නෑබඩ ගෙදරක සිරවී සිටි සිව් දෙනෙක් බේරා ගනිති කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස් කන්දක් නාය යාමෙන් එක් නිවසක සිරවී සිටි එකම පවුලේ හතර දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 07 October 2018
අකුරණ අදත් ජලයෙන් යට වෙයි මහනුවර ප්‍රදේශයට අද (06)සවස් කාලයේ ඇද හැළුණ් ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය අද ජලයෙන් යටව ඇති අතර මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනයද මේ වන විට ඇන හිට තිබේ. 06 October 2018
ගංවතුරට හසුවී පුද්ගලයන් කිහිපදෙනකු අතුරුදන් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ලේදොල,ඔලගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකු හා අගලවත්ත රත්මලේ ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු ගංවතුරට හසුවී අතුරුදහන් වි ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය 06 October 2018
අධික වැසි හේතුවෙන් වැලිපැන්න පිවිසුම වසා දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොල 06 October 2018
කඩුවකින් කළ පහරදීමකින් අයෙකුට බරපතල තුවාල රන්න නිදහස්ගම ඔස්කා ගම්මානයේදී අද (06දා) සවස දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුර දිග යාමෙන් පසු කඩුවකින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ තිස්තුන් හැවිරිදි අයෙකු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හුංගම පොලිසිය පවසයි. 06 October 2018
ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන ගිය අයෙකු අත්අඩංගුවට ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවකු අද (6) දහවල් කොටවෙහෙර මොන්නැකුලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි. 06 October 2018
හිරිකටුඔයේ දියනෑමට ගිය තරුණයෙක් මරුට බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හිරිකටුඔයේ පහන් තුඩාව වලට වැටි තරුණයෙකු මිය ගොස් තවත් තරුණයෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට අද (06) පස්වරුවෙි ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් අැත්තේ කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 22 ක තරුණයෙක් බව කියයි. 06 October 2018
වැස්සෙන් - සුළඟින් මහනුවර නිවාස 30 කට හානි උඩුනුවර ප්‍රදේශයේ වර්ෂාව සමගින් හමා ගිය දැඩි සුළඟකින් ඊයේ (05) පස්වරුවේ නිවාස 30 කට පමණ හානි සිදුවි ඇති අතර පුද්ගලයන් 120 ක් පමණ අවතැන් වී සිටියි. 06 October 2018
නීතිවිරෝධීව දුම්වැටි ගෙනආ චීනජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට චීනයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ශ්‍රී ලංකාවට ගෙන ආ චීන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 06 October 2018
කතරගම වන්දනාකරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් කතරගම දේවාලය වැඳ පුදා ගැනිමට යමින් සිටි වන්දනාකරුවන් පිරිසකට දේවාලයට පිවිසෙන මාර්ගයේ පිහිටි අංක දෙක පාලම අසලදී බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි කතරගම පොලිසිය පවසයි. 06 October 2018
ඉන්දියාව තෙල් මිල අඩු කරයි පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.50කින් අඩු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති අතර මේ නිසා රජයට අයත් ඛනිජ තෙල් අලෙවිකරණ සමාගම්වලට දැඩි පීඩනයක් එල්ල වී ඇතැයි ද පැවසේ. 05 October 2018
ඝාතන කුමන්ත්‍රණය ගැන පොලිස් කොමිසමේ ලේකම්ගෙනුත් ප්‍රශ්න කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් සමන් දිසානායක මහතා කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි. 05 October 2018
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිවර්ධන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කරන්නැයි නියෝග කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වහාම වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර මඩකලපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව එම කොමිසමේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. 05 October 2018
කොළඹ පුරසබේ ප්‍රධාන සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී උසාවි කැඳවයි නඩුවක සාක්කි ලබාදීමට මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතාට අධිකරණයට යාමට ඉඩ ලබා නොදුන්නේ කුමන බලයක් මතදැයි විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර මහතා කොළඔ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට අද (5) නියෝග කළේය 05 October 2018
‘එෆ්සීඅයිඩිය විසුරුවන්න රජය ක්‍රියා කළ යුතුයි’ එෆ්.සී.අයි.ඩීය විසුරුවා හැරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එය නීති විරෝධී ආයතනයක් බවත් මෙම නීතිවිරෝධී ආයතනයට එරෙහිව මේ වනවිට සුප්‍රීම් අධිකරණයට ගොස් තිබෙන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 05 October 2018
පකිස්තාන ආරක්ෂක ලේකම් ලක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි මෙරට සංචාරයක නිරත වී සිටින පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (වි) ඉක්රම් උල් හක් මහතා සිය සංචාරය අතරවාරයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු වී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය. 05 October 2018
‘නොර්වේ රාජ්‍යයේ නව දැනුම හා සහය ලංකාවට ලබා දෙන්න සුදානම්’ නිල ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ ශ්‍රී ලංකාවට උදාවන නව අවකාශයන් හරහා සංවර්ධන අවස්ථාවන් ගොඩනංවා ගැනීමට නොර්වේ රාජ්‍ය සතු අත්දැකීම්, නව දැනුම හා සහය ලබා දීමට සූදානම් බව නොර්වේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය නිකොලායි අස්ට්‍රප් මහතා සමඟ පැවසීය. 05 October 2018
කතරගම පොලිස් ස්ථානාධිපති ඉවත් කරන්න නියෝග කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ උපාලි මහතා වහාම එම ධුරයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට නියෝග කළේය. 05 October 2018
කිලිනොච්චි එස්.එස්.පී උසස් නොකිරීමේ තීරණය උසාවියෙන් නවත්වයි කිලිනොච්චිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම ලබා දුන් නිර්දේශය ක්‍රියාත්මක නොකිරීමට පොලිස්පති , නීතිය හා සාමය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා ගත් තීරණය වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. 05 October 2018
‘යහපාලනය පවතින තාක් පාතාලය මර්දනය කරන්න බෑ’ යහපාලන ආණ්ඩුව පවතින තුරු මෙරට පාතාලය මර්දනය කළ නොහැකි බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (5) කොළඹ දී පැවසීය. 05 October 2018
විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති පුටුවට හිල්මි පත්වෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 17 වැනි සභාපතිවරයා වශයෙන් ඒ.ඒ.එම්.හිල්මි මහතා අද දින (5) නිල වශයෙන් රාජකාරි ආරම්භ කළේය. 05 October 2018
ජොන්ස්ටන්ගේ ඇපෑල විභාගයට ගන්න අධිකරණයෙන් අවසර ලක් සතොස ආයතනයෙන් භාණ්ඩ අවභාවිත කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නඩු විභාගය නිමවන තුරු රිමාන්ඞ් බාරයට පත් කර සිටින තමන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් 05 October 2018
දිස්ත්‍රික්- ප්‍රා.ලේ කාර්යාලවල පරිපාලන වැඩ කරන්න ඩ්‍රෝන තාක්ෂණය දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වන පරිපාලන කටයුතු වඩාත් සාර්ථක කරගැනීම සඳහා ද ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. 05 October 2018
නිදි යහනේ දුරකතන භාවිතයෙන් අහිතකර ප්‍රතිඵල නිදන කාමරය තුළ ජංගම දුරකතන භාවිතා කිරීම සහ රාත්‍රී කාලයේ දිගු වේලාවක් කාමරය තුළ ජංගම දුරකතන තබා ගැනීම සෞඛ්‍ය ගැටලූ රැසක් ඇතිවිමට හේතු වී ඇතැයි සෞඛය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 05 October 2018
මන්ත්‍රී ෂර්මිලා ගෝනවලගේ ප්‍රකාශය ගැන හොයන්න කමිටුවක් කොළඹ මහ නගර සභාවේ නිලධාරීනින් හට ඉහළ නිලධාරීන්ගෙන් ලිංගික අතවර සිදුවන බවට නාගරික මන්ත්‍රීනි ෂර්මිලා ගෝනවල මහත්මියගේ ප්‍රකාශයට එරෙහිව එහි දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ඉදිරිපත් කර ඇති ලිපියක් සම්බන්ධයෙන් සොයා බැලීමට දස පුද්ගල ස්වාධීන කමිටුවක් පත්කර ඇත. 05 October 2018
අංගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට අංගොඩ ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ. 05 October 2018
9 වැනි දා පාර්ලිමේන්තු රැස්වීමේ දී ඒකාබද්ධයෙන් විරෝධතාවයක් රටේ ප්‍රශ්නවලට එරෙහිව ලබන 9 වැනි දා පාර්ලිමේන්තු රැස්වීමේ දී ලොකු විරෝධතාවයක් මතු කිරිමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත. 05 October 2018
සාම නොබෙල් ත්‍යාගය කොංගෝවට-ඉරාකයට කොංගෝ රාජ්‍යයේ ඩෙනිස් මුක්වේගේ සහ ඉරාකයේ නාඩියා මුරාද් මේ වසර සඳහා පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා බව නොබෙල් කමිටුව මීට ස්වල්ප වේලාවකට පෙර නිවේදනය කළේය. 05 October 2018
‘හිංසනයට ලක්වූ දැරියට වෙනත් පාසලක් දෙන්න’යි නියෝග කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික බාලිකා විදුහලක දැරියකට කෲර සහ අවමන්සහගත සැලකිල්ලට භාජනය කෙරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම දැරිවියට අධ්‍යාපනයට සුදුසු වෙනත් පාසලක් ලබාදීමට කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශට අද (05) නියෝග කළේය. 05 October 2018
උපාලි තෙන්නකෝන්ට පහර දීමේ නඩුව ජනවාරි 11 ට කල්යයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදී තුවාල සිදු කළැයි කියන නඩුව අද (05) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේදී ලබන වසරේ ජනවාරි මස 11 වැනිදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා නියෝග කළේය. 05 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026