මනෝප්‍රිය ගුණසේකර
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කැරිණි.
මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට එම කොට්ඨාසයට පැමිණියේය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට අදාළව මීට පෙර සතොස හිටපු සභාපති නවීන් රුවන් මහතා ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බවත් පොලිසිය පවසයි.
කැරම් හා දාම් ලෑල්ලි ගෙන්වූ සතොස, සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් යැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එනිසා මෙම වරද පොදුදේපොළ පනත යටතට නොගැනෙන බව ද සැකකරුට ඇප නියම කරමින් කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂට කලින්ම යන්න වුනේ මේ අයගේ මේ හොරකම් නිසයි.
වැඩේ හරිෙ, ට්‍රම්ප් කියයි...
හොරකමක් කලත් කමක් නැහැ... ඇමතිකෙනෙක් නියෝජ්‍ය ඇමති කෙනෙක් බැරිනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා. මොකද ඒ වගේ අය ලේසියෙන් අල්ලන්නේ නැහැ. ඇල්ලුවත් පට්පට් ගාලා ඇප දෙනවා. ඇප නොදුන්නත් රිමාන්ඩ් කරන්නේ නැහැ. ජාතික රොහලේ ගෙවන වාට්ටුවක බැරිනම් රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහලේ ඇඳක නවතිනවා. රෝහල් ගතවෙන්න බැරි වුනොත් රිමාන්ඩ් බන්ධනාගාරයේ විදුලිපංකා රූපවාහිනී සහ කොට්ට මෙට්ට සහිත තරු පංතියේ කාමරයක නවාතැන් පහසුකම් සහිතව දිනපතා ' විසිට් එක 'ලැබෙනවා. අල්ලපු වත්තේ පොල් ගෙඩියක් හරි කෙසෙල් කැණ හරි කපා ගත්ත කෙනාට මේ මොනවත් නැහැ තැටියේ බත් ටිකයි සිමෙන්ති බංකුවයි. මේකට කියන්නේ ලබා උපන් හැටි කියලද?
මේ වගේ නීතියක්. බඩගින්නට කොස් දෙල් ගෙඩියක් කඩපු කෙනාට නඩු දිනත් නැහෑ ඇප දෙන කාලයක් කියන්නත් බැහෑ. කවුරු ආණ්ඩු කලත් ඔය ටික තමා.
අපගේ අධිකරණ පද්ධතිය ගැන සිතන විට වමනය වමනය නැඹුරු වෙනවා ..