
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව වඩවත්ත නිවෙසක වැසිකිළියක් සඳහා කැපූ ජලය පිරුණු වළකට වැටී තුන් හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වඩත්ත ගම්මානයෙ ද ඒ.එච්.එම්.සතිස් ශෙනුල් නැමති තුන් හැවිරිදි දරුවෙකි.
සිය මිත්තනියගේ නිවසේ රැදි සිටියදී දරුවා මෙම අනතුරට මුහුණ දී ඇති අතර වළේ වැටී සිටි දරුවා මිත්තනිය හා පවුලේ පිරිස් ගොඩ ගෙන කොට්ටුකච්චිය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මරණයට පත්ව සිටි බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ දෙමව්පියන්ට හෝ ගෙදර ඉන්න වැඩිහිටියෙකුට මොලේ කළදක් වත් නැතිද? කොච්චර හුරුබුහුටි දරුවෙක්ද?
දරුවන් ගැන වටිනාකමක් දන්නේ නැති මෝඩ දෙමව්පියන්ට ලැබෙන දරුවන්ට අත්වන ඉරණම ගැන හිතන කොට හරිම දුකයි.