‘පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට තියන්න විරුද්ධ ශ්‍රිලනිපය විතරයි’ පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර සෙසු සියලූම දේශපාලන පක්ෂ කැමැත්ත පළ කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 03 October 2018
කරදියාන කසල රැඳවුමෙන් බොල්ගොඩ වැවත් ඉවරයි කරදියාන කසල රැඳවුම් හේතුවෙන් බොල්ගොඩ ගඟ විනාශ වෙමින් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනවලදී හෙළිවී ඇත. 03 October 2018
‘හමුදා නීතිය රට තුළට ගෙන ඒමට වුවමනා නෑ’ ආවා කල්ලිවල තරුණ දරුවන් මර්දනය කිරීමට යුද හමුදාව භාවිතා කළ හොත් එය ලෝකයට වැරදි පණිවිඩයක් දෙන කරුණක් වන බවත් හමුදා නීතිය රට තුළට ගෙන ඒමට කිසිදු උවමනාවක් නොමැති බවද රාජ්‍ය පරිපාලන නීතිය සාමය අමාත්‍යය රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේය. 03 October 2018
අඩු ආදායම් ලාභීන්ට රුපියල් කෝටි 495 ක මූල්‍යාධාර අඩු අදායම් ලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන් සඳහා මුල්‍යාධාර ලබාඅදීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 495ක් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. 03 October 2018
දෙවැනි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරේ නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටවනු ලැබු දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අගවිනිසුරු පියසාද් ඩෙප් මහතා විසින් අද (03) පත් කරන ලදී. 03 October 2018
දූෂණ සෙවීමෙනුත් දූෂණ වී යැයි දූෂණ විරෝධී හඬ කියයි මෙරටින් අයථා ලෙස බැහැර කර හොංකොංහි ජාත්‍යන්තර බැංකු ගිණුමක තැන්පත් කර ඇතැයි කියන ඩොලර් මිලියන 22ක මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් 03 October 2018
ශිෂ්‍යත්ව ප්‍රතිඵල 05 වැනිදා නිකුත් කෙරේ මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල 05 වැනිදා නිකුත් කරන බව විභාභ දෙපාර්තමේන්තුව පවසයි. 03 October 2018
‘හීනෙන්වත් මහින්ද සමඟ දේශපාලනය කරන්නේ නෑ’ මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය එදා සිටම තමා අනුමත නොකරන නිසා හීනෙන්වත් ඔහු සමඟ එකට එක්ව දේශපාලනය නොකරන බව තිරසර සංවර්ධන හා වනජීවි ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 03 October 2018
වෙඩි වැදී පුද්ගලයෙක් රෝහලේ හම්බන්තොට උඩමලල ප්‍රදේශයේදී අද (03) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. 03 October 2018
රටේ නීතීය පාසල් පෙළ පොතට ඇතුළු කිරීමට යයි රටේ නීතිය පාසල් පෙළ පොතට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව අධිකරණ හා බන්ධනාගාර ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 03 October 2018
ළමා ආරක්ෂක පත්වීම් ගැන විගණන විමසුමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය හා එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයෙන් විගණන විමසුමක් කර ඇත. 03 October 2018
‘දුෂණය - වංචාව යන රකුසන් ඉවත් කිරිම ලේසි නෑ’ - ජනපති දුෂණය,වංචාව හා නාස්තිය නිධන් ගතවී ඇති හෙයින් මේ රටින් ඒ රකුසන් ඉවත් කිරිම හිතන තරම් ලෙහෙසි පහසු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා පැවසීය. 03 October 2018
නිසි පරීක්ෂණ නොකළැයි පොලීසියේ 17 කට ස්ථාන මාරු රුපියල් ලක්ෂ 10 මුදල් සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක ට නිසි පරීක්ෂණයක් සිදු නොකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලූ එම අංශයේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට අද (3) සිට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 03 October 2018
පිදුරංගල මත නැග අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා යළි රිමාන්ඩ් පිදුරංගල ගල මත නැඟ අසභ්‍ය ලෙස ඡායාරූප ගෙන සමාජ ජාල හරහා පළ කළ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගලේවෙල තරුණයින් තිදෙනා 10 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස දඹුල්ල මහෙස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා අද නියෝග කළේය. 03 October 2018
යතුරුපැදි - ලොරි අනතුරින් පොලිස් සැරයන් මරුට කුඩානෙළුබෑව ඇගලුම් කම්හල ආසන්නයේ දී අද (3) උදෑසන යතුරුපැදියක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් වු අනතුරින් පොලිස් සැරයන්වරයකු මියගිය බව හිදෝගම පොලිසිය කියයි. 03 October 2018
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට මුදල් දෙගුණ කිරීමේ ජාවාරම් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන රුපියල් පන්දහසේ නෝට්ටු සහ ව්‍යාජ මුදල් නෝට්ටු විශාල තොගයක්ද සමඟ කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු අද (03) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි. 03 October 2018
පලාගිය ‘කුඩු සුද්දි’ අත්අඩංගුවට හෙරොයින් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන හික්කඩුව පොලිසියේ රඳවා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදි පලා ගොස් සිටි කාන්තාව අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි. 03 October 2018
මන්නාරම සමූහ මිනී වලෙන් හමු සිරුර ගණන 151 දක්වා ඉහළට මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් අද (03) උදෑසන වන විට සිරුරු කොටස් 151 ක් හමුවී ඇති බවටත් ඒ අතර කුඩා ළමුන් 14 දෙනෙකුගේ පමණක් සිරුරු කොටස් හමු වී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය. 03 October 2018
ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් ගම්පොළ පුස්සැල්ලැවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 03 October 2018
රිලවා කැඩු කුරුම්බා ගෙඩිය හිසට වැටී කතක් මරුට නිවසේ ගෙමිදුලේ සිටියදී රිලවකු විසින් කඩා දැමු කුරුම්බා ගෙඩියක් හිස මතට වැටීමෙන් මාතලේ වටගොඩ හුලංගමුවේ කාන්තාවක් මිය ගිය බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. 03 October 2018
ගංජා සමඟ පාසල් සිසුන් 6 ක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකපිට බදුල්ලේ ප්‍රසිද්ධ පාසල් තුනක ඉගෙනුම ලබන සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 October 2018
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1347 දක්වා ඉහළට ඉකුත් සිකුරාදා (28) ඉන්දුනීසියාවේ සුලාවෙසි දූපතට බලපෑ භූ කම්පනයෙන් හා සුනාමියෙන් මියගිය ගණන 1,347ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට බලධාරිහු පැවසූහ. 03 October 2018
කඩු පොලු රැගෙන හයක් මහ රෑ ඇවිත් තරුණිය පැහැරගෙන යති අම්බලන්තොට, වලවවත්ත නිවසකට 02වනදා රාත්‍රි කඩාවැදුණු හය දෙනකුගෙන් යුත් පිරිසක් නිවසට වෙඩි තබා නිවැසියන් බියකර නිවසේ සිටි 17 හැවිරිදි තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව ඇගේ මවුපියන් අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර ඇත. 03 October 2018
කැකිරාව ඉන්ධන පිරවුම්හලකට අයත් ලක්ෂ 10 ක් කොල්ලකාලා කැකිරාව මරදන්කඩවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අයත් ලක්ෂ 10කට අධික මුදලක් අද (02) යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලකා පලාගොස් ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 02 October 2018
ආන්දෝලනාත්මක පුවත්පත් සාකච්ඡාවක් පවත්වන බව පොලිස්පති කියයි ආන්දෝලනාත්මක විශේෂ පුවත්පත් සාකච්ඡාවක් ලබන මාසයේදී පවත්වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ‘‘ලංකාදිපයට‘‘පැවැසීය. 02 October 2018
කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු අතර උණුසුම් සංවාදයක් පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවාද නැතිනම් පැරණි ක්‍රමයට පවත්වනවාද යන්න සම්බන්ධයෙන් අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඇමැතිවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ බව වාර්තාවේ. 02 October 2018
මහඇමැති විග්නේෂ්වරන්ට බදු රහිත වාහන ආනයන බලපත් නිකුත් කිරිමේ යෝජනාව ඉවතට උතුරු පළාත් මහ ඇමැති සී.වි. විග්නේෂ්වරන් මහතාට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කිරිම සඳහා බලපත්‍රයක් නිකුත් කිරිමට ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අද (2) ප්‍රතිකේෂ්ප කරනු ලැබීය. 02 October 2018
පොලිස්පතිවරයා - පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කළ යුතුයි - ජනපති පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුව කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 October 2018
යටියන්තොට වෙඩි තබාගැනීමකින් දෙදෙනකු මරුට යටියන්තොට හල්ගොල්ල ප්‍රදේශයේ උඩගිල්ම වත්තේ දී අද (02) කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙක් එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලිසිය කියයි. 02 October 2018
‘මාව අංගොඩ යැව්වත් - මගේ ජිවිතේ නැති වුණත් විමර්ශන වලට සහය දෙනවා’ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මාව අංගොඩ යවනවා කිව්වත්, මගේ ජීවිතේ නැතිවෙනවා කිව්වත් මට ඒ දේවල්වලින් ප්‍රශ්නයක් නැහැ. මේ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යන්න මම 02 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026