(ඉන්දිකා රාමනායක)
කඳාන පොලිස් ස්ථානය අසල තිබී සැකකටයුතු පාර්සලයක් අද (27) පෙරවරුවේ නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ එම ස්ථානයට පැමිණ එම පාර්සලය පරීක්ෂා කිරීමේ දී එම පාර්සලයේ එළවලු තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.
ජාතික ආරක්ෂාව මේ ආකාරයේ ක්‍රියාතුළින් විහිලුවට ලක් නොකරන ලෙසට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටියි.
මේ අස්ථාවේ මේ ආකාරයේ විහිලු සිදු නොකර ජනතාවක් වශයෙන් සියලු දෙනා එක්ව ආරක්ෂක අංශ වෙත සහය ලබා දී සියලු ජනතාවගේ වගකීම එය බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නෙ නැහැ මෙවන් අවස්ථාවක එවන් විහිළු මහජනයා කරවී කියා. මෙවත් එම වර්ගයෙම උන්ගෙ වැඩක් විය හරකියි. කෙසේ වෙතත් මෙවන් දෙවල් කරන අයට ඇප නැතිව මාස 3 ක්වත් හිරේට යැවිය යුතුයි .
ඒ වගේම ජාතික ආරක්ෂාව එක්ක සෙල්ලම් කරපු මහ එවුන් දෙන්නටත් මතක හිටින පාඩමක් උගන්නන්න ඕනේ.....
සහතික ඇත්ත මෙසේ විහිළු සපයන මී හරකුන් අල්ලා උපරිම දඬුවම් දිය යුතුයි... නිකරුනේ ආරක්ෂක හමුදාවන්ගේ වටිනා කාලය නාස්තිකිරිම, රැවටීම, අහිංසක මිනිසුන් භීතියට පත්කිරීම මගින් කෙනෙකු කෙසේ විනෝදයක් ලබයිද යන්න නම් විශාල ගැටලුවකි. එමෙන්ම මෙසේ බොරු තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම යෝග්‍ය නොවන්නේද? මක්නිසාදයත් මෙය විහිළු කරන අවස්ථාවක් නොවන බැවිනි.
ඔක්කෝටම කලින් මේ ටිකට වෙඩි තියලා දමන්න ඕනෑ...
අපි මේවගේ ජරා වැඩ කරන අයව අල්ලලා දෙන අයට තෑගි දෙන්න පටන් ගමු. එතකොට ඔවුන්ගේම උන්උන්ව පාවලා දෙයි..
කියකියා ඉන්නේ නැතුව එකෙක්, දෙන්නෙක් අල්ලලා හොඳ දඬුවමක් දුන්නා නම් අනික් එවුන් නිකන්ම නවතියි. අනෙක, පොලිසිය ලඟ මෙහෙමනන් අනික් තැන්වල කවර කතාද? අනේ අපිට හරි හමන් තීරණ ගන්න කොන්දක් ඇති නායකයෙක් නැති විදිහ... (හිටපු අය ගැනනම් නෙවේ මම කියන්නේ)
මම කිව්වේ අපේ එකාලගේ කිසිම තැකීමක් නැහැයි කියලා... කොච්චර උපදෙස් දුන්නත්. මේවා හිතාමතා කරනවා නම් ජාතියක්, ජන්මයක් නොබලා රිදෙන්න දෙන්න ඕනේ... නැත්තම් මේ කාලකන්නි මිනිස්සුන්ව හදන්න බැහැ...
මේක කියන්න ඕනේ රනිල්ට...
මේ ප්රශ්නය විහිලුවට අරන් තියෙන මානසික ලෙඩ්ඩු ඔක්කොටෝම කලින් යවන්න ඕනෑ. එහෙම කරන්න බැරි නම් ත්රස්තවාදීන් ගොඩටම දාන්න.
CCTV වලින් මේ මන්ද බුද්ධිකයන්ව අල්ල ගන්න . අල්ලන් දඩුවම් දෙන්න
මේ ආණ්ඩුවේ බුද්ධි අංශය ජෝතිෂ්යවේදීන්ට දුන්නා නම් නියමයි.
මේ ට්‍රැෆික් එකට අද උදේ මමත් පුද්ගලිකව අහුවුණා. මට කඳානේ ඉඳන් වැලිගම්පිටියට එන්න පැයක් ගියා. සාමාන්‍යයෙන් මිනිත්තු 10ක ගමන. මේ වගේ මානසිකත්ව තියන අය අල්ලලා ප්‍රසිද්ධියේ හන්දිවල ගැටගහලා තියන්න ඕනෑ...
මේක විහිලුවක් නෙමෙයි. එක්තරා දේශපාලන පක්ශයකට ඕනෙ මේ තත්වය පුලුවන් තරම් තියා ගන්න. එයාලගෙ අනුගාමිකයො තමයි මේවා කරන්නේ...
මේවා විහිළු නොවේ . ආරක්ෂක අංශ නොමග යැවීමට කරන වැඩ . දැඩි දඩුවම් දිය යුතුයි .
මෙහෙමත් අමනයෝ ජීවත්වෙන රටක්ද මේ?
ජාතික ආරක්ෂාව සමග පාලකයන් විහිළු කළ නිසා තමයි මෙහෙම වුනේ... ඒ විහිළු ගැන 62ට කිසි විහිළුවක් නැහැ.