යක්කලමුල්ලේ ගෙමිදුලක උණ්ඩ 32ක් දමා ගිහින් යක්කලමුල්ල අකුලහේන ප්‍රදේශයේ නිවසක මිදුලට දමාගොස් තිබු ටි.56 ජිව උණ්ඩ 32ක් අද පෙරවරුවේ (29) සොයාගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 29 July 2025
අපි දෙරට අත්වැල් බැඳ ඉදිරියටම යනවා ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්රගමනය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 29 July 2025
මාලේ ගිය නාමල් එයි අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී මාලදිවයිනට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදේ දිවයිනට නැවතත් පැමිණියේය. 29 July 2025
ළහිරු වීරසේකර අත්අඩංගුවට යුත් ෆෝ චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර අත්අඩංගුවට ගත් බව තෙබුවන පොලිසිය කියයි. 29 July 2025
බෝ නොවන රෝග මඩින්න ක්‍රීඩා වෛද්‍යවරුන්ගේ මෙහෙවර විශිෂ්ටයි බෝ නොවන රෝග පාලනයට ව්‍යායාම වල යෙදීමේ වැදගත්කම ජනතාවට කියා දෙමින්, ක්‍රියාශීලී නීරෝගීමත් ජීවන රටාවකට ජනතාව යොමු කරවීමට ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉටුකරනු ලබන කාර්යභාරය විශිෂ්ට බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය. 29 July 2025
ලුනාව රෝහල ගැන බලන්න අධිකරණ ඇමති හදිසි නිරීක්ෂණයක මොරටුව ලුනාව ප්‍රාදේශිය රෝහලේ පවතින අඩුපාඩු සොයා බලා විසැඳුම් ලබාදීමේ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද ( 29) පෙරවරුවේ නිරත විය 29 July 2025
දේශබන්දු නෙරපන යෝජනාවට පක්ෂ තුනක් මනාපයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ මැතිසබෙ විවාදයේදී දේශපාලන පක්ෂ තුනක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දැනටමත් තීරණය කර ඇත. 29 July 2025
ජෝර්දාන අලුත් තානාපති කථානායක හමුවෙයි ශ්‍රී ලංකාවේ නව ජෝර්දාන තානාපති යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. 29 July 2025
රස පරීක්ෂක කාර්යාලයේ ක.ක.ස. කුඩු සමග මාට්ටු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයකු රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 29 July 2025
වික්ටෝරියා-රන්දෙනිගල-රංටැඹේ අභයභූමි ආශ්රිත ගින්නක් වික්ටෝරියා,රංදෙනිගල,රංටැඹේ ආශ්රිත අභයභූමිය තුළ අද (29) දහවල් කාලයේ සිට ගින්නක් පැතිරී යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 29 July 2025
රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද මුදා හරියි වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් බාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධ නඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය. 29 July 2025
මහනුවර පෙරහරට විශේෂ දුම්රිය මහනුවර ඇසල මංගල්‍යයේ රන්දෝලි පෙරහර නිමිත්තෙන් විශේෂ දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සෙවය තීරණය කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී.ජයසුන්දර මහතා නිවේදනය කරයි. 29 July 2025
නිව්යෝක් නුවර වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩා වැදුන තුවක්කුකරුවකු කළ වෙඩි තැබීමකින්, සිවු දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. 29 July 2025
ජනපතිට අපහාස කළ තිස්සකුට්ටි අධිකරණයේදී කනගාටු වෙයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතාට අපහාසවන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කණගාටුව ප්‍රකාශ කරන බව කොළඹ දිසා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා අද සඳහන් කළේය. 29 July 2025
තවත් වෙඩික්කරුවෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන ’වැලිගම සහන්’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය. 29 July 2025
‘සුමේධ‘ තවත් සද්ධන්තයෙකු සමඟ ගැටෙයි පොළොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානය නිජබිම කරගත් සුමේධ ඇතා මින්නේරිය ජාතික වන උද්‍යානයේ මින්නේරිය වැව් රක්ෂිතයේ සැරිසරමින් සිටි තවත් වන අලියෙකු සමඟ ඊයේ (28 ) ගැටෙන අයුරු දකින්නට ලැබිණි. 29 July 2025
පිසී ගේ නිවසේ මත් පෙති ගබඩාවක් බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ සිය නිවසේ මත් පෙති ගබඩාවක් පවත්වාගෙන ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 July 2025
ගුවන් සේවිකාවකට ගිය ආණ්ඩුවකින් ලොකු තෑගි මල්ලක් ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 29 July 2025
අනතුරක් කර රෝගියා මහමඟ දමා ගියැයි තිදෙනකු අල්ලයි ත්‍රී රෝද රථයක ගැටී බරපතල තුවාල ලැබූ පදිකයකු රෝහල් ගත නොකර මාර්ගයේ දමා යාමෙන් ඔහුගේ මරණය සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 29 July 2025
අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට ගිණුම් වලට ජුලි මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී පවුල් වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට හෙට( 30) බැර කරන බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 29 July 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 July 2025
යටිනුවර ප්‍ර.ස. විපක්ෂ නායක-බිරිය-දියණිය අභිරහස් ලෙස මැරිලා යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක ( ස.ජ.බ) චම්පික විජෙරත්න( 53) , ඔහුගේ බිරිඳ සහ දියණිය ,ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි. 29 July 2025
නාවලපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක් ගම්පොළ නාවලපිටිය මාර්ගයේ පිහිටි කුඩ කර්මාන්තත ශාලාවක විශාල ගින්නක් හට ගෙන ඇති බව මහනුවර ගිනි නිවීමේ ඒකකය කියයි. 28 July 2025
හිටපු ඩි.අයි.ජි ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 July 2025
’’ අනුරගේ දක්ෂ නායකත්වය ලංකාව වඩා ශක්තිමත් කරාවි’’ අනුර කුමාර ජනපතිගේ දක්ෂ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වඩාත් ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා පැවසීය. 28 July 2025
මාලදිවයින් ආයෝජකයන්ට ලංකාව විශ්වාසදායක තැනක් මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය. 28 July 2025
මාලදිවයින් - ලංකා ද්විපාර්ශවික ගිවිසුම් දෙකක් මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 28 July 2025
යුරෝපා සංගමයට ට්‍රම්ප්ගෙන් ලොකු සහනයක් යුරෝපා සංගමයේ අපනයන සඳහා පනවා තිබූ සියයට 30 ක තීරු බද්ද සියයට 15 දක්වා පහළ දැමූ බව ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 28 July 2025
RMV අසල අල්ලස් ගත් තැරැව්කරු රිමාන්ඩ් යතුරුපැදියක ලියාපදිංචි පොත සංශෝධනය කරදීම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරියෙකුගෙන් රුපියල් තිස්දහසක මුදලක් ඉල්ලා රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය අසල ගැවසෙන තැරැව්කරුවෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (28) නියෝග කළාය. 28 July 2025
බොරැල්ල අනතුරේ දොඹකරයේ අයිතිකරු අත්අඩංගුට බොරැල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරීව පැමිණි දොඹකරයක් මාර්ග සංඥාවලට නවතා තිබූ යතුරුපැදි 6 ක් සහ මෝටර් රථ 3 ක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දොඹකරයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසිය. 28 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026