(ශාන්ත චන්ද්‍රසිරි)
වැටුප් වැඩිකර ගැනීම සඳහා වතුකම්කරුවන් විසින් සිදුකරනු ලබන විරෝධතාවයන්ට සහාය දැක්වීම උදෙසා තලවකැලේ නගරයේ සියලුම කඩ සාප්පු අද (26) වසා දැමීමට ව්‍යාපාරික ප්‍රජාව විසින් පියවර ගනු ලැබීය.
ආපනශාලා, පෞද්ගලික බැංකු ශාඛා, ඇතැම් රාජ්‍ය බැංකු ශාඛා ඇතුළු නගරයේ සියළුම කඩ සාප්පු මෙසේ වසා දමා තිබු අතර මේ හේතුවෙන් තලවකැලේ නගරය පාලු ස්වභාවයක් ගෙන තිබිණි.
ඇතැම් වෙළෙඳ සැල්වල හා ත්‍රී රෝද රථවල කලු කොඩි ඔසවා තිබිණි.
බස් රථ ධාවනයේ ද සැළකිය යුතු අඩුවක් තිබු අතර ආපනශාලා ඇතුළු කඩ සාප්පු වසා දැමීම නිසා මෙම තත්ත්වය නොදැන නගරයට පැමිණි සිටි ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩ වහන්න ඇත්තේ තවදුරටත් ණයට නොදී ඉන්න වෙන්න ඇති