හර්ෂණ තුෂාර සිල්වා
“තවත් ආගමකට, තවත් ජන කොටසකට පහර දීම” ඉස්ලාම් දහමට පටහැනි යැයි සිකුරාදා දේව මෙහෙය පවත්වමින් කොළඹ දෙවටගහ මුස්ලිම් පල්ලියේ ඉක්බාල් මවුලවිතුමෝ අද (26) ප්‍රකාශ කළහ.
‘සිකුරාදා ජුම්මා දේව මෙහෙයට’ එක්වෙමින් ඉක්බාල් මවුලවිතුමෝ ඒ බව සඳහන් කළහ.
සිකුරාදා ජුම්මා යාඥාව පවත්වමින් කොළඹ, පුරහල, දෙවටගහ ජුම්මා මස්ජීද් දේවස්ථානයේ ඉක්බාල් මවුලවිතුමෝ මෙසේ ද කීහ.
“සිය ප්‍රාණය නසා ගැනීම ඉස්ලාම් දහමට පටහැනියි. අනෙක් ආගමික ස්ථානවලට ගෞරව කරන්න ඒවා ආරක්ෂා කරන්න කියා කුරානයේ සඳහන්ව තිබෙනවා. අනෙක් ආගම්වලට, අනෙක් ජනකොටස්වලට ගෞරව කරන්නැයි ඉස්ලාම් දහමේ සඳහන් වෙනවා. කුරානයේ ඒ බව පැහැදිලිව සඳහන් වෙනවා.
තවත් ජන කොටසකට, තවත් ආගමික කොටසට පහර දීම, ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. එය ඉස්ලාම් දහමට පටහැනියි. එලෙස වෙනත් ආගමකට, ජන කොටසකට පහර දීම ඉස්ලාම් දහම විසින් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.
පාස්කු ඉරිදා දිනයේදී අපේ කිතුණු සහෝදරයන් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජයම පීඩාවට පත්වෙලා. අපේ මුස්ලිම් ජනතාව බියටත් පීඩාවටත් පත්වෙලා.
මුස්ලිම් ජනතාව දෙස වෛරයෙන් ක්‍රෝධයෙන් සැකයෙන් බලන තත්ත්වයක් උදාවෙලා. මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන් බවට පත්වෙලා. අපි මේ තත්ත්වයෙන් මිදෙන්න ඕනේ. අපේ සහෝදර ජනතාවට අපි ත්‍රස්තවාදීන් නොවන බව කියන්න ඕනේ. ඒක කරන්න ඕනේ අපිමයි” මවුලවිතුමෝ කීහ.
සිකුරාදා දිනය යනු ඉස්ලාම් බැතිමතුන් ඔවුන්ගේ දේව මෙහෙය සහ යාඥා සඳහා පල්ලිවලට යන දිනයයි. සාමාන්‍යයෙන් සිකුරාදා දිනයේ දී මුස්ලිම් දේවස්ථාන අසල දැඩි වාහන තදබදයක් දක්නට ලැබුණත් අද (26) දිස්වූයේ ඉතා නිස්ලංක ස්වරූපයකි.
කොළඹ පුරහල අසල පිහිටි දෙවටහග ජුම්මා මස්ජීද් මුස්ලිම් දේවස්ථානය යනු මෙරට ප්‍රධානතම පල්ලයකි. වෙනාදට මුස්ලිම් බැතිමතුන්ගෙන් පිරී තිබෙන මෙම පල්ලියට ඊයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණි. පල්ලියට ඇතුළු වන සෑම පුද්ගලයකුම පරීක්ෂාවට ලක් කෙරුණි. විශේෂ කාර්ය බලකාය මෙන්ම පොලිස් නිල සුනඛයන් ද යොදා ගනිමන් පල්ලිය තුළත් පල්ලිය අවටත් දැඩි පරීක්ෂාවකට ලක් කෙරුණි. පල්ලිය අවටත් පල්ලිය තුළත් දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් දක්නට ලැබීම ද සුවිශේෂී කරුණකි.
පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන හෝටල් ත්‍රිත්වයකට , කතෝලික දේවස්ථාන තුනකට සහ තවත් ස්ථාන කිහිපයක පුපුරා ගිය බෝම්බ ප්‍රහාරවලින් 253 පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන හෝටල් ත්‍රිත්වයකට , කතෝලික දේවස්ථාන තුනකට සහ තවත් ස්ථාන කිහිපයක පුපුරා ගිය බෝම්බ ප්‍රහාරවලින් 253 දෙනකු මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
කෙසේ නමුත් මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබිණි. ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 390ක් ලෙසින් මුලින් වාර්තා වූ නමුත් එම සංඛ්‍යාව 253ක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එවැනි පසුබිමක් තුළ සිකුරාදා දිනයේදී ජුම්මා දේව මෙහෙයන් නොපවත්වන්නැයි තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
එමෙන්ම ආගමික ස්ථාන, හෝටල්, ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථානවලට තවදුරටත් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි මෙරට පොලිසිය, බුද්ධි අංශ, විදෙස් බුද්ධි අංශ සහ විදෙස් තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබිණි.
එවැනි තත්ත්වයක තුළ ඇතැම් මුස්ලිම් පල්ලි වසා දැමුණු අතර ඇතැම් දේවස්ථානවල දැඩි ආරක්ෂාවක් යටතේ සිකුරාදා ජුම්මා යාඥා පැවැත්විණි. කොළඹ දෙවටගහ ජුම්මා මස්ජීද් පල්ලියේ බිලාල්වරයකු වන ෆවුසල් අමීන් අප සමඟ මෙසේ කීවේය.
මෙරට ඓතිහාසික මුස්ලිම් පල්ලියක් ලෙස සැලකෙන රතු පල්ලිය හෙවත් මස්ජීද් අබ්රාර් දේවස්ථානයේ ද එතරම් පිරිසක් නොවීය. කොළඹ කොටුවේ වෙළෙඳසැල්වල මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනා ජුම්මා යාඥා දේවස්ථානවලට යන්නේ මෙම පල්ලියටය. කොළඹ කොටුවේ දෙවැනි හරස් වීදියේ මේ පල්ලිය ඇතුළුවන මාර්ග දෙකකට පොලිසිය යොදා තිබූ අතර පොලිසියේ සහායට මුස්ලිම් ප්‍රජාවේ අයද එක්ව සිටියහ. කඩ සාප්පු වසා දමා තිබිණි.
ඡායාරූප - ළහිරු හර්ෂණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කිව්වට ඔය පහර දීලා තියෙන්නේ....
වෙනත් ආගම් වලට ගරු කරන්න.. කොහෙද අප්පා මේක තියෙන්නේ?
හරියටම හරි. මෙම අන්තවාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට වැඩිම දායකත්වය ලබා දිය යුත්තේ මුස්ලිම් සහෝදරවරුනුයි.
කියන එකට විරුද්ධ දේනේ සිද්ද වෙන්නේ... මීට පෙර හිටපු පාප් වහන්සේ තුර්කියට ගිය අවස්ථාවේ කුරානයේ සඳහන් කියූ වැකියක් එහි වැසියන් ප්‍රදර්ශනය කරමින් හිටියා...
ඇයි අල්ලා දෙයියනේ, මේ මිනිස්සු මුලු ලෝකයේම කරලා තියෙන්නේ අනිත් ආගම්වලට පහර දෙන එකනේ! කොයි මුස්ලිම් නායකයද, කොයි මුස්ලිම් රට ද මේක නතර කරන්න ඉදිරිපත් වුනේ?
මුස්ලිම් ආගමේ මුලධර්ම දන්නා අයට මේක අලුත් කියමනක්. අපි රැවටෙන්නේ නැහැ. සිංහලයනී රැවටෙන්න එපා
දැන් පහරදීලනේ තියෙන්නේ. එහෙම නම් මෙහෙම කියන ඔබට තියෙනවා ලොකු වගකීමක්... මේ දේට විරුද්ධව නැගී සිටලා මේ දේ ඉවර කරන්න සහයෝගය දෙන්න.
පහර කොහොම වෙතත් මේ හරස් වීදිය බ්ලොක් කලේ කව්ද?
කරුණාකර ඔයාලගේ ආගමේ හරි එක කියන්න. අනිත් ඒවා ආණ්ඩුවෙන් තහනම් කරන්න කියන්න. දැන් ඔක්කොම පස්ස ගහනවා... අල්ලාහ් කියන්නේ ඔයාලගේ දෙයියෝ නෙවිද? අයි මැරෙන අය අල්ලාහ් අක්බර් කියන්නේ... එයාලා ඉස්ලාම් නෙවි නම්... ඔයාලගේ ආගම ඔයාලා හරියට හදාගත්තේ නැති නිසා දැන් කොයි කාලයක් තිස්සේ අපි රණ්ඩු වෙනවද?
වසර ගණනකට පෙර ලෝක පුජිත බාමියන් බුදු පිළිම විනාස කලා අපිට මතකයි.
දැන් පහරදීම් වෙලා ඉවරයි. රටේ ඉන්න අනිත් මුස්ලිම් ජනතාව විසින් මෙම ප්රශ්නය විසදීමට විශාල දායකත්වයක් ලබා දිය යුතුයි
මම දන්නා විධියට මුස්ලිම් සහෝදරයන් තව කෙනෙක් කුසගින්නේ ඉන්නවා දැනුනොත් ඔවුන් ඔවුන්ගේ අහාර වේල වුවත් දෙන පිරිසක් . ලොව කොයිම අගමකවත් තව කෙනෙකුට ආගමකට විපතක් කරන්න අනුදැන වදාලා නැහැ . මෙය හුදෙක්ම පහත් මානසිකත්වයක් ඇති තිරිසන් හැගීම් වලින් පෝෂණය ලද අන්තවාදී කල්ලි විසින් මෙවැනි ව්‍යසනයන් කරවා එය ශුද්ධ වූ ප්රහාරයන් ලෙස හුවා දක්වමින් ශුද්ධ ආගම් වලට නිගා දෙනවා .. මේ අන්තවාදී ක්‍රියාදාමය මුළු ලෝකයෙන්ම ඉවත් කර දැමීමට අඩිතාලම දැමීමට ලාංකික මුස්ලිම් ප්‍රජාවට මෙය මහගු අවස්ථාවක් ..ඒ සඳහා මේ ලෙසටම ඉදිරියටත් ලෝකවාසී මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන්න කියා මෙම මව්ලවිතුමාලාගෙන් ඉල්ලමි .අවෛරයෙන් පමණයි වෛරය සංසිඳෙන්නේ .
කුරානය නැති නම්... මේ ලොව කිසිඳු යුද්ධයක් පවතින්නේ නැත.
එතකොට කඩු ගොඩ ගහලා තිබුනේ පල්ලිවල කුරුම්බා ලෙලි ගහන්නද?
කුරානය: 8.12. අවිශ්වාස කරන්නවුන්ගේ හදවතට ත්‍රස්තයා ඇතුලු කරන්නෙමි..