හර්ෂණ තුෂාර සිල්වා
දේශපලාන අර්බුදය මධ්‍යයේ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (26) 181 සීමාව ඉක්මවා යමින් තවදුරටත් අවප්‍රමාණය විය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 181.54ක් ලෙසත් ගැනුම් මිල 177.59ක් ලෙසත් දැක්විණි.
පසුගිය සිකුරාදා (23) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 180.66ක් ලෙස සටහන්ව තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.3කින් අවප්‍රමාණය වී තිබේ.
‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 17.2කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය.
වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි. කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා ද කල් දමා ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය නොවැම්බර් 14 වැනිදා වනවිට එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් එය වසර අවසන් වනවිට ඩොලර් බිලියන 7.8ක් දක්වා වැඩිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනෙක පැවැසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද මේක ගොඩ ගන්න සක්කරයාටවත් බැරි හැඩයි.
බන්දුල මහත්තයා කිව්වේ 180 ස්ථාවරව තියාගන්නවා කියලා. ඒ කියන්නේ 180 ඉඳලා 189.99 වෙනකම් ම 180 මයි. හරියට 2500.00 ජීවත් වෙනවා වගේ.
මේක යන යැවිල්ල හොයාගත්තනම් ඉක්මනට අගහරු ලෝකයටත් ගිහින් එන්න පුලුවන්....... රුපියලට පස්සට දුප්පත් අපි වල පල්ලට.... සේරම දේශපාලනය කරන්නන් විනාශ වෙලාම යන්න ඔනා...
රුපියල? ඔන්න ඕක දාල පාර්ලිමේන්තුවේ 113 හදා ගන්න බලන්න....
ඉක්මණට බන්දුල මහත්තයා ඇහැරවන්න.
හැම අටමගලටම රනිල්ගේ මුතුන් මිත්තන් මතක් කරනවා මිසක් රටට යන කලක් ගැන සොයන්න කවුරුවත් නැහැ.