මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා ඔහු මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය.
මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා අද ප්‍රකාශයක් ලබා දීමට එම කොට්ඨාසයට පැමිණියේය. ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට අදාළව මීට පෙර සතොස හිටපු සභාපති නවීන් රුවන් මහතා ද අත්අඩංගුවට ගෙන ඇප මත සිටින බවත් පොලිසිය පවසයි.
කැරම් හා දාම් ලෑලි ගෙන්වූ සතොස, සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතනයක් යැයි ප්‍රකාශ කළ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය එනිසා මෙම වරද පොදුදේපොළ පනත යටතට නොගැනෙන බව ද සැකකරුට ඇප නියම කරමින් කීවාය.
රිමාන්ඩ් බාරයට පත් කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ මහතා බන්ධනාගාරයට රැගෙන යන අයුරු ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා එල්ල විය. එමෙන්ම අලුත්ගමගේ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බලපෑම් එල්ල විය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමට ඇති ගේට්ටු ඉබි යතුරු දමා වසා දමා තිබිණි. පැමිණෙන අය පරීක්ෂා කර බලා අදාල පොලිසිය ඔවුන්ගේ අභිමතය අනුව තමන් කැමති පිරිස ඇතුළට ගැනීමට පියවර ගත් බව දක්නට ලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම බේරුණත් ස්වභාව ධර්මයෙන් නම් ගැලවීමක් නැහැ. ලබන ආත්මේ "කාක් කාක්" ගගා තමයි ඉන්න වෙන්නේ.
රටේ යහපත් පුරවැසියකුගේ යුතුකම.. පවතින නීතියට ගරුකිරීම හා එය පිළිපැදීම, ඊට ගරුකිරීමයි. ඒත් අපදකින පොදු දෙයක් තමයි දේශපාලනඥයා ඊට ගරු නොකර අවඥා කිරීම... මින් හැඟීයනුයේ ඔවුන්ට රටේ නීතිය අදාල නැද්ද යන්නයි.. ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස මහජන මුදලින් නඩත්තු කිරීම කොතරම් සාධාරණද?
කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය. මේවට තම ගමන් බලපත්‍ර 2ක් ඕන වෙන්නේ මේක වෙන ආණ්ඩුවක අධිකරණයක්ද කියල හිතෙනවා. සමහර විට සියඹලාණ්ඩුව වෙන්න ඇති.....
ක්‍රීඩා ඇමැති හැටියට ඉන්නකොට මෙයා දන්නේ කැරම් විතරයි.
අවුරුද්දට නෑ ගම් යනවා වගේනේ යන්නේ...
"ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය." මේ අය හිතාගෙන ඉන්නේ කොහොමහරි දවසකටවත් හිරේ ගියහොත් ඒ අය වීරයෝ වෙනවා කියලා....
මේ අයට රිමාන්ඩ් වෙන එක ජීවිතේ ලැබෙන සුදුසුකමක් කියලයි හිතන්නේ. පේනවද ආඩම්බර සිනාව....
ඔන්න බලන්න අපේ මැති ඇමැතිවරුන්ගේ හපන්කම. අනිකුත් අධිකරණවලත් නඩු.
මේක හරියට මෝල්ගහ මිනීමැරුවා වගේ කතාවක්නේ. ස.තො.ස. කියන්නේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ රාජ්‍ය ආයතනයක් බව හා එහි චංචල, නිශ්චල දේපළ සියල්ල මහජන මුදලින් මිලදී ගත් දේවල් බවටත් අධිකරණයට ඒත්තු ගන්වන්න හෝ පැහැදිලි කරන්න කාටවත් බැරිද?
කොහොමද කට්ටිය කිරි සුදු කොක්කු වගේ ජැන්ඩියට ලැහැස්තිවෙලා මේ එන්නේ පෙරහුරුවට වගේ තමන්ගේ වාරේ ආවම තමනුත් මේ ගමන යන්න ඕනෑ බව මේ හැමෝම දන්නවා ඇති.
මේක පුදුම රටක්.. අම්මගේ නීතිය තමයි මේක.
සිලි සිලි මල්ලක අඩුම කුඩුම දාගෙන උසාවියට පැමිණියේ ඇතුළට යන්න බලාපොරොත්තුවෙන්මයි. අඩමානයක් නෑ හෙට ආපහු ඇප ලැබෙයි. එතකොට දැන් " වොයිස් කට් එක" මීටත් වඩා ජවසම්පන්න වෙයි.
ඔය විදිහට ඉතුරු මහා හොරු රැලත් එක එකා ගාල් කළා නම් තමයි යහපාලනය රටේ ආරම්භ වෙන්නේ...
ස.තො.ස හෙට පෞද්ගලීකරනය කරනවා කිව්වානම් මහෙස්ත්‍රාත් තුමියට හරියටම බලාගන්න තිබුනා පොදු දේපලට ගන්න පුලුවන්ද බැරිද කියලා
සියලුම දේශපාලකයන් රටේ දේපොළ, රජයේ දේපොළ කොල්ල කනවා. දෙගොල්ලම එකිනෙකාව ආරක්ෂා කරගන්නවා. මැතිවරණයේදී කියනවා දුසිතයන්ට දඩුවම් දෙනවා කියා. මේ හොරකම් වලින් රටේ ආර්ථිකය දිනෙන්දින පහලට ඇද වැටෙනවා. ආහාර වලින් අධික බදු අයකරනවා, ජලය, විදුලිය, ඉන්ධන සදහා ජනතාවට ඉහල මිලක් ගෙවන්නට සිදුවී තිබෙන්නේ අන්ත දුෂිත දේශපාලකයන්ගේ මේ ක්‍රියා නිසා.
දේශපාලකයන්ගේ හිත දන්නවා දේශපාලනය කිරීමෙන් තමන් හම්බකරගත් මුදල කොපමණද කියා. රජය දුර්වලයි නිතිය ක්‍රියාත්මක කරන්න.
මේ අය පොහොට්ටුවෙන් ඇවිල්ලා මහජනතාව නැවත ඡන්දය දුන්නා. ඉතින් මේ අය හොරුනම් මහජනතාව ඡන්දය දෙයිද? කොහෙහරි මේකේ වැරැද්දක් තියෙනවා.
හොරු බලන්න හොරු යනවා.
මහින්දගේ කාලේ මෙහෙම වුනානම්... අැප හම්බ වෙයිද? එහෙනම් ඔක්කොම ඉවරයි.