(විනීතා එම් ගමගේ)
විධායක ජනාධිපතිවරයාට තමන් සමඟ වැඩ කළ හැකි අගමැතිවරයෙක් පත් කර ගත යුතු බව සැබෑ යැයි කී රතත හිමියෝ ගොඩ වැඩි නම් 113 ත් ඇත්නම් වෙනත් කෙනෙක් නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය නම්‍යශීලී විය යුතු යැයි ද කීහ.
විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව මධ්‍යස්ථ යැයි තම මතය බවත් ඒ කරුණු වල සාධාරණයක් ඇති බවත් පැවැසූ රතන හිමියෝ බහුතරයක් නැත්නම් රැඳී සිටිය නොහැකි බවද ආණ්ඩුවක් ගෙනයා නොහැකි බව ද පැවැසූහ.
ඉකුත් රජයේ තිබූ වැරදි ආර්ථික පිළිවෙත නිවැරදි කරන්නේ කෙසේ ද යන තම ස්ථාවරය පාර්ලිමේන්තුවේ දී අද කියා සිටියේ යැයි ද උන් වහන්සේ කීහ. රටේ ජාතික සම්පත් විකීණීම නව ලිබරල් ආර්ථික පිළිවෙත විසින් රටට අවාසි සහගත තත්ත්වයක් ඇති කර තිබිණි යැයි කී රතත හිමියෝ පමා වන හැම දවසකම රටේ සම්පත් රටට අහිමි වන තත්ත්වයක් තිබූ බව ද කීහ.
ජනාධිපතිවරයා ගත් පියවරට සහය පළ කළේ ඒ නිසා යැයි පැවසූ රතන හිමියෝ එහි දී තම අභිමතය කුමක් වුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩු පක්ෂය දිනා ගත යුතු බවත් එසේ නොහැකි නම් සුළුතර ආණ්ඩුවක් ලෙස බහුතර ආණ්ඩුවකට පවතින්නට ඉඩ කඩ ලබා දිය යුතු බව ද පැවසූහ.
මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කළේ සුළුතර ආණ්ඩඩුවක් ලෙස වන නමුත් එවකට සිටි බහුතර ආණ්ඩුව එයට පවතින්නට ඉඩ දුන් බව සිහි කළ රතන හිමියෝ මාස කිහිපයක් අවශ්‍ය නම් මේ සුළුතර ආණ්ඩුවට පවතින්නට ඉඩ දිය හැකි බව ද පෙන්වා දුන්හ.
රටේ ජනතා පරමාධිපත්‍යය දිනා සිටින ජනාධිපතිවරයාගේ තීන්දුව ව්‍යවස්ථාදායකය විසින් අභියෝගයට ලක්කර ඇතැයි පැවැසූ උන්වහන්සේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායකයේ ඇති සංයුතිය හා ස්වාභාවය වටහා ගෙන කටයුතු කළ යුතු යැයි ද කීහ.
කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට යොමුවී ඇති බැවින් දහ වෙනිදාට පෙර යම් විසඳුමක් ලබා ගත හැකි යැයි විශ්වාස කරන බවත් රතන හිමියෝ පැවැසූහ. අධිකරණ තීන්දුව අනුව ඉදිරි පියවර තීරණය කළ හැකි වනු ඇතැයි ද ඒ අතරතුර යම් විමසුමකට එළැඹිය හැකි වනු ඇත්ද යන්න ගැන යමක් දැන්ම කිව නොහැකි යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 ජනාධිපතිවරණයට දරදිය ඇද්ද කෙනෙක් ලෙස ඔබ වහන්සේටත් මතක ඇතිනේ... ඒ වෙලාවේ රනිල් අගමැති කරනවා කියලා කිව්ව බව... ඒ අනුව එවෙලේ කටයුතු කළත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිට කැමති කෙනෙක් දැන් අගමැති කරන්න බැහැ. එසේ නැතත් එය විධායකය, ව්‍යවස්ථාදායකය යටත් කිරීමක් වෙනවා. ඒ වගේම හාමුදුරු කෙනෙකු එක එක අවස්ථාවල එක් එක් අදහස් පලකිරීමත් විනයානුකූලදැයි දැනගන්න කැමතියි..
දැන් කවුරු ගැනත් විශ්වාසයක් නෑ
මේක මගුලක් නෙමෙයිනේ ගැලපෙන අය හොයන්න. ගැලපෙන්නේ නැත්තේ මහින්දගේ රැල උසාවි ගේනවට සිරිසේන කැමති නෑ. ඕක තමයි ගැලපෙන්නේ නැත්තේ....
රනිල් ඇර වෙන කෙනෙක් පත්වෙනවා කියන්නේ රනිල් වටා ඉන්න බලවේගය එජාපයට අහිමි වෙනවා කියන එක - එතකොට කුමන්ත්‍රණ කරුවන්ගේ අරමුණු ඉබේම ඉෂ්ඨවෙලා - මම හිතන්නේ නැහැ එජාපෙ මේ අවස්ථාවේ එච්චර මෝඩ තීරණයක් ගතයුතුයි කියලා... දිනපු ගේම් එක පරාජය බාරගන්නේ මොන මෝඩයාද?
අනේ මෙයත් පැනලා දෙන්න ගිහින් කිච වෙලා වැදි බණ කියනවා දැන්... ගමරාල වගේම ප්‍රතිපත්තියක් නැති කෙලෙහි ගුණයක් නැති කෙනෙක්....
මම ජනපති වුවත් රනිල්ට සර් කියනවා කියා කියපු කෙනාට රනිල් එක්ක වැඩ කරන්න නොහැකි වුණු දෙය හොයලා කියන්න බැරිද? ඒ වගේම ඔහුගේ කටෙන්ම මරන්න ඉන්නවා යැයි කියපු කෙනෙක් එක්ක හවුල් වෙලා වැඩ කරන්න හිතුවේ ඇයිද කියලත් දැනගෙනම කියන්න...
ලණුවක් කාලා ජනාධිපති ලණුව දුන්නේ නම් කතාව ඇත්තයි. හැබැයි ඔබට ඩීල් දාස වගේම කෙලෙහිගුණයක් නැති අයෙක්. කරුණාකර ඉල්ලා අස්වන්න. ඔබ වෙනුවට අවස්ථාවාදී නොවන මිනිසුන් එජාපය තුළ තවත් ඇත. ඔවුන්ට ඉඩදී ඡන්ද 10ක් වත් ගැනීමට නොහැකි ඔබ කරුණාකර ඉල්ලා අස්වන්න. 7වෙනිදා වෙනකම් සිටියොත් ගමරාලයාව එලවා දමා ඔබ ඩීල් දාස, වසන්ත වැනි අයෙක්ව පක්ෂයේ කිසිම තැනක් දෙනවට අපි විරුද්ධයි. ඔබාමා වැනි අයට ඉතිහාසයේ කුණු කූඩය හිමියි. එලවන්නට පෙර කොහේ හෝ සැඟවෙන්න.
මම පතන, ගොඩ කොතන, මම එතන, නම රතන.
කොසොල් රජතුමාගේ 11 වෙනි හීනය :- කොසොල් රජතුමා - ස්වාමිනි මගේ මේ හීනය අමුතුම ආකාරයේ එකක්... මම දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මෝරු කලයකට හුවමාරු කරනවා. ස්වාමිනි ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට බුදුරජානන්වහන්සේ :- "රජතුමනි අනාගතයේදී මගේ ශාසනේ බොහෝ භික්ෂූන් වහන්සේලා ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා. පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ධර්මය මුදලට හා අනෙකුත් දේවලට පාවා දීම තමයි මෙම හීනයේ තේරුම .