(එෆ් අස්ලම් සහ රොමේෂ් මධුෂංඛ )
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ 64 වැනි උපන්දිනය යාපනය වැල්වැටිතුරේදී ප්‍රදේශයේ සැමරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලංගම් ඇතුලු සිව් දෙනෙකු අද (26) උදෑසන වැල්වැටිතුරේයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් ලබාගෙන මුදාහැර ඇති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ මෙවැන්නකි.
‘ප්‍රභාකරන් මහත්තයාගේ 64 වැනි උපන්දිනය සමරන්න අපි තුන්දෙනෙක් ගියා. යද්දී පොලීසියෙන් වටකරලා මෙතන සමරන්න බැහැ කියලා අපි එලවගත්තා. එතනට ගියේ වැල්වැටිතුරේ නගරාධිපති කරුනානන්ද රාසා මහත්තයයි,වැල්වැටිතුරෙයි නාගරික මන්ත්‍රී සිවඥාන සුන්දරම් මහත්තයයි මමයි. මගේ ත්‍රීවිල්එකේ රියදුරුයි.
ඊට පස්සේ අපි වැල්වැටිතුරෙයි තීරුවිල් පබ්ලික් පාර්ක් එකේ කේක් කපන්න ලෑස්ති වෙද්දී පොලීසියෙන් ඇවිත් කේක් එකයි අනිත් බැනර් සහ බඩුත් එක්ක ත්‍රීවිල් එකයි අපිවයි පොලිස් අත්අඩංගුවට අරන් ගියා.
ඊට පස්සේ පොලීසියෙන් මෙහෙම සමරන්න බැහැ කියලා අවවාද කරලා අපිව මුදා හැරියා.‘ යනුවෙනි.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් මධුසංක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බාධා කරන එක සංහිඳියාවට මරු පහරක්. පහුගිය එජාප ආණ්ඩුව මෙහෙම බාධාවල් කෙරුවේ නැහැ!
මේක දකුණේ සිංහලයන්ගේ ඡන්ද වලට කෙල හලාගෙන කරන මාධ්‍ය සංදර්ශන වැඩක්. කල වැඩේ හොඳ තමා.