(ඉන්දිකා රාමනායක)
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ ඇති වු ගැටුම්වලින් ආරක්ෂක අංශයේ හා පොලිසියේ කිසිවකුට හානියක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සිද්ධයේ දී කාන්තාවන් තිදෙනෙක් හා ළමුන් තිදෙනකු රෝහල්ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර රට ගිනිතියන්න හැදූ දේශපාලකයාව අත්අඩංගුවට ගන්න. ඔහු වැරදි ප්‍රචාර නිකුත්කරමින් ඉන්නවා. සමහරවිට ඔහු ත්රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගයෙක් වෙන්නත් පුලුවන්. වහාම පියවර ගන්න වැරදි ප්‍රචාර කළ සාමාන්‍ය මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කළා වගේ...
මාධ්‍ය ප්රකාශතුමණි, ඔබගේ ඔය කියමන සාමාන්‍ය මහජනයාට වඩා වැදගත් රටේ වගකිව යුතු දේශපාලකයිට කිවුවා නම් ඊයේ රාත්‍රියේ ගුවන්විදුලි නාලිකාවක රතුඉර වැඩසටහනට ආ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු කියාසිටියේ ඒ මොහොතේ අම්පාර ප්‍රදේශයේ සිදුවන ත්‍රස්තවාදී සටනකදී තවත් රණ විරුවන් 11 දෙනකු ඒ මොහොතේ මියගොස් ඇති බවයි. එම වැඩසටහන මෙහෙයවූ නිවේදකයා තවම නිල ප්‍රකාශයක් නැතිව එසේ කියන්නේ කෙසේදැයි විමසූ විට එහි වගකීම ඔහු බාර ගන්නාලදී. රටේ සාමාන්‍ය මිනිසකු මෙවන් ප්‍රකාසයක් කලේ නම් ඔහුට කෙසේ වේවිද? ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඕනෑම බොරුවක් කියා ඊට නීතියෙන් ආවරණ තිබේද ඔහු වගකීමෙන් ඉතා අසත්‍යක් කීම නිසා ඔහු ඉල්ලා අස්විය යුතු නැද්ද?
ගැටුම්වලින් ආරක්ෂක අංශවලට හානි නැත කියන එක ජනතාවට වැදගත් කතාකළ යුතු ප්‍රවෘතියක් නොවෙයි. සතුරන් මෙපමණ මැරුණා කියන එක බොහොම වැදගත්...
බමුණුආරච්චි ඔබතුමාට වැදගත් නැති වුණාට ඒක අපිට නම් ගොඩක් වැදගත්. අඩුම තරමේ කෙලෙහි ගුණ කියන දෙයවත් පොඩ්ඩක් තියාගන්න මහත්තයෝ... ඔබලා වගේ කට්ටිය තමයි කොටි ගහන කාලේ බයට ඇඳවල් යට හැංගිලා ඉඳලා ආමි එක මොකක්ද කලේ කියලා පස්සේ ලොකුකම් කතා කලේ... මේ මිනිස්සු ජීවිත පරදුවට තබා කොතරම් සේවයක් කරනවද කියල පෙනෙන මිනිස්සුන්ට පේනවා...
ත්රස්තවාදීන් පිළිබඳ නිසි තොරතුරු ලබාදුන් මුස්ලිම් ප්‍රජාවට අපේ ප්‍රණාමය...