ජනාධිපති පැමිණි රැස්වීමකට ජීව උණ්ඩයක කොටසක් ගෙන ආ අයෙක් අත්අඩංගුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) සිරිපුර නුවරගල පැවැති උත්සවයකට ජීව උණ්ඩයක කොටසක් මුදල් පසුම්බියක දමාගෙන පැමිණ සිටි පුද්ගලයෙක් ජනාධිපති ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 February 2019
සටන්කාමීට එරෙහිව ඉන්දියාව ආරක්ෂක කවුන්සිලයෙන් සම්බාධක ඉල්ලයි ඉන්දියාවේ කාශ්මීරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඡයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී කණ්ඩායමට එරෙහිව සම්බාධක පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉන්දියාව ඉල්ලා තිබේ. 15 February 2019
ප්‍රකට මූල්‍ය සමාගමකට මහ බැංකුවෙන් දැඩි නීති ශ්‍රී ලංකාවේ ප්‍රකට (ලියාපදිංචි) මූල්‍ය සමාගමක් මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති හෙයින් එහි ගනුදෙනු සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි. 15 February 2019
චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා රිමාන්ඩ් මිහින්තලේ පුදබිමේ පිහිටි චෛත්‍යයක් මතට නැග ජායාරූප ගත්තැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා පෙබරවාරි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (15) නියෝග කළේය. 15 February 2019
කම්කරු නිලධාරීන්ගෙන් පැමිණිල්ලක් කළුතර දිස්ති‍්‍රක් නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරයා විසින් එම දිස්ත්‍රික්කයේ කම්හල් ඇතුළු ආයතනවල මානව සම්පත් කළමණාකරුවන් එක්කර සංසදයක් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳ විරෝධය පළකරමින් රාජ්‍ය සේවා එක්සත් කම්කරු නිලධාරින්ගේ සංගමය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට පැමිණිලි කර ඇත. 15 February 2019
පන්ති තහනම ඉවත් කරන්නැයි සබරගමු සරසවි සිසුහු වීදි බසිති සතියක පන්ති තහනම් කර ඇති සබරගමු සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 54 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන් ලෙස ඉල්ලමින් අද (15) දහවල් එම සරසවියේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි. 15 February 2019
එල්ලුම් ගහට කඹයක් සොයයි එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ඇති කඹය අලුත්වැඩියා කළ යුතු බව බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. 15 February 2019
ජපානයේ විශේෂ නියෝජිතයෙක් අද ලංකාවට ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශකයකු වන කෙන්ට්රෝ ෂොනුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 15 February 2019
මන්නාරම මිනීවළේ කාබන් වාර්තාව තවම නෑ මන්නාරම සමූහ මිනීවළේ කාබන් කාල නිර්ණය වර්තාව පෙබරවාරි 14 වැනි දා ලැබීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් ලැබී නැතැයි මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ මහතා කියයි. 15 February 2019
විග්නේෂ්වරන්ට එරෙහි නඩු විභාගය කල් යයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වු සී වී විග්නේෂ්වරන් මහතා අධිකරණයට අපහාස කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ලබන 21 වැනිදා යළි කැඳවීමට අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 15 February 2019
සිම්බාබ්වේ රන් ආකාරයක ගිලී 23 ක් මරුට සිම්බාබ්වේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිටි පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 February 2019
කාශ්මීරයේ බෝම්බ ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් 44ක් මරුට ත්රස්තවාදීන් පිරිසක් විසින් ඉන්දියාවේ විශේෂ පොලිස් බලකායේ යුද බස් රථයක් ඉලක්ක කර පුපුරවා හරින ලද මෝටර් රථ බෝම්බයකින් 44කට ආසන්න නිලධාරීන් ප්‍රමාණයක් මිය ගොස් 13දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 14 February 2019
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක් කොළඹ ග්‍රැන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි. 14 February 2019
උසස් පෙළ අයදුම්පත් බාරගැනේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2019 විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 14 February 2019
ඇටසැකිලි මෑතක නම් අතුරුදන්වූවන්ගේ ඥාතීන් සමඟ ඩීඑන්ඒ සැසඳීමක් මන්නාරම සමූහ මිනීවලේ මෑතක අස්ථි කොටස් ඇතැයි කාබන් පරීක්ෂාවේදී තහවුරු වුවහොත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඞීඑන්ඒ පරීක්ෂාවකට ලක් කර සසඳා බැලීමක් සිදු කිරීමට සිදු වනු ඇතැයි අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය. 14 February 2019
කඩවතදී පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක් කඩවත පොලිසිය ආසන්නයේදී පොලිස් අණ නොතකා ගමන් කළ ත්‍රී රෝද රථයක් පිටුපස හබා ගිය පොලිස් නිලධාරියාගේ රාජකාරී ගිනි අවිය උදුරා ගත් ත්‍රීරෝද රථ රියදුරා සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා ඇතැයි කඩවත පොලිසිය කියයි. 14 February 2019
‘ක්‍රීඩා ඇමැතිවරුන්ට කිරිපණුගාය’ ‘ක්‍රීඩා ඇමැතිවරු වශයෙන් පත්වන ඇමැතිවරුන්ට ක්‍රිකට් ගැන ඇතිවන්නේ පුදුම කිරිපණුගායක්’ යැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (14) පැවසීය. කොළඹ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි තිලංග සුමතිපාල මහතාගේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිසානායක මහතා මෙසේ ද කීවේය. 14 February 2019
රියුනියන් දූපතට නීතීවිරෝධීව ගිය ශ්‍රී ලාංකිකයින් 64 ක් ආපසු එවයි ප්‍රංශයට අයත් යටත් විජිතයක් වන ’’ රියුනියන් දූපතට ’’ නීතිවිරෝධී ලෙස ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (14) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි. 14 February 2019
ව්‍යවස්ථා සභාව දූෂණයවීම ගැන එස් බී ගෙන් චෝදනා විශාල බලාපොරොත්තු ඇතිව පිහිටුවා ගන්නා ලද ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා දූෂණයවීමට කතානායකවරයා සහ අගමැතිවරයා වගකිව යුතු යැයි එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී අද(14) පැවසීය. 14 February 2019
‘සංහිඳියාවේ යෝජනාව ගැන හොඳ කියූ අයම අද අපට ද්‍රෝහීන් කියනවා’ දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලෙස මේ වනවිට සාකච්ඡා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ රජය ඉදිරිපත් කළ සර්ව පාක්ෂික යෝජනා පමණක් යැයිද අද සංහිඳියාව ගොඩනැගීම සඳහා අප එම යෝජනා ගැන කතාකරන විට එදා එම යෝජනා හොද යැයි කියූ පිරිස අපට ද්‍රොහීන් යැයි හංවඩු ගසන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) යාපනයේදී පැවසීය. 14 February 2019
ලෝටස් පාර වසයි සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. 14 February 2019
චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට මිහින්තලය රජමහා විහාර පුද බිමේ මැද මළුවේ කන්තක චෛත්‍ය අසල පිහිටි පරිවාර චෛත්‍යයක නැග සිටි තරුණයන් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 14 February 2019
මේජර් ජෙනරාල් ජානක පෙරේරා නඩුව කල් යයි මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුලු 31 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්රාහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 5 වැනි දින යළි කැඳවීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය. 14 February 2019
ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනයට පියවර ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ. 14 February 2019
නීතී විරෝධීව රටින් පනින්න ගිය 22 ක් අත්අඩංගුවට නීතී විරෝධී අයුරින් විදේශ ගත වීමට සූදානම්ව සිටි පුද්ගලයින් 22 දෙදෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 14 February 2019
ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය නිෂ්පාදනය නවතයි ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන එයාර් බස් සමාගමේ A 380 වර්ගයේ තට්ටු දෙකේ මගී ගුවන් යානයේ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බව වාර්ථා වේ. 14 February 2019
‘යාල‘ ආපන ශාලාව හෙට සිට විවෘතයි යාල ජාතික වනෝද්‍යානයේ වසා දමා තිබූ ආපන ශාලාව වන ජීවි අමාත්‍යාංශයේ උපදෙස් පරිදි හෙට (15) පෙරවරුවේ යළි විවෘත කෙරේ. 14 February 2019
අල්ලස් කොමිසම රවීගෙන් ප්‍රකාශයක් ගනී බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (14) අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට පැමිණ තිබේ. 14 February 2019
පිලිපීන මාධ්‍යවේදිනී මාරිසා රෙසාට ඇප සම්මානලාභී පිලිපීන මාධ්‍යවේදීනියක වන මාරිසා රෙසා මහත්මිය ඇප මත මුදා හැරිමට එරට අධිකරණය අද (14) නියම කළේය. 14 February 2019
නෙවිල් රෝහල රජයේ රේඛීය රෝහලක් වෙයි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ. 14 February 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026