(ඉන්දිකා රාමනායක)
පිළියන්දල ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස යතුරු පැදි පැදවලින් රේස් පැදීම යන චෝදනා වලට කැස්බෑව අධිකරණයේ හමුවේ වරද පිළිගත් යතුරුපැදිකරුවන් 32 නෙක්ට කැස්බෑව අතිරේක මහේස්ත‍්‍රාත් රුවින්දිකා මාරසිංහ මහත්මිය අද (26) 7, 37,000 ක දඩයක් නියම කළාය.
මෙම තරුණයින් පිරිස යතුරු පැදි 14 කි නැගී ඉකුත් 10 වැනි දින රාති‍්‍රයේ මහජනයා පීඩාවට පත්කරමින් අනතුරුදායක ලෙස රේස් පදිමින් සිටියදී පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා ප‍්‍රමුඛ පොලිස් කණ්ඩායමක් එම ස්ථානායට ගොස් ඔවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුදින කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එක් දිනයක් දක්වා රිමාන්ඞ් බාරයට පත්කර තිබුණි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 32 ට පොලිසිය වෙන් වෙන් වශයෙන් චෝදනා ගොනුකොට තිබු අතර එම චෝදනා වලට සැකකරුවන් සියලූ දෙනා අධිකරණයට හමුවේ වරද පිළිගත්හ.
ඉහත චෝදනා වලට අධිකරණය හමුවේ වරද පිළිගත් චුදිතයන්ට මහේස්ත‍්‍රාත්වරිය වෙන් වෙන් වශයෙන් මෙම දඩ මුදල නියම කළේය.
චුදිතයන් 15 දෙනකුට, රුපියල් 24,500 බැගින් ද, 13 දෙනකුට 21,500 බැගින්ද, සිව් දෙනකුට රුපියල් 22,500 බැගින් ද වශයෙන් මෙම දඩමුදල් නියම කර තිබුණි.
රියදුරු බලපත‍්‍ර නොමැති වීම, යතුරු ලියා පදිංචි නොකිරීම, යතුරුපැදිවල අංක පැහැදිලි නොවීම, අදායම් බලපත‍්‍ර නොමැති වීම යන කරුණු සැලකිල්ලට ගෙන මොවුන් වෙන් වෙන් වශයෙන් දඩ මුදල් නියම කර තිබුණි.
චුදිතයන් වෙනුවෙන් කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ කිසිදු නීතිඥවරයකු ඉදිරිපත් වී නොතිඹුණු අතර ගල්කිස්ස, මොරටුව, හෝමාග, යන මහේස්ත‍්‍රාත් අධිකරණ වල නීතිඥවරුන් ඉදිරිපත් වී සිටීම විශේෂ සිද්ධියක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ ගහලා මදි.
එක්කෙනෙක්ටවත් සිර දඩුවම් නියම කලානම්, මේ වසංගත රටෙන් තුරන් කල හැකියි.
අනේ නීතිඥ මහතුනුත් දවසේ වියදමවත් හොයා ගන්න ඕනේ නිසා හෝමාගම සිට කැස්බෑවට යන්න ඇති.
යතුරු පැදියත් රාජසන්තක කළා නම් තමයි හොඳ...
ධම්මික, තරුණයෝ විනෝද වුනාට කමක් නැහැ, පාර භාවිතා කරන අනිකුත් අයට හිරිහැරයක් හෝ අනතුරක් නොවන විදියට.