(නාලක සංජීව දහනායක)
අස්ථාවර පාර්ලිමේන්තුවක් තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිඳු ප්‍රයෝජනයක් නැති බැවින් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීම සඳහා වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (26) පැවසීය.
වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව අගමැතිවරයාට හෝ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය නැතැයි ද ඔහු කීය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.
‘අපේ රටේ ඇති ඇතිවී තිබෙන ආකරයේ අර්බුදයක් ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක සිදුවෙලා නැහැ. පාර්ලිමේන්තුවතුළදි කතානායකවරයා ආණ්ඩු පක්ෂයට හිමි කිසිම වරප්‍රසාදයක් දෙන්නේ නැහැ. අපිටත් මෙම කතානායකවරයා පිළිබඳව කිසිම විශ්වාසයක් නැහැ. ආණ්ඩු පක්ෂයට වරප්‍රසාද ලබානොදී කතානායකවරයා දිගින් දිගටම මේ ආකාරයට කටයුතු කරනවානම් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහබාගිවීමෙන් කිසිම තේරුමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වෙනවාද නැද්ද කියන කාරණය සම්බන්දයෙන් අපි ඉතාම ගැඹුරින් සළකා බලනවා.
මෙය කිසිසේතම සැහැල්ලූ තීරණයක් නෙවෙයි. රජයේ කටයුතු කතානයකවරයා විසින් පැහැරගෙන තිබෙනවා. පාර්ලිමේන්තු තේරීම් කාරකසභා පත්කිරීමේදී ඒ තත්ත්වය ඉතාම හොඳින් පෙන්න තිබුණා. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව බහුතරය තිබුණත්, සුලූතරය තිබුණත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බලය ආණ්ඩු පක්ෂයට දිය යුතුයි.
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සැකසීම ඇතුලූ වැදගත් ක්‍රියාවන් සියල්ලම සිදු කරන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සබාව හරහායි.
ඒ නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බලය නැතුව ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ කටයුතු කරන එක හරිම අසීරුයි.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ස්ථාවරව තිබුණා කියලත් මේ රටට වෙච්ච හොඳක් නෑනේ. අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ දෙගොල්ල රට විනාශයට ඇදගෙන ගියා මිසක්... අපේ රටේ මිනිස්සු විකල්පයක් ගැන හිතනතුරු අපේ රට ආර්ථික වශයෙනුත් දේශපාලන වශයෙනුත් ස්ථාවර කළ නොහැකියි.
බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩු බලය දීලා ව්‍යවස්ථාව කියන ලියවිල්ලට ගරු කරොත් රටට අඩු තරමින් ආණ්ඩුවක්වත් ලැබෙයි
1994 සිට කිසිම තනි පක්ෂේකට 109කට වඩා මන්ත්‍රීලා ලැබුනේ නෑ. 2010 යුද ජයග්‍රහණය සහ ජනාධිපතිවරණයක් අවසනයේ පවත්වපු මැතිවරණය හැරෙන්න. . ඉස්සරහට තියෙන චන්දයකදී වුනත් බොහොමයක් දුරට 100ක් වත් එක පාර්ශවකට එන එකක් නෑ.
ඔව් අපිත් එක පිළිගන්නවා. ඒ නිසයි මහජන ඡන්දයක් ඉල්ලන්නේ... රට පාලනය වියයුතු පක්ෂය තේරිය යුත්තේ ජනතාව මිස මන්ත්‍රීකම වැටුප් ලබන රැකියාවක් කරගත් අය නොවෙයි.
පතොලයා කුමන්ත්‍රණ කරලා බලය ගත්තේ පොල් ගාන්නද?
මහත්තයෝ, එක්සත් ජාතික පක්ෂයට සියයක් සිටිනවා කියමුකෝ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ජනතා විමුක්ති පෙරමුණත් මුස්ලිම් කොන්ග්රසයත්, දෙමළ සංධානයත් සහය වෙනවා කියනවනේ. එතකොට කීදෙනෙක් විතර වෙනවද? අබමල් රේණුවක තරම්වත් මොළයක් තිබේ නම් කල්පනා කර බලන්න බල ලෝභිත්වය අතහැර රට ගැන හිතන්න.
දැන්ද ඔලුවට අාවේ රට අස්ථාවර කියලා කවුද ඕකට වගකිව යුත්තේ? ජනාධිපතිද? අගමැතිද? මොන්ටිසෝරි ළදරුවෙකුගෙන් වත් අසා දැනගන්න පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටද කියලා !
චමින්ද - කොහොමත් බමුණු මහත්තයාගේ කණ්නාඩිය ගලවන්න සක්කරයාටවත් බැහැ. කුඩැල්ලාව මෙට්ටේ තියන්න බැහැනේ. ඒ හැටි... ගණන් ගන්න එපා. මේ ලෝකේ තමන් කැමති අකමැති හැමදෙයක්ම තියෙනවා.
මෙයාගේ මොලේ දැන් ඇලේ තියෙන්නේ මෙයාම තමයි.... ගියමාසේ කිව්වේ ඉතාම බලවත් ආණ්ඩුවක් කියලා මෙයා හොරු සමග වාසය නිසා මොලේ අවුල්...
මේ ඔක්කොටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ණයට ගත් මුදලින්, ණය ආපසු ගෙවීමට ආදායමක් නැති ව්‍යපෘති කල නිසයි. රටේ බිලියන ඩොලර් ගණනක සංචිත තිබෙනවා යයි කීවට, ලබන වසර මුලදී ආපසු ගෙවිය යුතු ණය සඳහා රාජ්‍ය බැංකු හරහා ණය අවශ්‍යය යයි කියනවා.
සංචාරක කර්මාන්තයෙන් යැපෙන අයගේ බඩට ගැහුවේ......රජයෙන් අපි ඉල්ලා සිටින්නේ බදු සඳහා සහන සලසන ලෙසයි.
ඉතින් දෙයියනේ මැතිවරණයක් ඉල්ලන්න නම් ඔය රනිල්ගේ ස්ථාවර ආණ්ඩුවක් තිබුනේ. එදා ඉල්ලන්න තිබුනනේ. හොර පාරෙන් ගිහින් බලය අතට ගන්න කම් මැතිවරණයක් ඉල්ලන්න බය උනා නේද? මහත්තයෝ, මෙදා පාර ඡන්දෙදි අපේ රටේ ජනතාව තමන්ට තිබුණු එකම වරම වූ ප්රජාතන්ත්රවාදී පරමදිපත්යයට පයින් ගහපු ඒක විනාශ කරපු බල තණ්හාවෙන් උන්මත්තක වූවන්ට යස පාඩමක් උගන්වාවි. බලාගෙන ඉන්න.