(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්.එස්.ඒ නන්දන)
කොස්ගම මූණමලේවත්ත අත්පන්දු ක්‍රීඩාංගණය අසල නිවසක තිබී ගිනිගෙන දැවී පිළිස්සුණු පාසල් ගුරුවරයෙකුගේ මළ සිරුරක් අද (31) දින හමු වූ බව කොස්ගම පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක මින්විසුතුරුගම හල්පේ පදිංචිකරුවකු වන මොරඇදගේ නන්දකුමාර නැමැති 39 හැවිරිදි පාසල් ගුරුවරයෙකි.
එම පාසල් ගුරුවරයා හංවැල්ල ඉලුක්ඕවිට විද්‍යාලයේ ඉගෙන්වීම් කටයුතු කරන අයෙකු බවත් එම නිවසේ කුලී පදනම මත සිට ඇති බවත් පොලිසිය පවසයි.
නිවසේ නිදා සිටියදී මෙලෙස සිරුරට ගිනි ඇවිලී ඇති බවත් විදුලි කාන්දුවක් නිසා මෙම ගිනි ගැනීම සිදුව ඇති ද ගිනි තියාගෙන සියදිවි හානි කර ගෙන ඇති ද පිළිබඳව කොස්ගම පොලිසිය වැඩිදුටත් පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd