වවුනියාවේ පත්‍රිකා බෙදුවේ ආවා නෙමෙයිලු ආවා කල්ලිය නමින් වවුනියාව ප්‍රදේශයේ අත්පති‍්‍රකා බෙදීමේ සිද්ධිය ආවා කල්ලි සාමාජිකයන්ගේ කි්රයාවක් නොවන බවත් මෙහි පිටුපස සිටින පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශ යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා අද (4) පැවසීය. 04 October 2018
රජය ගැන ආයෝජකයන් - ව්‍යාපාරිකයන් තැබූ විශ්වාසය කඩා වැටිලා කඩා වැටෙන අර්ථිකය,බාල්දු වෙන රුපියල රැක ගැනීමට වත්මන් රජයට වැඩ පිළිවෙළක් නොමැති බවත් මේ රජය පිලිබඳ ව්‍යවසායකයන්,ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් තැබූ විශ්වාසය කඩා වැටී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා කොළඹදී අද (04) පැවසීය. 04 October 2018
දින 12 කදී උප්පැන්න සහතික 4,191 ක් නිකුත් කරේ උප්පැන්න සහතික නිකුත් කිරිමේ කඩිනම් සේවාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී ආරම්භ කිරීමත් සමග දින 12ක් ඇතුළත දී උප්පැන්න සහතික 4,191 ක් නිකුත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 04 October 2018
සීඅයිඩීය දුන් සීඩී තැටියේ බැඳුම්කර වාර්තාව නෑ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉකුත් 2017 අගෝස්තු මස 02 වැනිදා බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශන කොමිසමේදී ලබාදුන් සාක්ෂි ඇතුළත් හඬ පට සහිත සී ඩී තැටි දෙකක් කොළඹ 04 October 2018
සත්කාරක රාජ්‍ය ගිවිසුම් දෙකක් හරිත දේශගුණික අරමුදලේ හා කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සත්කාරක රාජ්‍ය ගිවිසුම් දෙකකට එලඹීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. 04 October 2018
මව සමඟ රෝහලට ගිය දරුවා සති දෙකක් තිස්සේ අතුරුදන් මැදිරිගිරිය යාය 7 බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ අවුරුදු 11 පමණ වයසැති පිරිමි දරුවෙකු පසුගිය සැප්තැම්බර් මස 16 වන දින තම මව සමඟ පොලොන්නරුව මහ රෝහලට ප්‍රථිකාර ගැනීමට පැමිණි අවස්ථාවේදී අතුරුදන්ව ඇතැතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 04 October 2018
ලොරිය දුම්රියේ ගැටී දෙදෙනෙක් රෝහලේ ගාල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හික්කඩුව වවුලගොඩ දුම්රිය හරස් මාර්ගයේ දි අද (04) පස්වරුවේ මාතර සිට නුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ලොරි රථයක් ගැටිමෙන් ලොරි රථයේ රියදුරු හා සහායකයා බරපතල තුවාල රෝහල් ගතකොට ඇති බැව් හික්කඩුව පොලිසිය කියයි. 04 October 2018
රංජන් රාමනායක සී අයි ඩී යට යයි සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද (04) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 04 October 2018
අගමැති නෝර්වේ රොබෝ තාක්ෂණ ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ සිය තෙදින නිල සංචාරය ආරම්භ කරමින් ඔස්ලෝ නුවර එක්ස් එක්ස් එල් (XXL) ගබඩා සංකීර්ණයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගබඩා කටයුතු නිරීක්ෂණය කළේය. 04 October 2018
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකයට සම්බන්ධ සියළු ආයතන එකම යාන්ත්රණයකට දිනෙන් දිනම උග්‍ර වන ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම සම්බන්ධ අමාත්‍යාංශ සහ සියලුම ආයතන එක යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය. 04 October 2018
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට 7 ක් අතර තරගයක් පුරප්පාඩු වී ඇති දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුර සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන් 7 දෙනෙකු අතර තරගයක් පවතින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. 04 October 2018
කොපමණ උපවාස කළත් නඩුවක් වෙන අධිකරණයට මාරු කරන්නේ නෑ’ කොපමණ කාලයක් උපවාස කළත් අධිකරණයේ ඇති නඩුවක් වෙනත් අධිකරණයකට මාරු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ 04 October 2018
නිදහස් වෙළඳ ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි යැයි ගොනු කළ පෙත්සම කල්යයි සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සළකා බැලීම ලබන ජනවාරි 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී. 04 October 2018
ලක්ෂ 10 ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 කට වැඩි වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් ගමන් මල්ලක සූක්ෂම ලෙස සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන්තොටුපළ පොලීසිය විසින් අද (4) අත්අඩංගුවට ගනු ලැබීය. 04 October 2018
නලීන් බණ්ඩාර රවටා මිලියන 21ක් ගත්තැයි නඩුවේ විත්තිකරුවන්ට සිතාසි මීරීගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නීතීය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කරන ලදැයි චෝදනා ලැබ සිටින විත්තිකරුවන්ට ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (04) සිතාසි නිකුත් කළේය. 04 October 2018
රුපියල තවත් බහී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (4) පහළ වැටිණි. 04 October 2018
‘වර්තමාන සිද්ධි පිළිබඳ මාධ්‍ය වාර්තා කරන දේ සහ සැබෑ දේ අතර වෙනසක් තියෙනවා‘ වර්තමාන සංසිද්ධි ගැන මාධ්‍ය වාර්තා කරන දේ සහ මහ පොළොවේ සැබෑ ලෙස සිදුවන දේ අතර පැහැදිලි වෙනසක් තිබෙව බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 04 October 2018
අමාත්‍යංශ නියෝගයෙන් විදුහල්පතිවරු දෙලොවක් අතර කුලියාපිටිය ප්‍රධාන පාසලක මේ දිනවල පවත්වන අධ්‍යාපන ප්‍රදර්ශනයකට පාසල් දරුවන් අනිවාර්යයෙන්ම සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත. 04 October 2018
පරිපාලන සේවා සීමිත බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවයි ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවා ඇතැයි රාජ්‍ය සේවා කොමිසම පවසයි. 04 October 2018
මාස නමයකට අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් 32 ක් අත්අඩංගුවට මෙම වසරේ ගතවූ මාස නමයක කාලය තුළ අල්ලස් ලබාගත් රාජ්‍ය නිලධාරීන් 32 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ලංකාදීපයට පැවසීය. 04 October 2018
දඹුල්ලේ එළවළු මිලදී ගන්න ආපනශාලා හිමියන්ගේ සංගමය සූදානම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විකුණාගත නොහැකිව දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙන ගොස් දමන එළවළු කොළඹ මැනිං වෙළෙඳපොලට ගෙනැවිත් දීමට රජය කටයුතු කරන්නේ නම් ඒවා මිලට ගැනීමට සූදානම් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 04 October 2018
දියේ ගිලුණු ළමයෙකු සොයා ගිය කිමිදුම්කරුවෝ 6 ක් ගිලී මරුට මලයාසියාවේ සෙපැන්ග් දිස්ත්‍රික්කයේ පතලක ගිලුණු ළමයෙකු සොයා කළ මෙහෙයුමකදී ජීවිතාරක්ෂක කිමිදුම් භටයන් 06දෙනකු දිගේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. 04 October 2018
බැඳුම්කර සැකකරුවන් සිටින සිර මැදිරියෙන් ජංගම දුරකථන 20ක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුත් ජංගම දුරකථන ඇතුළු ජංගම දුරකථන 20ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. 04 October 2018
නඩු ලක්ෂ හත හමාරක් ගොඩගැහිලා අධිකරණවල නඩු හත් ලක්ෂ පනස් දහසක් පමණ ගොඩගැසී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 04 October 2018
අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක්ට තුවාල අතුරුගිරිය වානේ සංස්ථාව ඉදිරිපිට මීට මද වේලාවකට පෙර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර ඇත. 04 October 2018
චීන සමාගමක ගබඩාවක ගින්නක් බණ්ඩාරගම පානදුර මාර්ගයේ පිහිටි චීන සමාගමකට අයත් ගබඩාවක අද (4) ඇති වු ගින්නකින් ගබඩාවේ දේපල වලට බරපතල අලාභ හානි සිදුවී ඇතැයි පානදුර පොලිසිය පවසයි. 04 October 2018
ලිංගික අතවර ගැන ෂර්මිලා ගෝනවලගේ ප්‍රකාශයට කොමසාරිස්ගේ අප්‍රසාදය කොළඹ මහ නගර සභාවේ ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට නාගරික මන්ත්‍රීනි ෂර්මිලා ගෝනවල මහත්මිය මහ සභාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළකරන අතර එය 04 October 2018
යුද හමුදා මාණ්ඩලික ප්රධානීට මාස තුනක සේවා දිගුවක් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතාට ජනාධිපතිවරයා මාස තුනක සේවා දිගුවක් ලබා දී ඇති බව යුද හමුදාව කියයි. 04 October 2018
‘උකුසු රොකට්ටුව’ අනාගත ලෝකය වෙනස් කිරිමට සැරසෙයි ඊලෝන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම විසින් හඳුන්වාදීමට බලාපොරොත්තු වන නවතම රොකට් යානය පිළිබඳ තොරතුරු මේ වන විට අනාවරණය වී තිබේ. 04 October 2018
ටෙන්ඩරය දුන්නේ සුදුසුකම් නැති සමාගමකටලු රාජ්‍ය බැංකුවක පරිගණක ජාලගත කිරීමේ ව්‍යාපෘති ටෙන්ඩරය සුදුසුකම් නොමැති සමාගමක් වෙත ලබාදීමේ සූදානමක් ඇතැයි ද එහි පාලනාධිකාරිය අදාළ සමාගමට ටෙන්ඩරය බාර දෙනු ලැබුවහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. 04 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026