ත්‍රීකුණාමලයේ වැලි කැණීම් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි කැණීම් බලපත්‍ර අනිද්දා (15) සිට තාවකාලිකව අත්හිටුවන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි. 13 February 2019
මධුෂ්ට අයත් වාහන දෙකක් කැලණියේ නිවසකින් හමු වෙයි මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ යැයි කියන කාන්තාවකගේ පුංචි අම්මාගේ නිවසේ තිබී මධුෂ්ට අයත් බව කියන වෑන් රියක් හා ජීප් රියක් පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ . 13 February 2019
20 වැනි සියවසට ගැළපෙන නව අධ්‍යාපනයක් ඕනා 21 වැනි ශතවර්ශයේ අභියෝග වලට මුහුණදීමට 20 වන ශත වර්ශයේ අධ්‍යාපනයට හැකියාවක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගලදී පැවැසීය. 13 February 2019
කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට ඩුබායි හෝටලයකදී පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් පාතාල ක්‍රියා කාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාලිගාවත්තේ කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අද (13) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මාලිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 13 February 2019
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ 17 දෙනා තවදුරටත් රිමාන්ඩ් මාවනැල්ලේ ප්‍රදේශ කිහිපයක බුදු පිළිම වලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන් මාවනැල්ල දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද (13) නියෝග කළේය. 13 February 2019
ගාල්ලේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් දැලේ ගාල්ල ප්‍රධාන බාලිකා විදුහලක පළමු වැනි ශ්‍රේණියට දරුවෙකු ඇතුලු කර ගැනිම සදහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් එම බාලිකා විදුහලේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අද (13) අත්අඩංගුවට ගෙන ඇත. 13 February 2019
දින 144ට මන්නාරම සමූහ මිනීවලෙන් පුද්ගලයන් 321ගේ අස්ථි කොටස් මතුවෙයි දින 144කදී මන්නාරම සමූහ මිනීවලේ කළ කැණීම්වලින් පුද්ගලයන් 321 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවූ බව මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සහ ප්‍රධාන විමර්ශක සමින්ද රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය. 13 February 2019
වතුකම්කරු වැටුප 50 කින් ඉහළට ඉදිරි අය වැයේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුපට රුපියල් 50 ක් එකතු කිරීමට රජය තීරණය කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. 13 February 2019
මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය. 13 February 2019
නගර ශාලාව අවට මාර්ග තදබදය දිගටම විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ වෝඩ් පෙදෙස සිට කොළඹ නගර ශාලාව දෙසට මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇත. 13 February 2019
එච්.එන්.ඩී විරෝධතාවයෙන් නගර ශාලාව අවට මාර්ග තදබදයක් විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ බොරැල්ල මාර්ග කිහිපයක් අවහිර වී තිබේ. 13 February 2019
විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ලේ මූලික විරෝධතා ඉවතට අභියාචනාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධ මුලික විරෝධතාව අද (13) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. 13 February 2019
ඕෂද - ලසිත් ටෙස්ට් වරම් හිමිකර ගනිති දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 13 February 2019
අලුයම් යාමයේ සිටම සීගිරිය නැරඹීමට අවසර සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය. 13 February 2019
ඇතුළු නුවර වැසියෝ පුරාවිද්‍යා නිලධාරීන් සිරකරගනිති අනුරාධපුර පූජා නගරයේ ඇතුළු නුවරවැසියෝ අද (13) අනුරාධපුර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් එහි නිලධාරීන් කාර්යාල භූමියේ සිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 13 February 2019
විරෝධතා පාගමනට කදුළු ගෑස්-ජල ප්‍රහාර කොළඹ ලෝටස් වට රවුමේ මේ වන විට පැවැත්වෙන විරෝධතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි. 13 February 2019
නාලක ද සිල්වා තව දුරටත් රිමාන්ඩ් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික මර්සලීස් තොමස් නැමැත්තා ලබන 27 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (13) නියෝග කළේය. 13 February 2019
පිටකොටුව අවට මාර්ග කිහිපයක් වැසේ ගාලුමුව දොර මාර්ගය, කොළඹ කොටුව , ලෝටස් වට රවුමෙන් වසා දමා ඇතැයි පොලීසිය පවසයි. 13 February 2019
මධූෂ්-අමල්-නාලකගේ සබඳතා සොයන්න පරීක්ෂණයක් පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය. 13 February 2019
මන්ත්‍රී චමින්ද අධිකරණයට පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නැයි කියන සිද්ධියට සම්බන්ධ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(13) නීතීඥවරයෙක් මාර්ගයෙන් බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් වී ඇත. 13 February 2019
පළාත් මැතිවරණය ගැන තීන්දුවක් ගන්න පක්ෂ නායක රැස්වීමක් සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 12 February 2019
සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීමේ සාකච්ඡාව කල් යයි සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා අද (12) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීම හේතුවෙන් එය සාකච්ඡාවට ගැනීම සතියකින් කල්දැමූ බව රජයේ ආරංචි මාර්ග කියයි. 12 February 2019
පෞද්ගලික පාසල් 400ක් කරන්න යනවා - බන්දුල රජයේ අනුමත පෞද්ගලික පාසල් 40 ක ප්‍රමාණය 400ක් දක්වා ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (12) කොළඹදී පැවැසීය. 12 February 2019
ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගත්තේ පරදින බව දන්න නිසයි එක්සත් ජාතික පක්ෂය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසුණු ජාතික ආණ්ඩු යෝජනාව හකුලා ගත්තේ පරදින බව දන්නා නිසා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 12 February 2019
සිසුන්ට - ගුරුවරුන්ට ටැබ් පරිගණක දීම නියමු ව්‍යාපෘතියක් ලෙසින් අරඹයි රජයේ පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මුලින් ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 12 February 2019
දයාසිරිට ස්ටෙන්ට් එකක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අද (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසති. 12 February 2019
’අධිකරණයට පහරගැසීමෙන් මත් ද්‍රව්‍ය මර්දනය අඩපණ වෙනවා’ ස්වාධින කොමිෂන් සභා මෙන්ම ස්වාධින අධිකරණයට පහරගැසීම යනු මත් ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය අඩපන කිරීමක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලිගාවත්තේදී අද (12) පැවැසීය. 12 February 2019
‘හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීමේ උත්සහයක් තිබෙනවා’ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා, ජිනීවා මානව හිමිකම් කොමිසමේ 40 වැනි සැසිවාරය ආරම්භ වන මෙම මස 25 වැනිදාට පෙර අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. 12 February 2019
ක්ෂුද්‍ර මූල්‍ය ණය කෝටි 125ක් කපා හැරේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය රුපියල් කෝටි 125ක් රජය මගින් කපා හැර තිබේ. 12 February 2019
සුමන්තිරන්ගේ තනි කැමැත්තට නායකත්වයට පත් වෙන්න බෑ දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සඳහා එම්.ඒ.සුමන්තිරන් මහතාට තනි කැමැත්ත මත පත්විය නොහැකි බවත් ඒ සඳහා සිය පක්ෂවලද එකඟත්වය හා කැමැත්ත තිබිය යුතු බවත් එම සන්ධානයේ නියෝජනය කරන ප්ලොට් හා ටෙලෝ සංවිධාන අවධාරණය කරයි. 12 February 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026