(විනීතා එම් ගමගේ)
සුළු කර්මාන්තකරුවන්ට දෙන සහන යටතේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අවසර පත් මඟින් ලබා ගන්නා තඹවලින් කරන නිෂ්පාදන ගැන හෝ එම නිෂ්පාදන විදේශ ගත කරන්නේ ද යන්න ගැන තම අමාත්‍යංශය සොයා නොබලන බව අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
මේ නිසා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ බලපත්‍ර යටතේ එම්.අයි ඉන්සාෆ් අහමඞ් නැමැත්තාට අයත් කොලෝසස් ප්‍රයිවට් ලිමිටඞ් සමාගම වෙත ලබා ගත් තඹ වලින් කළේ කුමක් දැයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය නොදන්නා බව එහි නිලධාරීන් ද අමාත්‍යවරයා ද එම මාධ්‍ය හමුවේදී පිළිගත්තේය. කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ලද එක් අයෙක් ලෙස එම්.අයි ඉන්සාෆ් අහමඞ් නමැත්තා බව මේ වනවිට හෙළිවී ඇත.
කෙසේ වෙතත් එම සිද්ධීන්ට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි අමාත්‍යවරයා කියා සිටියේය.
කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඉලක්ක කර චෝදනා කරන නමුත් අමාත්‍යවරයා ලෙස කිසිම බලපෑමක් කිසිවෙකුටත් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා තමන් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කර්මාන්ත කරුවන් කිසිවෙකු ගේ ජාතිය හෝ ආගම සොයා බලන්නේ නැතැයි ද ඔවුන් විසින් දළ දේශිය ආදායම වැඩි කිරීමට කරන දායකත්වය පමණක් සොයා බලන බව ද සඳහන් කළේය.
තමන් පමණක් නොව අසාත් සාලි ආණ්ඩුකාරවරයා හා මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා ද මේ කිසිවකටත් සම්බන්ධ නොවන බව ස්ථිර වශයෙන්ම තමන්ට කිව හැකි යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
තම සහෝදරයන් දෙදෙනා මේ කිසිවකට සම්බන්ධ නොවන බව අමාත්‍යවරයා පවසද්දී දුරකථනවලට ආ කෙටි පණිවිඩයකින් කියැවුණේ බදුර්දීන් අමාත්‍යවරයාගේ සහෝදරයෙකු අත් අඩංගුවට පත්ව ඇති බවය. ඒ පිළිබඳව මාධ්‍යවේදීන් විමසද්දී අමාත්‍යවරයා කියා සිටියේ එය කිසිසේත්ම සිදුවිය නොහැකි බවය.
කෙසේ වෙතත් මාධ්‍ය හමුව අවසන් වීමට පෙර යලිත් කෙටි පණිවිඩ සේවාවෙන් කියැවුණේ අමාත්‍යවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර නිදහස් කර ඇති බවය.
මාවනැල්ල හා මඩකලපුව කවුරුන් හෝ නිදහස් කරන්න යැයි තමන් බලධාරින්ගෙන් ඉල්ලා නැති බවත් තම සහෝදරයා හෝ ඕනෑම කෙනෙක් වරදක් කර ඇත්නම් දඬුවම් දීමට තමන්ට එරෙහි නොවන බව ද හෙතෙම සහතික කළේය.
කෙසේ වෙතත් මේ සිද්ධියේ දී මාධ්‍ය කිසිදු ධර්මයකින් තොරව හැසිරෙන්නේ යැයි චෝදනා කළ අමාත්‍යවරයා සමහර ‘‘මාධ්‍යකාරයෝ ’’ ඇත්ත නැත්ත කිසිවක් සොයා නොබලා කටයුතු කරන බව ද පැවසුවේය. ඔහු මාධ්‍ය හමුව ඇමතූයේ දැඩි ආවේගශීලී ගතියකිනි.
මේ විනාශකාරි කල්ලි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු යැයි තමන් විශ්වාස කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා තම පවුලේ කිසිවෙක් මේ සිද්ධියට සම්බන්ධ නැතැයි ඉඳුරා කිව හැකි යැයි ද කීය.
කාදිනල් තුමන්ට ස්තූතිවන්ත විය යුතුයැයි කී අමාත්‍යවරයා එතුමන් යලිත් කළු ජූලියක් පැමිණීම වළකාලීමට කටයුතු කළ අන්දම ප්‍රසංශනීය යැයි ද ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති නවීන් අදිකාරම මහතා කියා සිටියේ ඉකුත් වසරේ ආයතන 313 ක් මේ අයුරින් ලියාපදිංචි වී ඇතැයි ද කොලෝසියස් පුද්ගලික සමාගම එයින් එකක් පමණක් බවය.
මේ ආයතනය 2017 වසරේ පළමු වරට මෙට්‍රික් ටොන් 17 ක් ලබාගෙන ඇති බවත් 2018 වසරේ දී මෙට්‍රික් ටොන් 100 ක් මාස හතරක දී ලබා ගෙන ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා එහි විශේෂයක් තමන් නොදකින බව ද කීය.
එම ආයතනය ගැන අවසන්වරට අභ්‍යන්තර විගණනයක් සිදු කර ඇත්තේ 2017 ජුලි මස 5 වැනිදා යැයි ද සභාපතිවරයා පැවැසීය.
මෙම අබලි ද්‍රව්‍ය කර්මාන්තකරුවන් වෙත ලබා දෙන්නේ අදාල ග්‍රාම සේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ද ලබාගෙන ක්ෂේත්‍ර නිරීක්ෂණයකින් ද පසුව යැයි කී අදිකාරම මහතා හමුදාවෙන් තම ආයතනය වෙත හිස් පතොරම් කොපු ලබා දෙන්නේ තැලීමෙන් පසුව බව කී අමාත්‍යවරයා ඒ අනුව එය පාවිච්චි කිරීමට නොහැකි ලෙස ලබාදෙන බවත් ඒ අනුව එය අමුද්‍රව්‍යක් ලෙස මිස නිමි ද්‍රව්‍යක් ලෙස භාවිතා කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.
තඹ ලබා ගන්නා කර්මාන්ත කරුවන්ගේ නිෂ්පාදන ගැන ක්ෂ්‍රෙත්‍ර පරික්ෂණයක් සිදු කරන්නේ සාමාන්‍යයෙන් වසරකට වතාවක් පමණ කාලයකින් බවත් එම ආයතන ඉල්ලා සිටින්නේ නම් පමණක් ක්ෂ්‍රෙත්‍ර පරික්ෂණයකින් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අර ජාතියේ නොවැ.. මම මුකුත් දන්නේ නැහැ මම හිටියේ නැහැ.. ආණ්ඩුවත් කටේ ලෙඩේට පස්ස පැත්තේ බෙහෙත් බඳිනවා...
එතුමා කියනවා.. අපි අහනවා එච්චරයි සිම්පල්... අපි බොරු කියනවා...එතුමා ඇත්ත කියනවා එච්චරයි... සිම්පල්.. එතුමා බාබා, අපි හරක් එච්චරයි සිම්පල්..
කෝ ඔය කිරි බෝතලයක් ගන්න සූප්පුවක් ගහලා මේ තොත්ත බබාට පොවන්න.
මෙයාව අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ ප්‍රශ්න කරන්නැත්තේ ඇයි?
සම්බන්ධ නැහැ. අනුග්‍රය හා අනුදැනුම තියනවානේ
මොහුව ඇමැතිධුරයෙන් පහකොට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළයුතුයි. මොහු මෙහිදී පවසන්නේත් බොරුනේ. මේ ජනවාරිවලත් හිස් කොපු අර ත්‍රස්තවාදයාට දීලා තියෙනවා කියලා ඔප්පු වෙලා ඉවරයි.
අපි නොදන්නවයැ හැටි..
මේ ආණ්ඩුව නෙමෙයි .... කලින් ආණ්ඩුවේ කට්ටිය හිටියත් මේ අයව අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒ ගැන දන්නේ නැති නිසයි කෑ ගහන්නේ. ඔය කවුරු කවුරුත් අඩුවැඩි වශයෙන් සම්මාදම් වෙලා තියෙනවා. මට දුක මැරුණු අහිංසකයන් ගැනයි.
සමහර සැකකරුවන් සමග ප්‍රසිද්ධ වෙලා ඇති ඡායාරූප ගැන නම් ප්‍රතික්ෂේප කරන්න අපහසු වෙයි...!!!
සියලු දේශපාලුවෝ මෙයට වගකිව යුතුයි.
මොහුව ප්‍රශ්න කරන්නෙ නැත්තේ ඇයි?
මන්ත්‍රී ආසන කීපයක් තියන් මෙහෙම ආණ්ඩු නටවනවානම්, හිතාගන්න පුළුවන් ඉස්සරහට කොහොම නටවයිද කියාලා. ත්රස්තවාදියා ත්‍රස්තවාදියෙක් ලෙස ආණ්ඩුව පිළිනොගන්නා තුරා මේ නැටුම් පවතීවි.
ඇත්ටටම මේ අය මෙහෙම කියනකොට මේ අය වටේ ඉන්න මෝඩයෝ ඒවා පිලිගන්නවා. ඉතින් මේ අය හැමදාම පාර්ලිමේන්තු එනවා. දැන් කිසිම දෙයක් දන්නේ නෑ වගේ කතාව. රගපෑමනම් අති විශිෂ්ටයි.
මෙයා කවදද දෙයක් පිලිගත්තේ
අපරාධකරු බොහෝ විට අපරාධය වසන් කරයි. හොඳයි..! මේ අය මෙම අපරාධයට සම්බන්ධ නම් මේ අය ඇත්තම කියනවා යැයි කියා හිතෙන්නේ පහත සදහන් පිරිසටයි.. 1. ජාති උම්මත්තකයන් 2. කුඩා ළදරුවන් 3.වෙරිවූ බේබද්දන් 4.මන්ද බුද්ධිකයින් 5.වචන නොතේරෙන්නන් 6.අල්-කුර්ආනය නොකියවූවන් 7.තමන්ගේ ම දරුවන් 8.ඇතැම් විට තම බිරින්දෑවන් 9.තම සුවච කීකරු සේවකයන්
අනේ ... ඔයා තොත්ත බබා
මේක හොඳ ආරම්භයක් නොවෙයි. මෙයා ගැන මීට වඩා පරිස්සම් නොවුනොත් අනාගතයේ අපේ අනාගත පරපුරට ජීවිත වලින් ගොඩක් කැපකරන්න වේවි...!!!
සතොස සීනි තොග අස්සේ කොකේන් ආවා, බාස්මතී හාල් කියලි ප්ලාස්ටික් හාල් ආවි, අපි නම් මුකුත් දන්නේ නැහැ.
අනේ මගේ උක්කු පැටියා, ගම්මිරිස් වල ආනයන බදු අඩු කරලා මේ කල්ලියේ ආදායම් සරු කරලා, පිත්තල ටික අරන් දීලා සෙල්ලම් තුවක්කු හදන්න දීලි නේ ද මේ කුක්කු පැටියා.... එන්න වඩාගන්න.
ඇයි මොහුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ??
මෙයා මොනවද මේ කතා කරන්නෙ. වහාම අත් අඩංගුවට ගන්න.
පළමුව මොහුව අත්අඩංගුවට ගන්න ඕනේ
තවුහිද් ජමාද් – බොදු බල සේනා සංවිධාන වලට ආරක්ෂක අමාත්‍යංශයෙන් පඩි ගෙවපු හැටි මෙන්න..! අපේ රට මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුහිද් ජමාද් සංවිධානයත් සිංහල බෞද්ධ සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානයත් ඇතුළුව රාජපක්ෂ සමයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් පෝෂණය කරනු ලැබූ සංවිධාන බවට මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි. ඒ අනුව තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඩීන් මහතා යුද හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවකු බවට පැහැදිලි සාක්ෂි හමු වී ඇත.
ඉතිහාසය පොත් පෙරලා බලන්න එවැනි මෝඩයන්ට සිදුවන දෙය.....
දැන් රගපෑම් එපා...... ජනතාව හරක් නොවෙයි..... සෙල්ලම් කෙරුවා ඇති හොදේ...... පව් අහිංහක මිනිස්සු.......
වෙන දේකටනම් එෆ් සී ඩී ගෙන්නාගෙන ප්‍රශ්න කරනවා එතකොට මෙයාව?
මෙච්චර කාලෙකට කිසිම් දේශපාලකයෙක් වැරදි කාරයෙක් වෙලා නැහැ මොකද වැරදි කරන්නේ අහුවෙන්න නෙමෙයි ඒවා යන්නේ පොඩි උන්ගේ පිටින්.. අණ දීපුඋන් එළියේ ඒවා කරපු උන් ඇතුලේ.. වෙනස එකයි . ඔබ කියනවා වගේ ඔප්පු කරන්න සාක්ෂි නැහැ.
දැන්නම් අපි කාටත් තේරෙන දෙයක් නම් අාණ්ඩුවේ ඉන්න මුස්ලිම් අැමතිවරු මෙ සිද්ධිය පිටුපසින් ඉන්නා බවක්..
අපරාදේ එතුමගේ වටිනා කාලය. මේ නොවැදගත් ප්‍රශ්න හින්දා විනාශ වෙලා යනවා. එතැනදිම ඔප්පුවෙනවනෙ එයාගේ සහෝදරයෙක් අත්අඩංගුවට පත්වෙන්න කොහොමත් බැරි වග... එයාම කියලා එයා කතා කරමින් ඉන්න අතරෙම සහෝදරයා නිදහස් වෙනවා. එයා වෙනුවෙන් තව කවුරුත් උදව් කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්නත් බැහැනේ..
මෙයාව අත්අඩංගුවට ගෙන හදිසි නීතිය යටතේ ප්‍රශ්න කරන්නැත්තේ ඇයි?