(බිඟුන් මේනක ගමගේ)
පාර්ලිමේන්තුවේ බහුතර හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණ නිසැකවම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව කොළඹ දිස්ත්‍රික් එ.ජා.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ලංකාදීපයට කීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා හැටියට තරඟ කර ජනාධිපති පුටුවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් තිදෙනෙකු ජීවිත පරිත්‍යාග කළ බව කී හෙතෙම ඔහුට තවදුරටත් ජනවාරි 8 ජනවරම ගැන කතා කිරීමට අයිතියක් නැති බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා දැන් කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් රට විශාල අර්බුදයකට පත්වනු ඇති බවත් මන්ත්‍රීවරයා කීය.
ජනාධිපතිවරයා අත්තනෝමතිකව කටයුතු කිරීමට එරෙහිව ජනවාරි 8 ජනවරමට දායක වූ ජනයා ලක්ෂ ගණනින් කොළඹට කැඳවන බවත් එම ජන විරෝධය ජනාධිපති ලේකම් කාර්යාලය වට කරන මට්ටමේ දැඩි විරෝධතාවයකට ගෙන යන බවත් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අරලියගහ මන්දිරයේ ඔක්තෝම්බර් 27 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් මේ ගැන විමසූ අතර එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගෙන් විවිධ යෝජනා ඉදිරිපත් වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිය කියා ඉන්නේ නැතිව කරන්නකෝ... කරලා ඉවරවෙලා කියන්නකෝ...
දුප්පත් අපිව ගැටුම්වලට මැදි නොකර ඔය කට්ටිය ඇති තරම් ගහගත්තට අපිට කමක් නැහැ...
අහන්නත් සතුටුයි.. ඔබලාගේ මේ එඩිතරකම ගැන. ඉක්මණින්ම කලයුත්තේ එයයි. එතකොට ග්‍රාමසේවක මහත්තයාට තමන්ගේ කෙරුවාවේ රඟය තේරේවි...
ඕක අපේ කෙනෙක් කීවානම් මම දුක් වෙන්නේ නැත. දැන් එජාපෙ රැක ගන්න හදන්නේ සුමතිරන් හකීම් ලාය ඒගැන ටිකක් රටේ මහා ජනතාවට හිතන්න බැරිද?
අපි හිතන් හිටියේ දෝෂාභියෝගය මේවන විටත් බාරදීලා ඇති කියලා. කරන මගුලක් ඉක්මනට.