විනීතා එම් ගමගේ
මුතුරාජවෙල අභයභූමිය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වසර අවසන්වීමට පෙර භාර දිය හැකි වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
එම අභය භූමියට අයත්වන ඉඩම් හඳුනා ගෙන අවසන් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ වන රාජ්‍ය ආයතන සමඟ මුලික සාකච්ඡා පැවැත්වූ බව ද පල්ලේගම මහතා කීය.
වත්තල, මීගමුව, කටාන, ජාඇල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මුතුරාජවෙල අභයභූමිය පැතිර ඇති බැවින් එම කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන් ද මෙම සාකච්ඡාවලට එක්වූ බව හෙතෙම සඳහන් කළේය.
ඉඩම් හඳුනාගැනීමෙන් අනතුරුව ඒවා වනජීවි කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදන බව ද එහි දී මෙම කලාපය තුළ ඇති සින්නක්කර ඉඩම්වල පදිංචිකරුවන්ට වන්දි ගෙවීමේ ක්‍රමයක් පිළිබඳව මේ වනවිට අවධානය යොමුවී ඇති බවද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේය.
හෙක්ටයාර් 3164 කින් යුත් මුතුරාජවෙල අභය භූමිය විවිධ අන්දමින් හානියට පත් කරන පුද්ගලයින් හා කණ්ඩායම්වලින් එය බේරාගැනීමට තම අධිකාරියට ප්‍රමාණවත් නිලධාරින් හා සම්පත් නොමැති බැවින් එය වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරමින් සිටින බව ද පල්ලේගම මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට පැවරුවත් වෙන්නේ එකම දෙයයි... මේ රටට ගහ කොල, සතා සිව්පාවා, ඇල දොල, වතුර ඔක්කොම හොඳට මවලා ඒවා කාබාසිනියා කරන මිනිස්සුන්වත් මවපු එකනේ අරුමේ කියන්නේ...
බොහොම හොඳ තීරණයක්... අපි නම් අසා නැහැ වනාන්තර ඇතුලේ හරක් මඩු, පිස්සන් කොටු තියෙනවා ලෝකේ කිසිම තැනක. අනේ පිං අයිති වෙයි ඔහෙලට මුතුරාජ වෙලේ අදාළ දියවන්නා ඔයක් තියෙන්නේ... එ්කේ තියෙනවා ජරාම ජරා හරක් මඩුවක් වැඩිපුරම ඉන්නේ මී හරකුනුයි, කුළු හරකුනුයි. ඉතින් එ් මඩුව බිමටම සමතලා කරලා දාලා ඒ කාලකන්නි සත්තු ටික කැලේට පන්නලා දාන්න.. ඔහෙලට ජාති ජාතිත් පිං සිදු වෙනවා වෙනවාමයි.
විල්පත්තුවටත් අයිති ඔය මළඉලව්වටම නේද? නමුත් අදාළ ඇමැති මෙලෝදෙයක් නොදන්න පිංගුත්තරයෙක් නේද?