( නිමන්ති රණසිංහ)
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වු ප්‍රදීප් සුරාජ් කාරියවසම් මහතා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස සිටිමින් නිතී විරෝධි අයුරින් කොටස් මිලදී ගත්තේ යැයි කියන අල්ලස් නඩුවට අදාලව චෝදනා 4 කට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දඩුවම් නියම කළේය.
ඔහුට ගොනුකර ඇති චෝදනා හතරට අවුරුදු 5ක සිරදඩුවම් නියම කළ අධිකරණය එය වසර 5 කට අත්හිටුවා චෝදනා හතර සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම කළේය.
මෙම ගනුදෙනුව සිදු වු වහාම නැවත හැරවීම සිදු කිරීමෙන් රජයට සිදු වු පාඩුව අවම වී තිබීම සහ චූදිතට එරෙහිව පෙර වැරදි නොමැතිවීම හේතුවෙන් අධිකරණය මෙලෙස දඩුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුව සිරගත කළ යුතුමයි. අඹගෙඩි 5ක් සොරකම් කළවිට සිරගත කරනවා නම් අනිවාර්යයෙන්ම මොහුව සිරගත කළ යුතුයි.
නවත්තපු තැනෙන් ආයේ පටන් අරන් වගේ. ඔහොම යමු
මහා බැංකු හොරුන්ටත් කවද හරි කියාවි පෙර වැරදි නැහැ ඒ හින්ද ලක්ෂ 6 ක් විතර දීල ගෙදර යන්න කියල. අය්යෝ ශ්රී ලංකා!
මොනදේ උනත් රන්ජන් කියන දේත් ඇත්ත කියල පේනවා..
අනිත් පැත්තේ වත්කම් ප්රකාශ මගඩියත් ඔය වගේ තමයි...
අධිකරණය සාධාරණ තීරණයක් දී ඇත.
ශ්රියානි අස්කළ හේතුව දැන්වත් තේරෙනවද