(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම විල්පත්තු හා අවට ගම්මානවල සැකසහිත ස්ථාන අද (28) උදෑසන සිට ආරක්ෂක අංශ විසින් හදිසි සෝදිසි පරීක්ෂාවකට ලක්කිරීමට පියවර ගෙන ඇත.
යුද හමුදාව, යුද හමුදා විශේෂ බළකාය, නාවික හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබලුන් විසින් මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකෙරිණි.
සැක සහිත ස්ථාන, නිවාස හා කැලෑබද ප්‍රදේශයන් පූර්ණ සෝදිසියකට ලක් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය 21 වැනි දා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසුව ත්‍රස්ත කණ්ඩායම් හෝ යුද උපකරණ ඇත්තේ ද යන්න පිළිබඳවත් සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවට උතුරේ ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි විල්පත්තුව සුද්ද කරලා ... සත්තුන්ට සහ වනජීවියට ... බාරදෙන්න හොඳම වෙලාව .. !
ප්‍රමාදවී හෝ අවසානයේ නියම තැනට ඇවිත්..
දැන්වත් හරි වැඩේ කරන්න. රටේ ආරක්ෂාව එක එක දේශපාලන හොර තක්කඩින්ගේ ඕනෑ එපාකම් වලට යට වෙන්න දෙන්න එපා.. එ්කෙන් මැරෙන්නේ අපි සහ ආරක්ෂක හමුදා සාමාජිකයන්..
මෙන්න තවත් තැනක් දැඩි සෝදිසියකට ලක්කළ යුතු...