ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කිරීම භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමඟ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන මිල ගණන් සීඝ්රයෙන් වැඩිවනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
ලෝක වෙළෙඳ පොළ මිල ගණන් උස් පහත්වීම් පදනම් කරගනිමින් මෙම වැඩිවීම් සිදුවනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
ඉන්ධන මිල ගණන් සඳහා නව මිල සූත්‍රයක් සැකසීමට නියමිතව තිබූ බව ද එම නිලධාරියා කීය. ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල ගණන්වලට අනුව වසරකට දෙවරක් තුන් වරක් මිල ගණන් සමාලෝචනය කරන බව ද හෙතෙම කීවේය. පාඩු ලබන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ඉන්ධන මත පනවා තිබෙන බදු ඉවත් කරන්නැයි ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ පසුගිය සතියේදී කරන ලද ඉල්ලීමක් භාණ්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ඉන්ධන මිල ගණන් අවසන් වරට සංශෝධනය කර ඇත්තේ වසර තුනකට බැවින් ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස හෝ මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස හෝ ඛනිජතෙල් අමාත්‍යාංශය භාණ්ඩාගාරයට දැනුම් දුන්නේය.
“ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 40ක් වී තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ගණන් ස්ථාවර මිලකට ගණනය කරනු ලැබුවා. එහෙත් අද තෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් මිලියන 69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා” යැයි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා කීවේය. ප්‍රෙටල්, ඩීසල් සහ භූමිතෙල් සහනදායී මිලකට අලෙවි කිරීම නිසා මේ වසරේ ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්පූර්ණ පාඩුව රුපියල් බිලියන 9.8කි. විශාලතම පාඩුව සිදු වී ඇත්තේ ‘ලංකා ඔටෝ ඩීසල්’ අලෙවි කිරීමෙනි. ඉන් සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 4.3කි. ‘92 වර්ගයේ පෙට්‍රල්’ අලෙවියෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 2.9ක් වන අතර භූමිතෙල් අලෙවියෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 2.1කි. රජයට එම බර දැරීමට නොහැකි නිසා බදු ඉවත් කරන්නැයි කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ බව භාණ්ඩාගාර නිලධාරියා තහවුරු කළේය.
“අපි ඉදිරි දින කිහිපයේදී මේ ගැන තීරණයක් ගන්නවා. ඒ වගේම විසඳුමක් ලෙස නව මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා” එම නිලධාරියා කීය. සති තුනකට පෙර ලංකා අයි.ඕ.සී සමාගම මිල ගණන් ඉහළ නැංවීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩු තවදුරටත් වැඩී ඇතැයි වාර්තා වේ.
“ලංකා අයි.ඕ.සී සමාගම මිල ගණන් ඉහළ නැංවීමත් සමඟ අපි වෙළෙඳපොළේ සියයට 80ක් පාලනය කරනවා” යැයි මාරසිංහ මහතා කීය.
මෙරට පිරිපහදු කරන ඛනිජ තෙල් නිෂ්පාදනවල පමණක් හෝ බදු ඉවත් කරවාගැනීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඉල්ලීමක් කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති නිලධාරියෙක් කීය.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෛනික සමස්ථ පාඩුව රුපියල් මිලියන 140කට ආසන්න වන බව ද පැවසේ.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්... වෙනසක තියෙන සැප..
හෙට, අනිද්දා ඡන්දයක් නැති නිසා ඒ බදු ඉවත් වෙන්නේ නැහැ. 2020 ලං වෙනකොට අඩුවේවි !!!.
අපිට සැපයි නේද දැන්? අපි නැවතත් සිරයි, රනියයි පත්කරනාවමයි. මේ දෙන්නා මාරයිනේ රට පාලනය කරන්න. අපිට ජයවේවා !
ජයන්ත, මහින්දගේ කාලේ රු. 165 ට දුන්න තෙල් තමා මේ ආණ්ඩුව අවුරුදු 3ක් රු. 117 ට දෙන්නේ කියලා අමතකද?
මිල සුත්‍රය මතක් වෙන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වුනහම , තෙල් මිල අඩුකාලේ මිල සුත්‍රය මතක නැත , කරුණාකර තෙල් මිලේ වැඩි වීමෙන් සංස්ථාවට වන පඩුවෙන් 50% බදු වලින් අඩු කරන්න , ඉතුරු 50% පාරිභෝගිකයා පිට පටවන්න.
2014 තෙල් බැරල් එක ඩොලර් 115, 2014 ඩොලර් එක 132 අද තෙල් බැරල් එක 69 ඩොලර් එක 158... එ්ත් 2014 රුපියල් 4500ක් විතර තෙල් බැරල් එක ගාන වැඩියි. එහෙම බැලුවහම මිල වැඩි කිරීම අසාධාරණයි.
ලක්ෂ 62 ජනතාවනි, ඔබට සතුටුයිද දැන්....? ඔබලා වෙනුවෙන් මහබැංකුව හොරා කාලා, බුද්ධාගම විනාශ කරන්න ක්‍රම හදලා, මහජාතිය වන සිංහල ජාතියට යන එන මං නැති කරලා, අන්තවාදය හුරතල් කරලා, හොඳටම බදුත් ගහලා බඩු මිල වැඩි කළාට පුන්නක්කු වල නම් ගණන් අඩු කරලලු.. ඔයගොල්ලොම වෙනුවෙන් කියලා. වෙනස හරි සනීපයි නේද?
දේශපාලන වාසි බලාගෙන ඉන්ධන මිල පහල දැමීමෙන් රටට වුනු පාඩුව ඉතා විශාලයි. මේක වැඩි කරන්න තිබුනේ ගොඩක් කාලෙකට කලින්.
මහින්දගේ කාලේ රු. 165 ට දුන්න තෙල් තමා මේ ආණ්ඩුව අවුරුදු 3ක් රු. 117ට දුන්නේ සහතික ඇත්ත... මැරිලා ඉපදුන අයනේ ඉන්නේ, අධිකරණයෙන් තීන්දු කරලත් අඩු කලේ නැහැ ඒ කාලේ...