අංජුල මහික වීරරත්න
සියලුම ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීම සඳහා ලබන 30 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මේ වනවිට ආණ්ඩුවක් නොමැති බව හෑන්සාඩ් වාර්තාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා ඒ අනුව මූල්‍ය බලය සෘජුව පාර්ලිමේන්තුව සතු බවද කීය.
29 වැනිදා අග්‍රාමාත්‍ය වියදම් කප්පාදු කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරන බවද චම්පික රණවක මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු නියෝග මත කටයුතු කරන්නැයි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඇතැම් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි. ඇමතිවරුන්ගේ විතරක් මන්ත්රීවරුන්ගෙත් වියදම් කපා හරිමුකෝ .....
ලැජ්ජ බෙදන තැන පෝලිමේ හීනෙන්වත් ඉඳලා නෑ. අපි නම් ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට මැස්සො වහන හින්දා නොවේ...
ඇමැතිවරු වෙලා හිටිය කාලෙදි කළා නම් තමයි හොඳ... දැන් අනුන්ගේ වියදම්නේ කපන්නේ..
අන්න හරි මහත්තයෝ, ඕක ඔබලාගේ ආණ්ඩුවෙන් නොකළේ ඇයි? දැන්ද ඒවා කරන්න ඕනේ... හරියට හරි කරන්න ඊළඟට එන ආණ්ඩුවලටත් එක්ක. මන්ත්රීලගේත් වියදම් කපන්න නියමයි.
ඇමති මන්ත්‍රී දීමනා වැටුප් කප්පාදු කරන ගමන් කාර් පර්මිට් සමග පැන්ෂන් එකත් සම්පූර්ණයෙන් නවතා දමන යෝජනාවක් ගෙන එන්න. නැවත කිසිම රජයකට මේ වරප්‍රසාද දිය නොහැකි ආකාරයට යෝජනාව ගෙන එන්න.
මෙවැනි අය දේශපාලනයෙන් තුරන් කරන්න ඕනේ !!
මේ කියන්නේ හැමදාටම නොවෙයි බහුතරයක් නොමැති පාලක පක්ෂයේ ඇමතිලා ගැනයි.
අනන් මනං නොකියා යන්න ඡන්දයකට. ගිහින් ජනතාව ඔබට තිබෙන කැමැත්ත උරගා බලන්න. ඇයි භය? මේගොල්ලෝ ඡන්දෙකට නොයන හේතුව වත් කියන්නේ නැත.
ඇමති වියදම් කපන එක හොඳයි . මේ අයගේ වාහන වියදම් අමතර දීමන සියල්ල කැපිය යුතුයි...