රංජන් කස්තුරි
පාසල්වල තෙවැනි වාරය අවසන් වීමට ආසන්නව ඇතත් තවමත් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ කටයුතු අවසන් වී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගය පවසයි.
ලබන 2019 වසර සඳහා පෙළපොත් 39714000ක් මුද්‍රණය කර ඇතත් ඒවා බෙදා දීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවත් රටේ පවතින දේශපාලන ව්‍යාකූලත්වය ඊට හේතු වී ඇති බවත් පැවසේ.
පාසල් සිසුන් අතර බෙදා දීම සඳහා අධ්‍යාපන ග්රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර ඇති පෙළ පොත්වල හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ පණිවුඩයක් සඳහන් වී තිබීම නිසා ඒවා බෙදාදීම පිළිබඳව තීරණයක් ගැනීමට ප්‍රමාද වූ බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාසල් සිසුන්ට 2019 වසරේ සිට නිල ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර තිබෙන නමුත් එම රෙදි ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇතැයිද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් හරියට කෙරෙන්නේ නැ අපේ රටේ
දුවේ, පුතේ මේ අහන්න... අපි පාසැල් යන කාලේ ඔය පොත් හා ඇඳුම් රෙදි දුන්නේ නැහැ. ඕවා කරන්න පටන්ගත්තේ 1977දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා සහ පේමදාස අගමැතිතුමා. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය ඇතිකළේ ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා දැන් ඉතින් ආණ්ඩු පෙරල පෙරලා ඉන්නවා මිස වැඩක් කරන්නේ නැහැනේ...
ජනාධිපති තාත්තාගේ වැඩ කිඩ... හෙට ජනපති තාත්තා මේකේ වගකීම ගැන කියයි.
පාසල් ශිෂ්‍යයින්ගේ පෙළ පොත්වල මොකටද දේශපාලුවන්ගේ " පණිවිඩ " ඇතුලත් කරන්නේ. එයින් ඔවුන් ගම්‍ය කරන්න උත්සහකරන්නේ ..දැනට අපේ රටේ සිටින සහ හිටපු දේශපාලුවන් වගේ " රට කන්න ඉගෙනගන්න.." කියලාද.
අනේ දරුවනේ මේ අවුරුදු 4 මේක වෙච්ච පලවෙනි සැරේ මේක නොවෙයිනේ. ටිකක් ඉවසන්න ඔක්කොම පහසුකම ලබලා දේවි. පාසල් දරුවන්ට බනිස් ගෙඩියක් දෙන්න පවා උනන්දු උනේ මේ ආණ්ඩුවේ බොහොම ඉස්සර සිටිය දේශපාලන සීයලා.