(කේෂර ගුණතිලක)
වැල්ලවාය මහවෙලමුල්ල ප්රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසකට ඉකුත් 26 දා රාත්රියේ අත්බෝම්බයක් දමා ගැසීම සම්බන්ධයෙන් පුද්ගලයන් හයදෙනෙකු වැල්ලවාය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
නිවසේ ජනේලයකින් අත්බෝම්බය නිවසට ගසා ඇති අතර එය පුපුරා ගොස් නැතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය රණවරාව, සෙල්බාව, තෙළුල්ල යන ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් උසාවියට ඉදිරිපත්කිරීමට නියමිතය.
වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැත්තේ වැරැද්ද තමයි.
මෙවැනි ක්රියා වහා නතර කලයුතුයි . නැත්තම් අපේ රටේ නාමය හා ජාතියට කලුපල්ලමක් විය හැකිය
ඒ අයගෙම කට්ටියක්ද ?