට අධිවේගී මාර්ගය සදන්නේනම් විවේක ගැනීමට අවශ්‍ය පහසුකම් මාර්ගයේ පිහිටුවා තිබිය යතුය. ඒවා නොපිහිටුවා රියදුරන්ට දොස් පැවරීමෙන් වැඩක් නැත.
දක්ෂිණ අධිවේගය වාහන ධාවනය පටන් අරන් දැන් අවරුදු 04 කටත් වැඩයි. තාම බැරිඋනා මේක හරියට කළමනාකරණය කර ගන්න.
රියදුරන් විවේක ගත්ත කියල වාහන මග කැඩෙන එක නවතින්නේ නැහැ. මේක සමාජයේ බලපාන්නේ ඉතාම සීමිත කොටසකට වුනත් මේකත් අධිවේගී මාර්ගයේ ගැටලුවක්. වාහන 3 ක් 4 ක් මග නවත්වලා තියන එක සාමාන්‍යය දෙයක්. මේවා බොහොමයක් අලුත් වාහන. මේකෙන් ගම්‍ය වෙන්නේ රියදුරන්ගේ තම වාහනය ගැන තියෙන අල්ප දැනුම මගේ මිතුරෙක් ඉන්නවා hybrid එකක් තියෙන මීටර පැනලයේ තියන indication දන්නේ නැහැ ! එයාලට ඕනෑකමකුත් නැහැ ඉගෙන ගන්න කියලා දෙන්න කෙනෙකුත් නැහැ.
අධි වේගයෙන් යන්නත් පුහුණුවක් තිබෙන්නේ ඕනේ ඒ පුහුණුව සිරි ලංකාවේ ලැබෙන්නේ නැහැ. සව්දිය වගේ රටවල 100 යට යාමත් කාලය කා දැමීමක්.
මාර්ග වල ප්‍රමිතියට වඩා අපේ රටේ වාහන වල ප්‍රමිතිය බැලිය යුතුව ඇත. නැතහොත් එවැනි රථවාහන මෙවැනි අධිවේගී මාර්ග වලට ඇතුල් කර හානි පමුනුවන්නන්ට යම් ආකාරයක දඩුවම් පැමිණවිය යුතුව ඇත. තවද අප රටේ සැම දෙයක්ම කිරීමේදී ඒ සදහා අදාල නීති රීති ඇතිකොට ඒ පිලිබදව ජනතාව දැනුවත් කල යුතුව ඇත. පුරුද්දකට මෙන් හැම දෙයක්ම සිදුවූ විට බලදාරීන්ට (බලදාරීන් යනු රජය නොවේ) බැනීමට බලා සිටීම දැන් පුරුද්දක් වී ඇත.
වෙනත් රටවල අධිවේගී මාර්ග වල රජයෙන් නොමිලේ තේ දෙනවා. සිදුවූ අනතුරු වලින් දෙකක් වලක්වගත්තනම් තේ වල ගාණ කවර් කරගන්න හැකිවෙනවා
පැය එකහමාරයි ගමන විවේක ගන්න අම්බලමකුත් හදන්නකෝ. පැය එකහමාරක් එක තැන වැඩිවෙලා වාහනය පදවන්න බැරි කෙනා කොහොමද වෙන වැඩක් කරන්නේ? මොකටද සුක්කානම අතට ගන්නේ.
ලේමන් ඔයා නම් නියම ලේමන් කෙනෙක්ම තමයි. අපේ අධිවේග මාර්ගයේ වැඩිම ගමන් වෙලාව පැය 2 කට අඩුයි. එකෙත් මග නවතින්න තැනක් තියෙනවා. තවත් ඕනෑමනම් පොලිස් වාහන නවත්තන තැනක නවත්තලා නිදාගන්න පුළුවන්. අනිත් රටවල් වල පැය 3-4 එකදිගට වාහනය පදවන්න තියෙන්නේ. හොඳම දේ, නිදිමතනම් වාහනය පදවන්නේ නැතුව ඉන්න එක. නැත්නම් අනිත් මිනිස්සුත් අමාරුවේ.
ලෝකයේ අනිකුත් රටවල අධිවේගී මාර්ගවල හදිසි අවස්ථා මං තීරුවක් තියනවා. ඒවගේම හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමේ අංශයකුත් තියනවා. වේග පාලන පුවරු හා අනිකුත් උපදෙස් පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කරනවා. අනේ මන්දන්නේ නැහැ අපේ රටේ.
අධිවේගී මාර්ගවල කි.මී.10 න් 10 ට විවේක ගන්නා තැන නොමැති අතර පුළුල් අධ්‍යයනයකින් පසුව ඒවා ඇතිකරනු ලැබේ. ජීවිතේටවත් එවැනි මාර්ගයක් භාවිතා කළ නොමැති අය හට එය අමාරු කාර්යයකි.
වාහන කොයිවෙලේ කැඩෙයිද කියන්න බැහැ. ජංගම අලුත්වැඩියා ඒකකයක් හදන්න ගොඩක් වාහන වල පොඩි දෝෂයකට නතර වෙන්නේ...
කිලෝමීටර් සීයක් එකසිය පනහක් දුරට යන හයිවේවලට මොන විවේක පහසුකම්ද? පැයක්, නැතිනම් පැය එකහමාරක් එකදිගට එලවන්න බැරිනම් රියදුරෙකුගෙන් වැඩක් නැහැ. එහෙම නවත්ව නවත්වා යන්න ඕනේ නම් ගාලු පාර දිගේ ගියාම ඉවරයිනේ...