බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය. 21 January 2020
දයාසිරි ශ්‍රී.ල.නි.ප.යට තුනෙන් එකක් ඉල්ලයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය ස`දහා අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් එකක අපේක්ෂක ප්‍රතිශතයක් ලබාදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 21 January 2020
පෞද්ගලිකව හානි වූ අයගෙන් රන්ජන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලයි හඬ පට ප්‍රචාරය වීමෙන් පෞද්ගලිකව හානී වු සියලු දෙනාගෙන් අවංකවම සමාව ඉල්ලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද ( 21) පැවසීය. 21 January 2020
ගානියර්ගේ දුරකතන වාර්තා ගැන සීඅයිඩීය අධිකරණයට කරුණු දක්වයි පැහැරගැනීමට ලක් වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියර් බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අයගේ දුරකතන වාර්තා සම්බන්ධයෙන් අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. 21 January 2020
ශානි බ්‍රහස්පතින්දා සීඅයිඩීයට වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ශානි අබේසේකර මහතා ලබන 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අද(21) අධිකරණයට කරුණු වාර්තා කළේය. 21 January 2020
වැඩ තහනම් වූ බද්දේගම මහෙස්ත්‍රාත් අපරාධ කොට්ඨාසයට අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධ සිද්ධියකට දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඇත. 21 January 2020
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ඒ.එච්.එම්.ඩී. නවාස් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලදී. 21 January 2020
අල්ලස් ගත් ආගමන විගමන කළමනාකාර සහකාරවරයා රිමාන්ඩ් අල්ලස් වශයෙන් රුපියල් 5000 ක් ලබා ගත් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරයා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළාය. 21 January 2020
හෙරොයින් ළඟ තබාගත්තැයි ජීවිතාන්තය දක්වා හිරේට හෙරොයින් ග්‍රෑම් 03 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු ග්රැන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (21) නියම කළේය. 21 January 2020
කසළ කන්දේ දුමාරයක්: පාසලක්-පෙර පාසල් 2 ක් වහයි කතරගම වැඩිහිටිකන්ද පාමුල කසළ කන්දකට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් නිකුත් වූ අහිතකර දුමාරය හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි දෙටගමුව විදුහල සහ පෙරපාසල් දෙකක් අද(21) වසා දැමීමට පියවර ගෙන තිබේ. 21 January 2020
රාජිතට නොතීසි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්‍රය සළකා බැලීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම පෙත්සමේ වගඋත්තරකාර රාජිත සේනාරත්න මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද (21) නොතිසි නිකුත් කළේය. 21 January 2020
ටීඑන්ඒ සමඟ එක්වන්නැයි විග්නේෂ්වරන්ට ආරාධනා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව තරග කිරීමට එක්වන ලෙසට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේශ්වරන් මහතා වෙතට ආරාධනා කරන බව ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පැවසීය. 21 January 2020
අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට පුද්ගලයකුගෙන් රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට ගිය පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අද (21) පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2020
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාරට ඇප මේ වන විට මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිය පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස් අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතා ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගමගේ මහතා අද ( 21 ) නියෝග කළේය. 21 January 2020
දිඹුල්දෙන ගස් පාලමෙන් වැටී සිසුවකුට තුවාල මැදගම දිඹුල්දෙන ගම්මානයට දහමල් ඔයේ ගස් උඩ අතු අතර දැව කොටන් මතින් ගමන්කළ පාසල් සිසුවෙකු බිමට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 21 January 2020
19 අහෝසි වෑයමට එරෙහිව නැගී සිටිමු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කොට ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ස්ථාපිත කරගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 January 2020
මහියංගන-නුවර පාරේ 6 වෙනි වංගුවේ නායයාමක් මහියංගනය - නුවර මාර්ගයේ (18 වංගුව) හයවෙනි වංගුවේදී අද(21) මාර්ගය නාය ගොස් තිබේ. 21 January 2020
දඹුල්ලේ එළවළු මිල පහළට පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල අද (21) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් පහත පහත බැස තිබේ. 21 January 2020
උමාඔය ව්‍යාපෘතියේ සේවයකුට ඉරාන ජාතිකයෙක් පිහියෙන් අනී උමාඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතු ඉරාන ජාතිකයකු විසින් උමාඔය ව්‍යාපෘතියේම සේවයේ නියුතුව සිටි රියදුරකුට පිහියකින් ඇන බරපතල තුවාල ලබා අද (21) මොනරාගල සිරිගල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 21 January 2020
ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවට ලක්ෂ 9 ක දඩයක් නුගේගොඩ බස් නැවතුම්පොළ සහ පොදු වෙළෙඳපොළට අවුරුදු 15 කට අධික කාලයක් තිස්සේ හොරෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ අනවසර ජල වැටලීම් අංශය විසින් ශ්‍රී ජයවර්ධනපුර නගර සභාවට රුපියල් ලක්ෂ 9 ක දඩයක් නියම කර ඇත. 21 January 2020
අධිකරණයට ගෞරව නොකරන රටකට ඉදිරියට යා නොහැකියි හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකතන හඬපටවලින් අධිකරණය සම්බන්ධයෙන් හෙළිවී ඇති කරුණු පිළිබඳව අගවිනිසුරුවරයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20) පැවැසීය. 21 January 2020
වෝහාරික විගණන වාර්තා මන්ත්‍රීන්ට දෙනවාද නැද්ද? කතානායකගෙන් අද ප්‍රකාශයක් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කෙරුණු වෝහාරික විගණන වාර්තාව (Foencic Audit Report) මන්ත්‍රීවරුන්ට නිකුත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පස්වරුවේ ප්‍රකාශයක් කිරීමට නියමිතය. 21 January 2020
කදිරගාමර් ඝාතනට සම්බන්ධ ලාංකික දෙමළ ජාතිකයෙක්ට ජර්මන් අධිකරණයකින් සිර දඬුවම් හිටපු විදේශ අමාත්‍යවරයෙකු වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට එරෙහිව ජර්මන් අධිකරණයක් මගින් වසර 6 යි මාස 10 ක සිර දඬුවමක් නියම කරනු ලැබ ඇත. 21 January 2020
මැතිසබයේදී රන්ජන්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි කරවීමට බන්ධනාගාර නිලධාරින් විසින් විශේෂ ආරක්ෂක රැකවල් යටතේ පාර්ලිමේන්තුවට අද (21) පස්වරුවේ රැගෙන එනු ලැබීමට නියමිතය. 21 January 2020
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගය අද ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය අද (21) ආරම්භ වීමට නියමිතය. 21 January 2020
රාජ්‍ය ඇමැතිවරු 19 කට තවමත් වැඩ නෑ රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 January 2020
රජ පවුල හැරයාම ගැන හැරීත් ශෝකයෙන් රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත. 20 January 2020
නිශ්ශංක - පාලිත නිදහස් කරන්න කරුණු දෙන්න ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ රක්නා ලංකා සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා ගොනු කළ ආකාරය වැරදි හෙයින් ඔවුන් දෙදෙනා නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 24 වැනිදා කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (20) නියම කළාය. 20 January 2020
බඹරු ඇනීමෙන් විදේශිකයන් දෙදෙනෙකු ඇතුළු 4ක් රෝහලේ හෝටන්තැන්න වනෝද්‍යානයේ ලෝකාන්තය ප්‍රදේශයේදී බඹරු ඇනීමෙන් අද(20) විදේශීය සංචාරකයන් දෙදෙනෙකු සහ මඟ පෙන්වන්නන් දෙදෙනෙකු තුවාල ලබා ඇත. 20 January 2020
උපකාරක පන්තියක ගොඩනැගිල්ලක් කඩාවැටී ළමුන් 8 ක් රෝහලේ අම්බලන්ගොඩ මීටියාගොඩ මාර්ගයේ ගලගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියක ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ළමුන් 8 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. 20 January 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026