(රංජන් කස්තුරි)
රටතුළ උද්ගතව තිබෙන අවුල්සහගත දේශපාලන වාතාවරණය නිමා කිරීම සඳහා කඩිනම් විසඳුමකට එළඹීමේ ක්‍රියාමාර්ග ගැනීමට කතානායකවරයා සමඟ අද (29) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟතාවය පළකළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ සඳහා විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟද වෙන වෙනම හෙට (30) සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර අද (29) කොළඹ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට එක්කෝ කව්රුහරි ගිහින් ඇඟිල්ලෙන් ඇනලම කියන්න ඕනේ. නැත්නම් පත්තරෙන් දකින්න ඕනේ.
හෙට සිකුරාදා .. ඒත් කිසිම විශේෂයක් නැහැ...
"සමගිය බලය වේ".ඉතාමත් කාලෝචිත පියවරක්. පක්ෂ විපක්ෂ සියලු දෙනා අපේ රටේ අයයි. එබැවින් වාද භේද දුරලා එක මතයකට පැමිණ රටට යහපතක් කිරීම සැමගේ වගකීමයි. ස්ථාවර රජයක් සාදා එවෙලේම හෝ පාර්ලිමේන්තුව විසිරුවා මහමැතිවරණයකට ගොස් සුදුස්සන් බලයට පැමිණීම සිදුවිය යුතුයි.පක්ෂ පාට කව්රුන් හෝ උවත් ජනතා කැමැත්ත අනුව පත්වෙන රජයකට අප එකඟයි.
මේක හරියට පක්ෂෙන් කරපු නිවේදනයක් වාගේනෙ - මෙයාගේ නිවේදනයෙන්ම පේනවා මෙයාගේ ස්වාධීනකම
එකඟතාවය? ආප්ප කෑම තහනම්, අලෙවිය හෝ නම භාවිතය තහනම්.
අපේ රට අවුල් සහගත කරපු බූරුකමේ බැරෑරුම දැන්වත් තේරෙනවා නම් හොඳයි.
අපරාදේ නේ ගරු කතානායක තුමා සිය වටිනා කාලය නාස්තිකරේ අරයා එක්ක සාකච්ඡා කරන්න ගිහින්..! වර්තමාන ජනාධිපති කියන්නේ එකක් කියා වෙන දෙයක් කරන පුද්ගලයෙක් බව කතානායකවරයා තවම දන්නේ නැද්ද? සිරිසේන උන්නැහේ වනාහි උදේට එකක් කියා, දවල්ට කන්න කෙහෙල්කොලේ ඔතාපු බත්පොජ්ජ දිගහරිනකොට තව එකක් කියන, රෑ බත බුදින විට වෙනමම කතාවක් දෙසාබාන කිසිම විශ්වාසයක් තැබිය නොහැකි මේ රටේ මෙතෙක් පහළ වූ අසාමාන්‍ය චරිතයක් වග කතානායක තුමා දැන්වත් තේරුම් ගත යුතු වෙනවා!!!
එතකොට උස නම් සෙකියුරිටි කොටනම් කම්කරු කියන තැනට රට තල්ලු වෙයිද? එයාව "දැලේ දාගන්න බොහොම වලි කෑවා" කියල ගුණ සමරු පින්කමකදී එක්කෙනෙක් කියනවා අපිට අහන්න ලැබුණා.
අවනීතිය ක්‍රියාත්මක කල අයට හරියට දඩුවම් කලයුතුයි .
ඇත්තනේ, මිනිස්සුන්ට හාන්කවිසියක්වත් දැනෙන්න නැතිවෙන්න අවබෝධතාව අවසානයේ දැන් අපහු අාපු පැතිවලටම ගියානේ. දැන් ඉතින් ඇති අායෙත් උන්න වගේ ඉම්මු.
මේකත් ලොකු බටර් ගුලියක්ද..?
දැන් කතානායක ව්‍යවස්තාවට එකඟද? මොන බොරුද අපිට 113 නැහැ.
මේ කතාව පිළිගන්න පුළුවන්ද...?
ගරු කතානායක තුමා සාකච්ඡාවට ගිය එක හොඳයි. ඒත් මෙතන සාකච්චා කරන්න දෙයක් නැහැ. අවුල් සහගත තත්වය ඇතිකළ පුද්ගලයාම ඒ අවුල් සහගත තත්වය නිරාකරණය කළ යුතුයි. ඔහු විශ්වාස කල නොහැකි අන්දමේ දුර්වල පුද්ගලයෙක්.
එයා මොනවා කිව්වත් මට නම් විශ්වාස නැහැ.. මම එහෙම දෙයක් කිව්වේ නැහැ... එක මම දැක්කේ පත්තරෙන් කියයි.
කුමන්ත්‍රණය කරලා රට අල්ලන්න බැහැ ආයුබෝවන්... බොරු කරන්න පුළුවන් ටික කාලයයි..
එදා එජාපයට හතළිස් එකක් ඉන්නකොටත් ආණ්ඩු කරන්න ඉඩදුන්නේ මේ කතානයකම නේද? එතකොට සුළුතරයට ආණ්ඩු කරන්න දුන්නු ඔබතුමා අද මොකද නොදෙන්නේ? එදා ඔබ ඒ සුළුතරය වෙනුවෙන් පෙනී සිටිය නිසා නොවේද? රට තුල අස්ථාවරත්වයක් ඇතිකරන්නේ ඔබතුමායි...
සිකුරාදා රෑට මොන පිස්සුවක් කරයිද දන්නේ නැහැ... මේ මනුස්සයා..
මොනවද මේ සිරිසේන කරන්නේ? කරනවා නම් රනිල්වම අගමැති කරන්න.. මොකද මෙයා තරම් රට අගාධයට ගෙනියන කෙනෙක් මේ දේශපාලන බිමේ නැත... මෙයා රට කන තරමට අපිට හොඳයි...
සාකච්ඡා මොකටද ? පාර්ලිමේන්තුවේ බහුතරය කිහිප වරක්ම පෙන්නුවට පස්සේ.
මට මතක් වෙනවා ඉස්සර අහපු ගැමි කියමනක්. ඕනෑවට වඩා කයිවාරු ගහන්න ගිහින් ඒවා ආපහු කැරකිලා විඳවන්න වෙන එක ගැනයි ඒ කියමන... 'කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා' කියපු ඒ කියමන මෙතනට අදාළ නැහැ. මං නිකං මතක් වුණාටයි කිව්වේ අායුබොවන්...!!!
මෙයා එකඟ වෙන නෙවෙන දේවල් ඒ තරම් සීරියස් ගන්න එපා.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිපදින බවට අග විනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන් ජනාධිපති කෙනෙකු, ඒක කඩ කලාම කලයුතු දේවල් පැහැදිලිවම ව්‍යවස්ථාවේ තියනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලකා ගැනීමට කථානායක සමග සාකච්චා කරනවා හැර වෙන විකල්පයක් නැති තැනට පත්වෙලා.
මේ රට විනාශ වෙනකල්ද බලය පසුපස මේ හඹා යන්නේ? දැන් කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ යන ගමන.... නමුත් පැහැදිලියි විනාශය කරා යනවා කියලා. ධර්මය රකිනවා සේම ව්‍යවස්ථාවත් රැකිය යුතුයි නේද? මේ රටේ සියලු පුරවැසියන් අනාගතයේදී මේ ආදර්ශයද හැමෝම පිළිපදින්න යන්නේ?