(තිළිණි ද සිල්වා)
ඉන්දියාවේ මුම්බායිහිදී එල්. ටී. ටී. ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සහිත බැනර් ප්‍රදර්ශනය කළ කොටි හිතවාදීන් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක සීමාන්ගේ නායකත්වයෙන් යුතු නාම් තමිලර් සංවිධානයේ සාමාජික දෙමළ ජාතිකයින් දෙදෙනෙකු වන මුතියජගන් සුන්දරම් සහ පලනිවෙල් රවින්ද්‍ර නැමැත්තන්ය.
ඊයේ (28) මුම්බායිහි මුලුන්ඞ්ස් ප්‍රදේශයේ ජනාකීර්ණ වටරමුකදී මොවුන් දෙදෙනා ප්‍රභාකරන්ගේ රුව රැගත් බැනර් ප්‍රදර්ශනය කරමින් සිටියදී මුම්බායි පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 64 වැනි උපන්දිනය සැමරීම වෙනුවෙන් ඔවුන් මෙම බැනර් ප්‍රදර්ශනය කර ඇත.
අත්අඩංගුවට ගත් නාම් තමිලර් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාට පොදු දේපල යටතේ චෝදනා ඉදිරිපත් කරමින් මුම්බායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙ අත් අඩංගුවට ගන්න පුළුවන්නම් ඇයි ලංකාවෙ බැරි ? මේ වගේ සිද්ධි ලංකාවෙ කොච්චර වෙනවද, වෙලා තියෙනවද? එකෙක්ව අත් අඩංගුවට ගත්තද? කාට බයේද? ඩයස්පෝරාවට බයේද? අනේ මන්ද. මල කෝලං!!!
ඉන්දියාවෙ අත්අඩංගුවට ගන්න පුළුවන්නම් ඇයි ලංකාවෙ බැරි ? මේ වගේ සිද්ධි ලංකාවෙ කොච්චර වෙනවද, වෙලා තියෙනවද? එක්කෙනෙක්වත් අත් අඩංගුවට ගත්තද? කාට බයේද? අනේ මන්දා.