(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාව (27) අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේදී මීගමුව ගුවන් හමුදා නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුව ඔහුව මීගමුව පොලිසියට බාරදුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා පැවසීය.
නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆාරිස් මහතාගේ නිවසේ තිබියදී කඩුවක්, කිනිසි කිහිපයක් සහ ජංගම දුරකතන සඳහා භාවිතා කරන බැටරි තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවත් මීගමුව තෙල්වත්ත ප්‍රදේශයේදී වත්තක සඟවා තිබූ එම්- 5 වර්ගයේ ප්‍රභූආරක්ෂක ගිනි අවියක් සහ ජීව උණ්ඩ 161 ක් සමග මැගසින් 02 ක් සොයාගත් බවත් පොලිසිය කීයයි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට සහ ආරක්ෂක අංශ වලට තොරතුරු ලබාදෙන පුද්ගලයන් හට මුදල් තෑගී ලබාදීමේ වැඩපිළිවෙලක් රජය මගින් ක්‍රියාත්මක කළහොත් සිවිල් වැසියන් ආරක්ෂාව සහ සැකකටයුතු සිදුවීම් සම්බන්දව තවතවත් උනන්දුවෙන් සහ අවධානයෙන් සිටීමටත් එය ආරක්ෂක අංශවලටත් රජයටත් මහත් රුකුලක් වනු ඇත.
මීගමුවේ අහිංසකයන්ගේ මරණවලට වගකියන්න වෙයි. කුදලාගෙන අරන්යන්න ඉතිරි ආයුධ ටිකත් පෙන්වන්න.
මෙි කඩු හා කොම්පඤ්ඤවීදියේ කඩු සමානයි. කට්ටිය එකටම බදු බෙදා හැර ඇත,
මෙතන තිබෙන කඩුවත් අර අත්අඩංගුවට ගත් කඩු ගොඩේ එකක් නේද? බමුණුආරච්චි කීවා වගේ තව කඩු ගොඩක් රට තුල තිබෙනවා. මේ කඩු ගෙනාවේ කොස්කොටන්න නොවේ. එහෙනම් කාට කොටන්නද?
උපාසක චරිතයක්
කඩුව නම් කොම්පඤ්ඤවීදයෙන් හම්බ වෙච්ච එක වගේමයි
උපාසක වෙසින් ඉන්න බොහෝ නායකයෝ මේවට සම්බන්ධ ඇති එහෙම නැතුව මේ සංවිධාන මේ තරම් වර්ධනය වෙන්නේ..... ඉතින් ඡන්ද ටිකකට කරදර වෙලා රට අස්ථාවර වෙන්න දෙන්න එපා තරාතිරම බලන්නේ නැතුව සැක කරන හැම කෙනාව අත්අඩංගුවට ගන්න