(නිමල කොඩිතුවක්කු)
නීතිය සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගෙන් අත්සන් ගැනීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
කොළඹට පැමිණ සිටි සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීමෙන් පසු මෙම ලිපිය ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කර බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ඒ පිළිබද විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙකු පත් කළ යුතුව ඇති බවත් ඒ සඳහා වඩාත්ම සුදුසුම පුද්ලයා ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා බවත් යෝජනා කරමින් මෙම ලිපිය සකස් කර ඇත.
පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් මෙම ලිපිය සකස් කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් අත්සන් ලබා ගැනිීමෙන් පසු එය ජනාධිපතිවරයා වෙත භාර දෙන බවත් සන්දිත් සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමාගේ අතට තුවක්කුව ගත්තහම වැරදි ඉලක්ක වලටත් වෙඩි තියන්න පටන් ගනීද දන්නේ නැහැ.
ක්‍රිකට් ක්‍රිඩාව නැත්තටම නැතිවුණා, එහෙනම් අර්ජුනව ක්‍රිඩා ඇමති කරන්න තිබුණනේ , අත්දැකීම්, තියෙනවා කියල.
වැඩේනම් හොඳයි.., නමුත් මීට හුඟක් කලින් කරන්න තිබුණු එකක් නමුත් මේක කෙරෙන එකක් නෙමෙයි ..!
ඕක බලලා කුණුකුඩේට දායි... අසාද් සාලි අකමැති වුණා කියලා අපේ ජනදුක හඳුනන ජනපතිතුමා, පේනවා නේද පොලිස්පතිතුමාව ඉවත්කර ගන්න බැරුව අර මොනවද කෑ රිලවා වගේ ඉන්නවා.
සන්දිත් සමරසිංහ කොහෙන් මතුවෙන මන්ත්රීලද මන්දා?
මෙයට බය දේශපාලකයන් පමණි. ජනතාවට අවශ්‍ය දෙය ඔවුන් දෙන්නේ නැත. මෙය තමා හොඳම උදාහරණය...
සරත් ෆොන්සේකා වැරැදි ඉලක්කවලට වෙඩි තිබ්බා නම් යුද්ධය මේ තරම් ඉක්මනට ඉවර වෙන්නේ නැහැ. මෙය දිය යුතුම තිබ්බේ වසර ගණනකට පෙරයි. ඒත් මෛත්‍රීෙග් නමට නොගැලපෙන හිතුවක්කාර තීරණ නිසා දුන්නේ නැහැ. අද ඒකේ ප්‍රතිඵල අපි විඳිනවා. මේවාට ජනපතිත් වගකිව යුතුයි.
කඹ ඇදිලි පැත්තකට තියලා සුදුස්සාව සුදුසු තැනට ගේන්න මේ ආණ්ඩුව කටයුතු කළයුතුයි. ඉක්මණටම... පරක්කුවෙලා හරි ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට බලය පැවරුව නිසා මහා විනාශයක් වෙන්න තිබ්බ මේ රට දැන් ටික ටික සුද්ද පවිත්‍ර වේගෙන යනවා.
කළයුතුම දෙයක්
සමහරු බයවෙලා වගේ.. වැරදි ඉලක්ක නොවේ එම ඉලක්ක වෙඩිතියා දමන්නම අවශ්‍ය ඉලක්ක... ඒවාට බයේ තමයි ඔය රට කාට ගියත් ඕක නොදෙන්නේ...