තිළිණි ද සිල්වා
ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබාගැනීම සඳහා හිටපු එල්.ටී.ටී.ඊ නායකයකු වන රුද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුතු ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී වැඩසටහනක් දියත් කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
තමන්ට අවශ්‍ය එක්සත් රාජ්‍යයක්ද , ෆෙඩරල් රාජ්‍යයක්ද, සමූහාණ්ඩුවක්ද නැතිනම් වෙනම රාජ්‍යයක්ද යන්න පිළිබඳව විමසීම මෙම ජනමත විචාරණ වැඩසටහනේ අරමුණ වන බව දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයි සඳහන් වේ.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍ය ඇඞ් මෙල්කර්ට් ද එක්ව ඇති බවද බවද වාර්තා වේ.
කැනඩාවේ සිට දියත් කළ මෙම වැඩසටහනින් අනතුරුව ලොව පුරා සිටින එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ඊට අදාළ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇති බවද ටී.ජී.ටී.ඊ. සංවිධානය සඳහන් කියා සිටී. ලාංකීය දෙමළ ජනතාව සිය දේශපාලන අනාගතය ජනමත විචාරණයකින් තීරණය කළ යුතු බවත්, එම ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත්, ටී.ජී.ටී.ඊ. සංවිධානය සංවිධානයේ ප්‍රධානියා වන රුද්‍රකුමරන් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම එවැනි ජනමත විචාරණ තුළින් ලොව පුරා අරගල රැසක් නිමාවට පත් කිරීමට හැකි වූ බවට ටී.ජී.ටී.ඊ. සංවිධානය ඉදිරිපත් කර ඇති උදාහරණවලට වෙනම රාජ්‍යයන් බිහි කළ දකුණු සුඩාන සහ නැගෙනහිර ටිමෝර ජනමත විචාරණ ද ඇතුළත් වන රුද්‍රකුමරන් ප්‍රකාශ කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය කාරණය සඳහා රටින් පිට සිටින ලංකාව ගැන කිසිඳු කැක්කුමක් නැති ද්‍රවිඩ පුද්ගලයින් බුරුතු පිටින් ලංකාවේ පුරවැසි බව ඉල්ලන්නට පටන්ගත්තා. මේබව දැනගත් පසුගිය රජය එ්ක ජන වර්ගයකට පමණක් පුරවැසිභාවය නොදී බැරි නිසා ද්විත්ව පුරවැසිභාවය දීම නවතා දැමුවා. මේ කිසිවක් නොතේරෙන මේ අමන රජය... කොටියා කූඩුවෙන් ඇරියා සේ මේ විනාශයට පාර කැපුවා. දැන් ඉතින් රටින් පිට සිටින "ශ්‍රී ලාංකික පුරවැසි ද්‍රවිඩයින්" රටින් පිටත ඊලාම් රජයක් සදහා පාර කපමින් සිටිනවා.
තමිල්නාඩුවෙන් ගෙනැල්ලා ඡන්දේ ගන්න වෙයි. කාගෙන්ද ජනමත විචාරණයක් ගන්නේ? ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන්ද? මුළු ලෝකෙම ඉන්න මිනිසුන්ගෙන්ද? ලංකාවට ලංකාව නොකියා ලෝකේ කියලා කියන්න වෙයි.
මේ රටේ ඉපදිලා කලා බීලා ලොකුමහත් වෙලා රටටම බෝම්බ ගහලා විනාශ කරන්න බැරි වුණු තැන රටින් පැනලා ගිහිල්ලා පිට රටවල් වල ඉඳලා මිසයිල් එවන්න තමයි මේ දේශද්‍රෝහීන් වලිකන්නේ. ලංකාවේ ජීවත්වෙන දෙමල ජනතාවගෙන් 99.9% කට මේ ඩයස්පෝරා කාරයින්ගේ විකාර වැඩ එපාවෙලයි තියෙන්නේ.
දැන් ඉතින් පඹයින්ට ගෙදර යන්න පුළුවන්. ඒ ගොල්ලෝ බලයේ ඉන්න තරමට කොටි ශක්තිමත් වෙනවා.