
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් මාර්ග බාධකයක් තුළ මත්පැන් සාදයක් පැවැත් වූ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 55 ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයෙකි..
සැකකාර පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක භටයෙකු ඊයේ (29) රාත්‍රී ගල්කිස්ස විජය පාර බෝ ගස අසල මාර්ග බාධක රාජකාරී කරමින් සිටියදී ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් මාර්ග බාධක නිලධාරීන් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරයා සහ සිවිල් ආරක්ෂක බටයා හා තවත් සිවිල් පුද්ගලයෙකු මාර්ග බාධක කුටිය තුළ සිටින අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
උප පොලිස් පරීක්ෂකවරයා යතුරු යතුරුපැදියෙන් බැස මාර්ග බාධක කුටිය තුළට ගිය අවස්ථාවේදී රාජකාරී යෙදී සිටි නිලධාරීන් එම ස්ථානයේ සිටින පිටස්තර පුද්ගලයා සමග මත් පැන් පානය කරන බවට දර්ශනය වී ඇති අතර එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ජංගම දුරකථනයෙන් එම ස්ථානයේ දර්ශන ලබාගෙන ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
මාර්ග බාධකයෙන් යන අය නීති කැඩුවොත් අවම බලය පාවිච්චි කරන්න ශක්තිය, ජවය ගනිමින් හිටියේ.
මෙවන් කශඩයන් ඉක්මනින් ඉවත් කරමු.
මතුපැන්වලට තියන පෙරේතකමේ ආදීනව.