ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලන්න සිහළ රාවය සැරසෙයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට තම සංවිධානය ඇතුලු සංවිධාන කීපයක් තීරණය කර ඇතැයි සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ. 07 October 2018
කසළ බාර නොගැනීමෙන් කොළඹ කුණුවෙයි කොළඹ නගරයේ කසළ බැහැර කරලීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ මණ්ඩලයට ලබාදෙන මුදල වැඩි නොකරන ලදැයි කියන සිද්ධියක් මත ඊයේ (06) සිට කොළඹ නගරයේ කසළ භාරගැනීම එම මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බවට කොළඹ මහ නගර සභාව චෝදනා කරයි. 07 October 2018
දිස්ත්‍රික් හතරක නාය යෑමේ අවදානමක් දිවයිනේ ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 07 October 2018
කොළඹ නගර සබේ ‘ බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900 ඉක්මවයි කොළඹ - මහනුවර සභාවේ ‘බැංකු අයිරාව‘ රුපියල් මිලියන 900ක් ඉක්මවා ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි. 07 October 2018
දියනෑමට ගිය සිසුවෙක් ගිලී අතුරුදන් ඇල්පිටිය වල්ලඹගහවිල උඩුවිල ප්‍රදේශයේ වැලි වලේ දිය නාමින් සිටි එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (07) දහවල් ගසාගෙන ගොස් අතුරුදන් වි ඇති බැව් ඇල්පිටිය පොලිසිය පවසයි. 07 October 2018
කොළඹ-මඩකලපුව මාර්ගයේ දුම්රිය පොළොන්නරුවට සීමා කරයි කොළඹ-මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද හා පූනානි අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලීපැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොළොන්නරුව දක්වා සීමාකර ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 07 October 2018
‘මාස් කන්නය වගා කරන්න අවශ්‍ය ධාන්‍ය නොමිලේ දෙන්න පියවර ගත යුතුයි’ නියඟය හේතුවෙන් කන්න හයක් ගොවිතැන් කටයුතු නතර වී තිබුණ රජරට ගොවීන් හට මාස් කන්නයේ වගා කිරිම සඳහා අවශ්‍ය බිත්තර වී, බඩඉරිගු ඇතුළු අනෙකුත් ධාන්‍ය වර්ග නොමිලේ ලබා දීමට රජය වහා පියවර ගතයුතු යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි. 07 October 2018
මුරුංගා කොළ කතාවේදී රජයේ ප්‍රතිපත්තිය වැරදියි’ මුරුංගා කොළ කා ජීවත් වූ පවුලක් ගැන මාධ්‍යවේදී සරත් මනුල මහතා විසින් ලියන ලද පුවතේදී ඔහු හැකි තරම් සත්‍ය වාර්තා කිරීමට උත්සාහ කර ඇතැයි ද රජය ඊට ප්‍රතිචාර දැක් වූ ආකාරය මගින් සිදුවන්නේ තම ප්‍රදේශයන්හි දුෂ්කර ජන ජිවිත පිළිබඳ වාර්තාකරණයෙහි නියැලි සිටින මාධ්‍යවේදීන් ස්වල්ප දෙනා ද පසුබෑමකට ලක්වීම යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 October 2018
අල්ලස් ගත් පශු සම්පත් සභාපති -ගිණුම් සහයක රිමාන්ඩ් මැල්සිරපුර ගොවිපොලේ අවන්හළ කුලී පදනම මත ලබාදීම සඳහා කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගන්නා ලද ජාතික පශු සම්පත් 07 October 2018
පාර්ලිමේන්තු සංකීර්ණයේ මාර්ග 9 ක දැන්වීම් පුවරු ඉවත් කරන්නැයි දැනුම්දීමක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග නවයක ප්රචාරක දැන්වීම් පුවරු මසක් ඇතුළත ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය අදාළ ආයතනවලට දැනුම් දී ඇත. 07 October 2018
‘පවරගත් ඉඩම්වලට කෝටි 4000කට වඩා වන්දි ගෙවලා‘ මධ්‍යම අධිවේගි මාර්ගය ඇතුළු 2015 වර්ෂයේ සිට දැනට පවරාගෙන ඇති ඉඩම් කට්ටි 17,100ක් සදහා අදාල පුද්ගලයින් සියලු දෙනාට මේ වනවිට රුපියල් කෝටි 4000කට වඩා වන්දි මුදල්ලබා දි ඇති බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා අද (07) ගාල්ල ලබුදුවේදි පැවසිය. 07 October 2018
වෛද්‍ය ආඥා පනතක් හදන්න පංච පුද්ගල කමිටුවක් අලුත් වෛද්‍ය ආඥා පනතක් සකස් කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටියි. 07 October 2018
ලක්ෂ 10 ක දුම්වැටි හොරෙන් ගෙන ආ පුද්ගලයෙක් අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. 07 October 2018
ගංඟා රැසක ජල මට්ටම ඉහළට පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කැලණි, කලු, ගිං, නිල්වලා යන ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 October 2018
සභාග ආණ්ඩු යෝජනාව ගැන සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවයි ඉදිරිපත්ව ඇති සභාග ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ නිවසට 9 වැනිදා රාත්‍රීයේ කැඳවා ඇතැයි වාර්තා වේ. 07 October 2018
පුත්තලම-මන්නාරම මාර්ගය වසා දමයි කලා ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම පැරණි මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ.එම් ආර්. අලහකොන් මහතා පවසයි. 07 October 2018
වැස්සෙන් ගාල්ලේ 8469 ක් අවතැන්: ජල පහරට හසුවී අයෙක් මරුට ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469කු පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. 07 October 2018
ගිං ගඟ පහළ නිම්නයේ ජල මට්ටම ඉහළට ගිංගගේ පහළ නිම්නයේ ජල මට්ටම වැඩි වෙමින් පවතින අතර අද (07) දහවල් 12.00 වනවිට බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 4.31 දක්වා වැඩි වි ඇති බැව් ගිංගග වාරිමාර්ග ඉංජිනේරු චමිලා කොඩිතුවක්කු මහත්මිය සදහන් කළාය. 07 October 2018
ගල්කඩුව පාලම අසල තිබී කතකගේ මළ සිරුරක් සොයා ගනී වලල්ලාවිට ගල්කඩුව පාලම අසල ජලයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. 07 October 2018
මුදල් කොල්ලය වරදී:ගිනි අවි දෙකක් පැහැරගෙන පලා යති හොරණ ගෝනපොල රාජ්‍ය බැංකුවක පැති බිත්තියක් හාරා ඇතුළු වු කිසියම් පිරිසක් සේප්පු දමා තිබු කාමර වල දොර කඩා එහි තිබු ගිනි අවි දෙකක් සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලීසය පවසයි. 07 October 2018
වාද්දුවේ දුම්රිය අනතුරකින් යුක්රේන මව - දුව ඇතුළු 4 ක් රෝහලේ වාද්දුව වෙරළ පාරේදී අද (7) යුක්රේන් ජාතික මවක් (40), දියණියක් (18) හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් රියැදුරු ඇතුළු සිව් දෙනාම තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 07 October 2018
බදුල්ල-කොළඹ මාර්ගයේ නාය යෑමේ අවදානමක් පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු හා ගල් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් මාර්ග අවහිරතා මතුව තිබේ. 07 October 2018
රජරට සරසවියේ පීඨ 4 ක් හෙට විවෘත කරයි ජල හිඟය නිසා වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් යළි හෙට (8) සිට විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය. 07 October 2018
කළුතර ප්‍රා.ලේ කොට්ඨාස කීපයකට රතු නිවේදන අධික වර්ෂාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කළ බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ කර්නල් සාලිය ඩයස් මහතා පැවසීය. 07 October 2018
බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දමයි වැසි සහිත කාලගුණක තත්ත්වය හේතුවෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. 07 October 2018
පන්සල් වලින් සල්ලි කොල්ල කා කැසිනෝ ගැසු අයෙක් අත්අඩංගුවට අත්තනගල්ල රජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවකට දහවල් කාලයේ දී ඇතුළු වී වසර දෙකක කාලයක සිට රුපියල් කෝටි පහකට ආසන්න මුදල් සොරාගෙන කැසිනෝ ක්‍රීඩාවේ යෙදුණු වැඩ තහනමකට ලක්වූ උපාධිධාරී ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 07 October 2018
රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අරී අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම සඳහා අද (7) උදෑසන රාජාංගනය ජලාශයේ දොරටු දෙකක් අඩි එක බැගින් විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරින් පියවර ගෙන තිබේ. 07 October 2018
වැස්ස නිසා මාතලේ ලොකු ලූනූ ගොවීහු කබලෙන් ළිපට පවතින වර්ෂාවත් සමඟ දඹුල්ල, ගලේවෙල , සිගිරිය , හබරණ, නාඋල, ලග්ගල ආදී ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙලා ගැනීමට නොහැකිව කුණුවී විනාශ වී ගොස් ඇතැයි ගොවීහු පවසති. 07 October 2018
මහ වැස්සෙන් ගාල්ලේ පවුල් 500 ක් විපතට මේ දිනවල පවතින අධික වැසි සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 500 ක් පමණ විපතට පත්ව තිබෙන බව ගාල්ල ආපදා කළමනාකරණ එකකයේ සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. 07 October 2018
මීනගයා දුම්රියට හැපී අලි තිදෙනෙක් මරුට මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට වැලිකන්ද, නාමල්ගම, නාවල්අඩි ප්‍රදේශයේදී අලි රංචුවක හැපීමෙන් අනතුරට ලක්වී පීලී පැන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 07 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026