(හිඟුරානේ නවරත්න සමරතුංග)
පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකළ සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පල්ලියේ සභාපතිවරයා සහ ආගමික අංශය භාරව කටයුතු කරන අයෙකු ඇතුලු යාබද ඉඩමේ පදිංචිකරුවෙකු බව කියයි.
පොතුවිල් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් සහ පොලිසිය ඒකාබද්ධව සිදුකල සෝදිසියකදී පිළිස්සීමට ලක්වූ මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති බව කියයි.
සැකකරුවන් සහ එම භාණ්ඩ පොතුවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.
අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.වැලිසරගේ මහතාගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර දිසානායක කණ්ඩායම් භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක රේවන්ත හොරණගේ අරුගම්බේ පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුලු නිලධාරීහු 15 දෙනෙක් සෝදිසි මෙහෙයුමට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පල්ලිවල ඉන්නේ පූජකවරුන් නෙමේනේ... ඔක්කොම මිනීමරුවෝ නේ. මහලොකුවට ආගම කියනවා කියන්නේ මිනිස්සු මරන්න සැලසුම් කරන එකද?
සෑම මුස්ලිම් පල්ලියක්ම නොපමාව පරීක්ෂා කරන්න. පැය විසිහතරේම පොලිස් ඔත්තුකරුවන් මේ ආශ්රිතව රඳවන්න.
කිසිම අවදානමක් ගන්න එපා. මුලු රටේම තියෙන හැම පල්ලියක්ම පරික්ෂා කරන්න.
බලාගෙන ගියාම පල්ලිවල ඉඳලා තියෙන්නේ මිනීමරුවෝනේ.
ත්රස්තවාදීන්ට වැඩිය මෙවැනි පුද්ගලයන් තමයි .... ත්රස්ත මර්දනයට ඉතාමත් වැදගත් වෙන්නේ !
පල්ලි විතරක් නෙවේ, හැම ආගමික ස්ථානයක්ම පරික්ෂා කරන්න.
ජංගම දුරකථන ගිනි තැබීම නීති විරෝධිද?