
(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
කාලගුණ විපතින් වැඩිම අලාභ හානි සිදුවූ මහනුවර දිස්ත්‍රික්කය කෙරෙහි රජය වැඩි අවධානය යොමු කළ යුතු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද සඳහන් කළේය.
‘‘රටට බලපෑ ව්‍යසනයෙන් වැඩිම හානියක් සිදුවුණේ මහනුවර දිස්ත්‍රික්කයට. මෙම ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් සමගි ජනබලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම්. ව්‍යසනයෙන් පසු ආණ්ඩුව රටට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී යම් ප්‍රමාදයක් දකින්න ලැබෙනවා. මෙය රජයට සිදුකරන චෝදනාවක් නෙවෙයි. මේ පිළිබඳව රජය දැනුම්වත් කරන්නයි සමගි ජනබලවේගය කටයුතු කරන්නේ.
ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යසනයෙන් බලපෑමට ලක්වුණ පවුල් 55,804 ක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල වලින් තමයි මෙම දත්ත සියල්ල ලබාගැනීමට කටයුතු කළේ. ආණ්ඩුව පොරොන්දු වූ පරිදි මෙම පවුල් සියල්ලටම රුපියල් 25,000 ක මුදල ලබාදෙන්න කටයුතු කළ යුතුයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 22,172 කට පමණයි එම වන්දි මුදල ලැබී තිබෙන්නේ. ඉතුරු පවුල්වලටත් වහාම එම දීමනාව ලබාදෙන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම නිවාසවලට අවශ්‍ය භාණ්ඩ ගැනීම රුපියල් 50,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. නමුත් අදවනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම නිවසකට එම දීමනාව ලබාදීලා නැහැ. ඒ වගේම මියගිය පුද්ගලයෙකුට ලක්ෂයට මුදලක් ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඇතැම් අවස්ථාවලදී ලබාදී තිබෙන්නේ රුපියල් 50,000 යි. ඒ වගේම පාසල් දරුවන්ට රුපියල් 25,000 ක් ලබාදෙන බව කිව්වත් එම මුදල තවම ලබාදීලා නැහැ. කෙසේ නමුත් විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට රජය කටයුතු කළ යුතුයි.
COMMENTS
යමක් ඔලුවෙන් කල්පනා කරලා කිව්ව කතාවක්. හැබැයි එයාගේ පක්ෂයේ වැඩි දෙනෙක් ඔලුව මහන්සි කරලා කල්පනා කරන්නේ මොවුන්ට කෙලවලා අපි බලය ගන්නේ කොහොමද කියන එකයි. ලොක්කත් මේ වගේම තමයි.
නුවරට හානිය වුණා නොවෙයි හානිය කළා. කොත්මලේ වතුර එක සැරේට ඇරලා නුවර, ගම්පොල යට කරලා දැම්මා...
ඔබලා නිසා තමා නුවරට ඔය දේ සිද්ද වුනේ....
මේ මහත්තයා කිව්වා නුවරට මේ විනාශය වුනේ ජලාශවල වාන්දොරටු එකපාරට ඇරිය නිසා කියලා. නැත්නම් කවදාවත් මෙහෙම වෙන්නේ නැහැ. රජයට විරුද්ධව නඩු මගට බසිනවා කියලා හිතාමතා මේ අපරාධය කළාට, කබීර් හසිම් කිව්ව ගම්පල 1000 විතර මැරුණු රජයට විරුද්ධව නඩුදානවා කියලා. දැන් මාසෙකුත් පහුවෙලා තාම නඩු නැහැ. මේ අය හැම දෙකින්ම වාසි අරගෙන බලයට එන්න හදන්නේ. ඔබලාට කවදාවත් එය කරගන්න හම්බ වෙන්නේ නැහැ...
දේශපාලනයෙන් හොරා කාලා බඩවඩා ගත්තු තමුන්ලා වගේ බලලෝභී දූෂිත දේසපාලුවෝ තමා මහනුවරට වැඩිපුරම හානි කරලා තියෙන්නේ?
හන්තාන කපපං ඔබලාගේ අවහල් අහවලාගේ ඉඩම් කියලා... හොර හැතිකරේ..
නෙල්සන් ඔය කතාව තමයි කිරිඇල්ල ලොක්කත් කිව්වේ නුවරට හානිකලා කියලා, නෙල්සන් කිරිඇල්ල මහත්තයාට කියන්න නඩු දාන්න කියලා. එතකොට තේරෙයි තමන් හිතන දේ වැරැදියි කියලා...