(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව වඩවත්ත නිවෙසක වැසිකිළියක් සඳහා කැපූ ජලය පිරුණු වළකට වැටී තුන් හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

මෙසේ මියගොස්  ඇත්තේ වඩත්ත ගම්මානයෙ ද ඒ.එච්.එම්.සතිස් ශෙනුල් නැමති තුන් හැවිරිදි   දරුවෙකි.

සිය මිත්තනියගේ නිවසේ රැදි සිටියදී දරුවා මෙම අනතුරට මුහුණ දී ඇති අතර වළේ වැටී සිටි දරුවා මිත්තනිය හා පවුලේ පිරිස් ගොඩ ගෙන කොට්ටුකච්චිය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් මරණයට පත්ව සිටි බව කියයි.