(ඉන්දිකා රාමනායක)
මඩකලපුව වව්නතිව් පොලිස් මුරපළට ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනි දින අලුයම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා, කපා කොටා, ඝාතනය කර ඔවුන් සතුව තිබූ රිවෝල් ගිනිඅවි 02 පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා සතුව තිබූ පැහැර ගත් රිවෝල් ගිනිඅවි 02ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මාවනැල්ල ප්‍රදේශයේදී මීට මාසයකට පමණ ඉහතදී නිවසක නිදාසිටි අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට මෙම රිවෝල්වරයක් භාවිතා කර ඇති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා මේ වගේ සොයන්න ආරක්ෂක ඇමති තුමෙක් හිටියේ නැනේ ?
සත්‍යය පුවත් දැන ගැනිමට ඔබ හා එක් වෙමි
ඒ කියන්නේ කළේ කවුද කියලා කලින්ම දැනගෙන හිටියට ඇල්ලුවේ දැන් කියන කෙනාවමද?
කබීර් හෂීම් කියලා තිබුණා මේ සිද්ධියට සම්බන්ධ ත්රස්තාවාදියා පොලිස් අත්අඩංගුවේ සිටිද්දී, දේශපාලකයෙක් බලපෑම් කරමින් නිදහස් කළ බව.