විනීතා එම් ගමගේ
ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් සිව්දෙනා අතරින් ෂැන්ග්‍රිලා හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය තිදෙනාගේ මෘත ශරීර විශේෂ ගුවන් යානයක් මගින් අද (26) ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගොස් තිබුනේ ඔහුගේ දියණියන් තිදෙනා ගෙගන් වැඩිමහල් දියණියන් දෙදෙනා සහ බාලම පුතණුවන්ය. පොව්ල්සන් මහතා බිරිඳ හා තෙවැනි දියණිය එම ප්‍රහාරයෙන් බේරි තිබිණි.
මියගිය තිදෙනාගෙන් දියණියන් දෙදෙනාගේ සිරුරු හඳුනාගත හැකි මට්ටමේ තිබුණත් පුතුගේ සිරුර හඳුනාගත නොහැකි තරම් විනාශ වී තිබු අතර එය හඳුනාගනු ලැබුයේ ඩෙන්මාර්කයෙන් ගෙන්වා ගන්නා ලද ඔහුගේ ඩී එන් ඒ වාර්තා මළ සිරුරු හා සැසඳීමෙනි.
බ්‍රිතාන්‍යයේ ඉඩම් වැඩිම ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස සැළකෙන ඩෙන්මාර්කයේ වංශාධිපතියෙකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් ඔහුගේ බිරිඳ සහ දරුවන් සිව්දෙනා සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටිය දී මෙම දරු තිදෙනා මෙම අනතුරට ගොදුරු විය.
තංගල්ලේ සිට පැමිණ ෂැංග්‍රිලා හෝටලයේ නවාතැන් ගෙන සිටි ඔවුන් එදින පිටවී යාමට සියලු කටයුතු සුදානම් කර තිබුණත් පොව්ල්සන් මහත්මිය සහ එක් දියණියක් නාන තටාකයේ සිට ඇත. අනෙක් දියණියන් දෙදෙනා සහ පුතු සමඟ පොව්ල්සන් මහතා හෝටලය තුළට ගොස් සිටිය දී එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් එයින් සිදුවී නැත.
සිද්ධියෙන් පසු ඔවුන් විදුලි සෝපානය වෙත ගියත් එය එම අවස්ථාව වන විට අක්‍රියව පැවැති හෙයින් ආපසු හැරි ඇතත් ඔවුන් එහි නවතා පොව්ල්සන් මහතා බිරිඳ හා අනෙක් දරුවා සෙවීමට ගොස් තිබේ. මේ අතර දෙවැනි බෝම්බය පුපුරා යාමෙන් එම දරුවන් තිදෙනා අනතුරට පත්ව ඇතැයි හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මළසිරුරු නිදහස් කිරීම ප්‍රමාද වී ඇත්තේ දරු තිදෙනා අතරින් පවුලේ බාලයා වන පුතුගේ සිරුරු හඳුනාගැනීම තහවුරු කරගැනීමේ කටයුතු හේතුවෙනි. එම මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම මළ සිරුරු ඩෙන්මාර්කයට ගෙනයාමට අවසර ලබාදීමෙන් පසු ඒ සඳහාම කටුනායක ගුවන් තොටුපල වෙත අද (26) පැමිණි විශේෂ ගුවන් යානයකින් එම සිරුරු ඩෙන්මාර්කයට ගෙන යනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දුක හිතෙනවා. පව් දෙවියනේ...
ලෝකයේ ලස්සන මුතු ඇටයේ මිය ඇදුණු දරුවනේ... ඔබ තිදෙනාට නිවන් සුව ලැබේවා යයි බොඳවූ දෙනෙතින් ලියමි. පියෙක් හැටියට ඔබගේ දෙමව්පියන්ගේ හද ගැස්ම මමද හඳුනමි. කෙතරම් පින් බල ඇතිව බවභෝග සම්පත් ඇතිව ඉපදුණත් මේ සසර ඉතාමත්ම කුරීරුයි. උපත තරම් අපව අසරණ කරන තවත් දෙයක් නැත. එය ඉතාමත්ම දුක්ඛිතය, අසාධාරණය. මේ බෞද්ධ භුමියේ අසරණ වුණු ඔබලාට මතු යම් දිනක මේ ධර්මයම පසක් වීමට හේතු වාසනා ඇතිව ඉපිද අමා මහා නිවන් සුවයම ලැබේවා..!
මේ ජීවිතවලට වගකියන්න ඕනෑ මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයායි...
මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව, මොක්සුව ප්‍රාර්ථනා කරමි...
ඔබ සැමට නිවන් සුව අත්වේවා!!!!
අප ආදරණීය ශ්‍රී ලංකාව තුළ දී ඔබ සැමට සිදුවූ මෙම විපත ගැන අතිශය කණගාටුවට පත් වෙමි. අප අදහන දහම අනුව ඔබ සැමට අමා මහ නිවන් සුව ලැබේවා
යහ පාලනය දුන්නා, ගොන් පෙරලිය දුන්නා, මහා බැංකුව ගිල්ලා, එයාර් පොර්ට් එකේ වී ගබඩා කෙරුවා, හාමුදුරු වරු සහ හමුදාව හිරේට දැක්කුව, මිනිසුන්ට මරණයත් දුන්නා, සර්වපාක්ෂික තොවිලයකුත් කෙරුවා ....හරිම අපුරුයි අප්පා..... ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහත්මාණනි ඔබ තාත්තා කෙනෙක් හැටියට, ඔබගේ හදවත දැවෙනවා, අපි දන්නවා අපිත් ඔබ සමගයී ! ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහත්මාණනි ඔබ සහ අපේ අසරණ පියවරු හරිම අවාසනාවන්තයී....... එත් අපේ ලොක්කගේ පියා හරිම වාසනාවන්තයී...
අපේ රටේදී මේ පුංචි අහිංසක මල් වගේ දරුවන්ගේ ජීවිත අහිමි කිරීම ගැන ජාතියක් ලෙස අපි දුක් වෙනවා මේවට වගකිවු යුතු හැමකෙනාටම තමන් මැරෙන මොහොතේවත් මේවා සිහිවෙයි
මේ දරුවන් තිදෙනා සමාදානයේ සැතපේවා
හර්ෂ ඔබ හරි. නමුත් ඔවුන්ට එසේ කිරීමට හෘද සාක්ෂියක් නැත
ඉතාමත් සෝචනීයම සිද්දියක් මේ.
නිවන් සුව අත්වේවා
මේ රටට සංචාරකයෙක් තියා සංචාරක කුරුල්ලෙක්වත් ආවොත් පුදුමයි.. ලබාගත් නිදහස ආරක්ෂා කරගන්න බැරි එකම අවාසනාවන්ත රට අපි වෙන්න ඇති...