(ඩයනා උදයංගනී)
වැරදිකරුවා දුටු තැන ඔහුට දඬුවම් කිරීම කළා නම් යළිත් රට තුළ විනාශකාරී අන්තවාදී ත්රස්තවාදයක් ඇතිවන්නේ නැතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවැනි දේවලදී දේශපාලන වාසි ගැනීම සුදුසු නැති නමුත් මෙම වරදකරුවන් ආරක්ෂා කරන්නට ඇත්තේ යම් දේශපාලන උවමනාවක් නිසාදැයි සිතෙන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී පවතින යථාර්ථයට මුහුණ දී රට තුළ සංහිඳියාව හා එකිනෙකා අතර සම්බන්ධතාව තහවුරු කරගැනීම සඳහා ගනු ලබන සියලු ක්‍රියාමාර්ගයන්ට සහය දෙන බව ද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (26) පැවති ජාතික ආගමික සංහිඳියාව සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් කැදවූ විශේෂ සර්වආගමික හා සර්ව පාක්ෂික සමුළුව අමතමිනි.
දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශවයේ අනු නා හිමි, වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශවයේ අනු නා හිමි, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නා හිමි, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නාහිමි ප්රමුඛ මහා සංඝරත්නය, ආචාර්ය ඔස්වර්ල්ඩ් ගෝමිස් විශ්‍රාමික අගරදගුරුතුමන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්, සාමි ගුණාතේනන්දා සරස්වතීතුමන්, හින්දු ආගමික පදනමේ සභාපති බාබු ශර්මා කුරුක්කල්තුමන්, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සභාපති අල්ෂෙයින් එම්.අයි.එම් රිෆ්කි මුෆ්තිතුමන්, ෆාසිල් ෆාරුක් මවුලවිතුමන් ඇතුළු සර්ව ආගමික පූජකවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, ඒ.එච්.එම් හලීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සී.බී රත්නායක, සුසිල් ප්රේමරජයන්ත, ගාමිණි ලොකුගේ, එම්.ඒ සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, විජිත හේරත් යන මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් නේද..
දැන් වැරදි නොසොයා කළ යුතු දෙය ඔබතුමා පහදලා දෙන්න. එයයි අප ඔබතුමාගෙන් බලාපොරොත්තු වන්නේ..!!
කාටවත් කාට හෝ වරද පටවා තනිතනිව බේරෙන්න බැහැ. මේ ඔක්කොම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනෑ. දැනදැන මිනිස්සුන්ව ඝාතනය වීමට සලස්වන්න තරම් ඔක්කොම බලයට කෑදර වුණා. අනික් කාරණය තමයි එදා කාලයේ දඬුවම් කෙරුණු අයුරුත් අපි දැක්කා, ඊළඟ මැතිවරණයකදී ජනතාව නිවැරදිම තීන්දුව ගනීවි.
දැන්වත් එ්ක තේරුණු එක හොඳයි.. ඔබතුමා තමන්ගේ කියලා කට්ටිය බේරුවේ...
ඇයි අර මල්වත්ත හාමුදුරුවෝ වැඩියෙ නැතෙයි...!!!
ආත්මශක්තියක් නැති නිවට නියාලු පාලකයන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද මහත්තයෝ..?
ඔය මොනවා කිව්වත් ඒකාලේ විල්පත්තුවේ ඉඩම් දුන්නේ, හිස්බුල්ලා එක්ක නැගෙනහිර හදන ෂරියා විශ්ව විද්‍යාලයට අවසර දුන්නේ දැන් ත්රස්තවාදීන් කියන සංවිධානය ආරම්භ කරන්න අතහිත දුන්නේ ඔබතුමාම නේද? අපි දැක්කා ඔබතුමා කියනවා බේරුවල මුස්ලිම් ජනතාව පදිංචි කරන්නට තාත්තා තමයි මුල් වුනේ කියලා. එතකොට අර බැසිල් මහත්තයා වන්නියේ දී කියන්නේ මුස්ලිම් පල්ලි 200ක් හදලා දුන්නා. එයා තමයි ඒ පළාතට ගිය පලවෙනි සිංහල බෞද්ධයා කියලා. ඒ කාලේ මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්න නැතුව ඇති නේද?
මුළු ජාතියම නියම සිංහලයා ඉල්ලන්නේ ඔබතුමාව භාර ගන්න රට බේර දෙන්න මව්බිම
ඉස්සර වගේද? ෆයිල් තියනව හොදේ කියල දුටු තැන දඩුවම් කරපු විදියට වෙන්න ඇති නේ.
ත්රස්තවාදීන්ට වගේම රටේ සිටින දේශපාලන හොරුන්ටත් පමා නොවී ඔය කියන විදියට දඬුවම් ලබා දුන්නේ නම් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්ද මෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට පත් නොවෙනු ඇත.
කතාව සහතික ඇත්ත.. වරදට නිසි දඬුවම් අවශ්‍යමයි. සරත් ෆොන්සේකාව පත් කරන්න එපා යයි ජනපතිට කියපු අර කව්දෝ හාමුදුරුවරුන් තිදෙනාත්, උසස් පොලිස් නිලධාරීන් තිදෙනාත්, මේ ව්‍යවසනයට වගකිව යුතුයි නේද?
තමන්ගේ ගමෙන් මේ බෝම්බ කරුවෝ මේ මොහොතේදී අල්ලලා තියෙනවා... ඒ ගැන මොකද කියන්නේ? දන්නේ නැත්ද? දන්නවා නම් දඬුවම් දෙනවද? දැන්නම් සේරමලා අති විශේෂයන් විදියට කතා කරන්නේ. මෙහෙම මොළකරුවෝ ඉද්දිද.. මේ තරම් විනාශයක් වුනේ? මේවට කොහෙන් හිනහ වෙන්නද මන්දා...
ලැජ්ජයි පර්සි සීයේ,... කබල රත්වෙන වෙලාවේ රොටි පුච්චන්න හදනවා නේද?
වැරදි කරු දුටුවිට ඔහු හෝ ඇය මොන වෑන් රථයෙන් ගෙන්වාගත්තත් රටේ ජනතාවට කමක් නැත. එය සෙවීමෙන් ජනතාවට ඇති ඵලය කුමක්ද?
ඊට වැඩිය හොඳ යෝජනාවක් කියන්නම්.. වරද කරන පුද්ගලයාව දුවලා ගිහින් බදාගන්න එක...
හරියට හරි කතාව... ඉක්මනටම තාජුදීන් මරපු අයට දඬුවම් දෙන්න.
මේ කියන්නේ සරත් ෆොන්සේකා මහතාට, ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එහෙම දඬුවම් දීපු ආකාරය ගැන නේද ??
මේ දේසපාලකයන් භූක්ති විඳින මහා පරිමාන වරප්‍රසාද වලට අනුව ඔවුන්ගෙන් රටට සිදුවෙන්නේ ඉඳිකටු තුඩක තරමේ සේවයක් පමණි. මේ මහා ඛේදවාචකයෙන් පසුව පාර්ලිමේන්තුව රැස්කරවලා ඊට විසඳුම් හොයනවා වෙනුවට එක එක්කෙනාට ඇඟිලි දික්කරගෙන නාඩගම් නටන දේසපාලකයන් පිරිසක් ලංකාවේ ඉන්නේ ..
කවදාවත් රටට ආදරය කරන පාලනයක් එයි කියලා හිතන්නවත් බෑ. ඔක්කොම එකයි. ත්රස්තවාදීන් මෙච්චර ක්‍රියාත්මක වෙනකම් මොනාද කරලා තියෙන්නේ.
ලංකාවේ වරදකරුවන්ට දුටුතැන නෙමේ, පස්සෙවත් දඬුවම් කරන්න ලැබුණා නම්, මහජනතාව මෙච්චර අසරණ වෙන්නේ නැහැ. බොරුවෙන්, රැවටීම් වලින් අනාථ වෙන්නෙත් නැහැ...
එහෙනම් ජනාධිපතිවරණයකට ඉල්ලන්න කෙනෙක් ඉතිරිවන්නේ නෑ.
මෙවැනි අදහස් පල කරන සියලු දෙනාගෙන්ම පෙනී යන්නේ තවමත් පාට, පක්ෂ වලට අවනත වී සිටින බවයි.
මට නම් තිත්තයි... මෙයාලගේ කතා අහලා.
ඔබතුමාත් එදා එහෙම කළා නම් අදත් රටේ පාලකයා ඔබයි.
ඒ කියන්නේ ඔබතුමාලා කළා වගේ... සුදුවෑන් වලින් හෝ ගිහිල්ලා වෙඩි තියලා මරාපල්ලා කියන එක....
වැරදි දුටුතැන දඬුවම් දෙන්න පටන ගන්නකොට.. පළිගන්නවෝ... පළිගන්නවෝ... කියලා කෑගහන්න පටන් ගත්තනේ..! මතකයි නේද?