
(ගයාන් සූරීය ආරච්චි)
කේරල ගංජා ජාවාරම් කළ බව කියන නල්ලූර් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂයේ මන්ත්‍රීවරයකු අලුයම අත්අඩංගුවට ගත් බව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකාර මන්ත්‍රීවරයාගේ නිවස වැටලූ අවස්ථාවේදී සැකකරුගේ නිවසේ අල්මාරියේ සඟවා තිබියදී ගංජා කිලෝ 4 ක් සහ ග්‍රෑම් 800 ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රීවරයාට මන්නාරම්ම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මීට දින කීපයකට පෙර කේරල ගංජා කිලෝ 10 ක් ලබා දී තිබූ අතර ඉන් කොටසක් විවිධ පුද්ගලයන්ට අලෙවි කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරුට එම ගංජා තොගය ලබාදුන් පුද්ගලයා සහ එම ගංජා ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
ගමේ බෝක්කු වල පනාව දාගෙන ඉන්න, රටක් පාලනය කරන්න තියා, තමන්ගේ මුලිඛ දේවල් වත් පාලනය කරගන්න බැරිව, කිසිම ඉගෙනීමක් නැතිව, ගමේ කානු සුද්ද කරන, පොදු වැඩ වලට ඇවිත් පළවෙනියට ප්‍රාදේශීය සභාවට ,ඊට පස්සේ පල බබා, ඊට පස්සේ මන්ත්රී, ඇමති, අගමැති, රටේ නායකයා. ප්‍රාදේශීය සභාවලින් වැඩිපුර රට කරන්න එන්නෙම මේ වගේ උන් ,මෙහෙම රටක ට යන්න පුලුවන්ද?
කල පුරුද්ද, පලපුරුද්ද..
මේ වගේ සත්තු දේශපාලන තනතුරු වලට චන්දෙ දීල පත්කරගන්න මනස දියුණු නැති කන්ඩායමක් තවම ඉන්නව. තව චන්ද දෙකතුනක් යනව මේක හරියන්න.