
(කේ. බුද්ධික කුමාරසිරි)
ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතවී සිටින හීනටියන මහේෂ් යන පුද්ගලයාගේ ඥාතියකු බව කියන "ජින්ගා" යන අන්වර්ථ නාමය ලබන පුද්ගලයකු විදේශ රටක නිෂ්පාධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මැගසිනයක් සහ ටී 56 ගිනි අවි උණ්ඩ 25 සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය පවසයි.
මෙම සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශයක් මත විමර්ශනය කිරීමේදී හීනටියන මහේෂ් නමින් පාතාල ක්‍රියාකාරකම් සහ බලය පතුරවමින් මිනුවන්ගොඩ , අංගොඩ , හීනැටියන සහ කටුනායක යන ප්‍රදේශවල අපරාධ සහ ජනතාවගෙන් කප්පම් මුදල් රැස්කිරීමේ කටයුතුවල නිරතව ඇති බවද එම කොට්ඨාශය පවසයි.
මෙම සැකකරුට ප්‍රදේශවාසීන් තිබෙන බිය සහ මෙම පාතාල බලය පතුරවමින්මින් මේ පිළිබඳ කිසිම පොලිසියක පැමිණිල්ලක් සටහන් නොකිරීමත් ඊට කදිම හේතුවක් වූ නිසාත් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සූක්ෂමව මෙම වැටලීම සිදු කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරු විමර්ශන කිරීමේදී ටී 56 වර්ගයට අයත් ස්වයංක්‍රීය ගිනි අවියට යොදන පතුරන් 25ක්ද මෙම පුද්ගලයා සන්තක තිබී අත්අඩංගුවට ගෙන ඇත.

.
COMMENTS