හෙට වැස්ස තවත් වැඩිවෙයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට දිනයේදි තවදුරටත් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 October 2018
අම්පාරේ ධීවරයෝ ප්‍රා.ලේ කාර්යලය අසල විරෝධතාවයක් වැලි වලින් පිරි ඇති ඔලුවිල් වැලි අයින් කර ධීවරයින්ගේ ප්‍රයෝජනයට ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ධීවරයින් අට්ඨාලචේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණි. 08 October 2018
අදත් මුහුද රළු වෙයි මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ අද දිනයේදී රළු විය හැකි බැවින් අද (8) දින ධීවර හා නාවුක කටයුතුවලදී අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. 08 October 2018
උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂකට තාවකාලික මාරුවක් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට තාවකාලිකව අනුයුක්ත කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ එම්. 08 October 2018
වැලිපැන්න පිවිසුම යළි අරී අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අද (8) පෙරවරුවේ සිට විවෘත කළ ඇති බව පොලිසිය කියයි. 08 October 2018
වැස්සෙන් ගාල්ලේ 9987 ක් අවතැන් : දෙදෙනෙක් මරුට ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් ළමයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් 9987ක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 08 October 2018
විජයකලාට ඇප ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය. 08 October 2018
තැපැල් පෙට්ටිය පිදුරුතලාගල මුදුනටත් යයි ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳු මුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. 08 October 2018
රවීට දුන් තීන්දු ක්‍රියාත්මක කරන්නැයි නියෝග පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයට අදාළව ලබාදුන් නියෝග අත්හිටුවමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය විසුරුවා හැරි අධිකරණය පෙර දුන් නියෝග යළි ක්‍රියාත්මක කිරීමක කරන ලෙස නියෝග කළේය. 08 October 2018
නාලකට නාමල්ට විදේශ ගමන් තහනමක් ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන පැමිණිලි කළ නාමල් කුමාර යන මහත්වරුන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (8) විදෙස් ගමන් තහනමක් පැනවීය. 08 October 2018
ගිං ගඟ ජල මට්ටම ඉහළට ගිං ගඟ පහළ ප්‍රදේශයේ ජල මට්ටම වැඩිවන ප්‍රමාණය අඩුවෙමින් පවතින අතර පැයකට සෙන්ටිමීටරයක් දෙකක් පමණ ජල මට්ටම වැඩි වෙමින් පවතින බව ගිං ගඟ වාරිමාර්ග ඉංජිනේරු චමිලා විරක්කොඩි මහත්මිය සඳහන් කළාය. 08 October 2018
ජනපති සීෂෙල්ස් යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) අලුයම සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය . 08 October 2018
පරමාණු බලශක්තියට රුසියානු සහාය මෙරට පරමාණු බලශක්ති භාවිතය කාර්යක්ෂම කිරීමට රුසියානු රජයේ සහය ලබා ගන්නා බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. 08 October 2018
විශ්‍රාමික පොලිස් ප්‍රධානීන් දෙදෙනකුගේ සොහොයුරිය නිදියහනේම මරා දමලා තලාතුඔය පොලිස් වසමට අයත් මාරස්සන වලව්වේ පදිංචිව සිටි 62 හැවිරිදි වියේ පමණ අවිවාහක කාන්තාවක් නිදි ඇඳ මතම ඝාතනය කර තිබියදී ඇයගේ සිරුර ඉකුත් 5 වැනිදා සවස සොයාගත් බව තලාතුඔය පොලිසිය කියයි. 08 October 2018
අල්ලස් සිද්ධියේ පශු සම්පත් සභාපතිත් හවුල්කරුත් රිමාන්ඞ් මැල්සිරපුර ගොවිපොළේ අවන්හල කුලී පදනම මත ලබාදීම සඳහා කටුගස්තොට ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 6ක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු ලබන 18 වැනිදා දක්වා රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය පෙරේදා (6) නියම කළාය. 08 October 2018
අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට මැති සබයට ලබන වසරේ (2019) අයවැයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට (9) ඉදිරිපත් කෙරෙයි. 08 October 2018
විජයකලා අත්අඩංගුවට ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් සිදු කළැයි කියන සිද්ධියට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අංගුවට ගත් බව පොලිසිය කියයි. 08 October 2018
නාලක සිල්වා අද හෙටම අත්අඩංගුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය. 08 October 2018
අපි තවම සම්පූර්ණයෙන් පිරිහී නැහැ - රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මීරිගම ගනේගොඩදී අද 7 සවස පැවසූයේ “දියුණු සංස්කෘතියක් අපිට තිබුණු නිසාම අපි තවම සම්පූර්ණයෙන් පිරිහී නැහැ. අපේ රටේ තියෙන දුප්පත් කමේ හැටියට සොරකම් මිනිමැරුම් වෙනවා අඩුයි. ඒ වගේම රට තවම නරකම පාතාලයට වැටී නැති නිසා රට ගොඩ නගන්න පුලුවන් වුවත් රටට ඔබින දේශපාලන නායකත්වයක් නැතැයි“ යනුවෙනි. 07 October 2018
වැස්සෙන් මරණ 6ක්: කතක් අතුරුදන්:17,000ක් පීඩාවට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ගං වතුරට හසුවීමෙන් ඉකුත් දෙදින තුළ හය දෙනෙකු මියගොස් ඇති අතර තවත් අයෙක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 07 October 2018
තෙබුවන වැසියෝ සැරයන් සනත්ට සාධාරණය ඉල්ලති අසාධාරණ ලෙස සිරගත කළ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට සාධාරණය ඉටු කරන ලෙස අද (07) තෙබුවන පොලිසිය ඉදිරිපිට හා කලුතර නගරයට රැස්වූ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණය කළහ. 07 October 2018
පස් කණ්ඩියක් කඩා වැටී මහනුවර රන්දෙනිගල මාර්ගයේ ගමනා ගමනයට බාධා පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර- රන්දෙණිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටී මාර්ගයේ එක් මංතීරුවක් වැසී ගොස් ඇත. 07 October 2018
හල්දුම්මුල්ලට රතු නිවේදනයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා නාය යාමේ අවදානම් බවට රතු නිවේදන නිකුත් කළ බව බදුල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා පැවසීය. 07 October 2018
පකිස්තානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිවසින් දේපළ සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ නිල නිවසින් පකිස්ථාන් රුපියල් 70,000ක් වටිනා දේපළ සොරකම් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු පකිස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පකිස්ථාන එක්ස්ප්‍රස් ටි්රබියුන් පුවත් වෙබ් අඩවිය සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්සේවය අද (07) වාර්තා කළේය 07 October 2018
පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට දිවයිනට බලපෑ ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 October 2018
නොර්වේ සහය ඇතිව ලංකාවේ ධීවර කර්මාන්තය දියුණු කිරීමට යයි නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මහත්මිය සමඟ ඒකාබද්ධ ප්‍රවෘති සාකච්ජාවකට සහභාගී වෙමින් පැවැසීය. 07 October 2018
ජාතික රෝහලේ පටකවේදීය පරීක්ෂණ මාස 4ක් තිස්සේ නැවතිලා කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ මාස 4 ක සිට නතර වී ඇතැයි වාර්තා වේ. 07 October 2018
‘සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඒකාබද්ධයේ තීරණයක් නැහැ‘ සභාග රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 07 October 2018
යතුරුපැදි අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පොලොන්නරුව ලක්ෂඋයන ප්‍රදේශයේදී අද (7) පස්වරු 06 ට පමණ අඹු සැමියන් ගමන් ගත් යතුරු පැදියක් ධාවනය වෙමින් තිබූ න්‍ක්‍ඊ යන්ත්‍රයක ගැටී සිදු වූ අනතුරකින් පැදිකරු ඒ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 07 October 2018
කළු මැදිරිය ලී ගෙන ගිය රිය අනතුරක කළුමැදිරිය ලී කොට 11ක් ප්‍රවාහනය කළ මෝටර් රථයක් අද (07) දහවල් 1.30ට පමණ යාය 7 බිසෝබණ්ඩාරගම ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 07 October 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026