(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය උතුර නාවික බල ප්‍රදේශයට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේදි පුද්ගලයෙක් රැගෙන යමින් සිටි වොටර් ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගයක් අද (27) අලුයම අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත්විය. මෙම පුද්ගලයා සතුව තිබී වොටර් ජෙල් කරල් 16ක් හා ඩෙටනේටර් 160ක් සේවා නූල් අඩි 12 1/2ක් සමග මෙම පුද්ගලයා නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව ඒ අවට සිදුකළ සෝදිසියකදි සඟවා තිබූ තවත් වෝටර් ජෙල්කරල් 43ක් ඩෙටනේටර් 55ක් සහ සේවා නූල් අඩි 14 1/2ක් සොයාගැනිමට සමත්විය. සැකකරු සමග මෙම පුපුරණ ද්‍රව්‍ය වැඩිදුර පරික්ෂණ සඳහා කුච්ච්වේලි පොලිසියට බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd