ස්මාර්ට් විදියට දඩ ගෙවන පහසුකම බස්නාහිරට බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ග වල ස්ථානීය දඩ ’’Govpay’’ ඇප් එක හරහා ගෙවීමේ ක්‍රමවේදය අද (28) සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 28 July 2025
පොලිස්පති පුටුවට ලොක්කෝ හයක් සීතල යුද්ධයක පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 28 July 2025
බහින්බස් වීම මරණයකින් කෙළවර වෙයි මාතලේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යැමේන් ඇතිවු ගැටුමකින් සිදු කළ පහරදිමකදි එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. 28 July 2025
තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 28 July 2025
ජනපති මාල දිවයිනට පිටත්ව යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියේය.මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි. 28 July 2025
බොරැල්ලේ අනතුරක් : අයෙක් මරුට : පිරිසක් රෝහලට බොරැල්ල කනත්ත වටරවුමේදී දොඹකර රථයක් යතුරුපැදී පහක සහ මෝටර් රථයක ගැටීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 28 July 2025
ජාජබ ප්‍රා.ස.මන්ත්‍රී නිවසට වෙඩිතැබූ සිද්ධියට මෝටර් රියක් සමඟ අයෙක් මාට්ටු වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් බව කියන මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 28 July 2025
යූත් ක්ලබ් බලය දැක ඇතැමුන් කලබල වෙලා බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 28 July 2025
තැනින් තැනට සිහින් වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 July 2025
පාර කොන්ක්‍රිට් කර පැය කීපයකින් එය විනාශ කරලා මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක් කොන්ක්‍රිට් විනාශ කර හානි සිදුකර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව (ජා:ජ:බ:)මහතා පවසයි . 27 July 2025
ව්‍යවසායකයන් සවිබල ගන්වන්නැයි සජිත් ඉල්ලයි ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 July 2025
ඇඟළුම් අපනයනයේ වැඩි වීමක් පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. 27 July 2025
පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලය ගිනි ගනී පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ කාර්යාලයේ තුල අද සවස ගින්නක් හට ගෙන ඇතැයි පුත්තලම පොලීසය කියයි. 27 July 2025
මැඩිල්ල කලපුව ආසන්නයේ ගින්නක් තංගල්ල මැඩිල්ල කලපුව ආසන්නයේ ඇති කඩොලාන රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 27 July 2025
නැගෙනහිර උ.පෙ විශිෂ්ටයන්ට ලක්ෂ බැගින් දෙයි ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක්වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී අද (27) පැවැත්විණි. 27 July 2025
ජනාධිපති හෙලිකොප්ටරයෙන් යන්න ඕනේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. 27 July 2025
දක්ෂිණ අධිවේගයේ අනතරින් දෙකක් මරුට හතරක් රෝහලට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. 27 July 2025
කොළඹ බාලිකාව සිසුවියෝ පස් දෙනෙක් මත් පෙති බීලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියන් පස්දෙනකු මත්පෙති පානය කර සිටියදී සිය බාරයට ගත් බව මරදාන පොලිසිය කියයි. 27 July 2025
‘‘රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා‘‘ රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා දුම්රිය රක්ෂිතයේ නීති විරෝධීව තනා ඇති නිවසක පදිංචි වී සිටින භික්ෂූන් වහන්සේ නමක් අමතා අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් ප්‍රකාශ කරමින් මාසයක් ඇතුළත එම නිවස ඉවත් කර ගෙන අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට එම වග උත්තරකාර හිමි නමට නියෝග කළේය. 27 July 2025
කුඩ්ඩකු එක්ක හාදකම් පෑ පොලිසියේ තුනක් අල්ලයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ආධාර අනුබල දුන් බව කියන පොලිස් කොස්තාපල් තිදෙනෙක් මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 July 2025
ගංජා වික්ක ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් ගංජා අලෙවි කරමින් සිටි ගම්පොළ නගර සභා පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු එළඹෙන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය අද නියෝග කළාය. 27 July 2025
තෙරපියෙන් එහාට යන්න බෑ කියුවැයි පී.සී කතකට පහරදීලා වාද්දුව තල්පිටිය සම්බාහන ආයතනයකට ගොස් තෙරපිවරියකගෙන් වෙනත් දෙයක් ඉල්ලා නොලැබුණු තැන පහරදී එහි තිබූ මුදල් කොල්ලකා තෙරපීවරියව පැහැරගෙන විත් වාද්දුව නගරයේදී යළි පහර දුන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 27 July 2025
‘‘සමලිංගික විවාහ ලංකාවේ ප්රචාරයට ඇතැමුන් උත්සාහ කරනවා‘‘ සමලිංගික විවාහ ලංකාවේත් ප්‍රචාරය කිරීම සඳහා යම් යම් සංවිධාන සහ ආයතන ඉදිරිපත් වී තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ බේරුවල දී පැවසූහ. 27 July 2025
පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කළ කඩයක් වටලයි පොල්තෙල්වලට ෆාම්ඔයිල් මිශ්‍රකර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් සැපයූ කුලියාපිටිය, තෙල්බදුගම්මන ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් වටලා එහි අලෙවි කිරීමට නියමිතව තිබූ පොල්තෙල් ලීටර 2,000 කට ආසන්න ප්‍රමාණයක් විකිණීම තාවකාලිකව අත්හිටු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 July 2025
නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 27 July 2025
හැටන් - මස්කෙළිය වාහන ධාවනය සීමා වේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව සමග හැටන් නෝර්වුඩ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි. 27 July 2025
කයිට්ස් දේවස්ථානයට පහරදුන් ජාජබ සංවිධායක ඇතුළු හතරක් මාට්ටු යාපනය කයිට්ස් මෙලින්ජිමුනායි නාරායම්පති මාතා දේවස්ථානයට බීමත්ව බලහත්කාරයෙන් අැතුළුවී එහි තිබූ වටිනා සුරුවමක් කඩාබිඳ දේපොළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ කයිට්ස් සංවිධායක අැතුළු අටදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි. 27 July 2025
ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 2000ක් අලුතින් හදනවා ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ සිදුවන පිබිදීමත් සමඟ මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පරිවර්ථනයක් සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 27 July 2025
’’ අපි වැඩ කරන්නේ එක ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන නොවේ’’ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියා කරන්නේ එක් ජාතියක් හෝ ආගමක් ඉලක්ක කරගෙන නොව සියලුම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 27 July 2025
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබු විශාල ගස කපා ඉවත් කිරිමත් සමඟ අඩාලව පැවති උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (27) දහවල් සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 27 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026