(ආරියරත්න රණබාහු)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු 113 කගේ බහුතර බලයක් තිබෙන බව මේ මස 29 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කොළඹදී අද (26) පැවැසීය.
ඉන්පසු මෙම අර්බුදය සමතයකට පත්වන බව පැවැසු සෙනෙවිරත්න මහතා කතානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළේ නම් මෙම සිදුවීම මෙතරම් දුරදිග නොයන බවද කීය.
කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි සේවා ආයතනයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ බව කී ඇමැතිවරයා තේරිම් කාරක සභාවේ සංයුතිය සකස් කිරීමේදීය කතානායකවරයා අපක්ෂපාතීව කටයුතු නොකළ බව පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණ රජය සමඟ ජනාධිපතිවරයා කටයුතු කළ පසුගිය වසර තුන හමාර තුළම විවිධ වූ ප්‍රශ්න ගැටළු රැසක් මතුවූ බවද කී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා විද්යානුකුල ඇමැති මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් උත්සාහය අසාර්ථක වීම නිසා රට විශාල කඩා වැටීමකට ලක් වූ බවද කීය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍යානුකූලව සහ සම්ප්‍රදායානුකූල මුදල් අමාත්‍යාංශයට අයත් විය යුතු වුවත් එය බවත් අමාත්‍යාංශයකට යටත් කිරීම මුදල් ඇමැතිවරයා පත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කිරීම වැනි කරුණු වලදී ජනාධිපතිවරයාගේ තීරණ වලට ගරු නොකර අත්තනොමතික ලෙස කටයුතු කිරීමෙන් තමාගේ පැරණි එජාප මිතුරන් කළ කී දේවල් නිසාම මෙම අර්බුදය දිනෙන් දින ලියලා යැවුනු බවද හෙතෙම පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනහ, සීයට වඩා වැඩියි කියන එකද කතානායකතුමා ව්‍යවස්ථාවට අනුව වැඩ කරනවා කියන්නේ?
පරණ කතා හොඳටම ඇති. අහල අහලම එපා වෙලා. අලුත් යමක් කියන්න. නැත්නම් ගෙදර යන්න.
කලින් දෙවතාවක් පෙන්වූ ඡන්ද විමසීම් ප්‍රතිඵල නොපිළිගත් ජනාධිපති, මේක පිලිගන්නෙක සාධාරණද? විද්‍යානුකූල ඇමැති මණ්ඩලයක් ගැන කතාකරන ඔයාට තේරෙන්නේ නැද්ද? මේ ජනාධිපති විසින් මූල්‍ය වංචා චෝදනාවට නඩු දෙකක් තියන පුද්ගලයෙක්ව දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කළ එක... දැන් ජනතාව මේ ජනාධිපති ගැන හොඳට තේරුම් අරගෙන ඉන්නේ...
ලැදිව රජෙක් බොරුබස් කී විරසකයා නැතිව සෘදි බලයත්, පොළව පලාගෙන ගොස් වැටුනි. ඇමතිතුමනි, ඔය බොරුකීම නරකයි..
ගෙවල්වල ඉන්න ගෑණු පාර්ලිමේන්තුවට එක්ක ඇවිත් වෙන්න ඇති බහුතරේ හදාගන්නේ...
මහින්දගේ බහුතරය පෙන්නනවා බලන් ඉඳලා දැන් අපිට ඇති වෙලා තියෙන්නේ මහත්තයෝ...
ඔය සීනිඇමති වුනෙත් විද්‍යානුකූලව වෙන්න ඇති නේද?
සරම ඇඳගෙන අාවොත් ලේසියිනේද? බහුතරය පෙන්නන්න.
මහින්දගේ බහුතරය කෙසේවෙතත් වෙනවෙන ඒවා නම් අපි දැක්කා...
ජනතාව එක්ක විහුලු කරලා රටේ කාලේ කන්නේ. ඔය ඔක්කම සමාජ සේවකයෝ නෙමේ. තමන්ගේ දුෂණ නඩු වලින් බේරෙන්න කරන නාඩගම්. ජනතාව අමාරුවේ.
ඔය කයිය ගහන කට්ටියගේ බහුතරය ඔක්තෝබර් 26 දා ඉඳලම අපට පෙන්නලා තියෙනවා නේ ! ලැජ්ජා හිතිලද දන්නේ නැහැ පෙන්නන්න කැමති නැත්තේ....
මොහු මේ කියන කතාව පිළිගන්නවානම් ලංකාවේ ඔක්කොම මිනිසුන් පුන්නක්කු බොන අය වෙන්න ඕනේ.
29 වෙනිදා පාර්ලිමේන්තුවට එන මන්ත්රිලගේ වාහන වල ටයර් වලට ඇණ තිබ්බනම් මහින්දගේ බහුතරය නිකම්ම පේනවා.
ඕක පෙන්නන්න මෙච්චර පමා උනේ මොකද? මේකටත් ස්ථාවර නියෝග ප්‍රශ්නයක් ඒවිද දන්නේ නැහැ? ඔය මොනවත් නැහැනේ ඡන්දෙට ගිහින් ජනතා කැමැත්ත දිනාගෙන ආවා නම්. එහෙම එන එක ෂුවර් නැති නිසාද මෙහෙම හොර පාරෙන් ආවේ? කියල තමයි වැඩි දෙනෙක් කියන්නේ.