
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ටි 56 ගිනි අවියක් සහ උණ්ඩ 27 ක් හා මැගසිනයක් කොළඹ 14 ශාන්ත ජෝසප් වීදිය 60 වත්තේදී තිබී සොයා ගැනීමෙන් පසු සිදුකළ විමර්ශන වලදී පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
සොයාගත් එම ගිනි අවියේ අංක මකා දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
ගෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කිත්සිරි කුමාර මහතාට ලද තොරතුරකට මෙම ගිනි අවිය සහ මැගසිනය සමග උණ්ඩ 24 ක් හා ඊට අමතර තවත් උණ්ඩ 03 ක් එම ස්ථානයේ තිබී සොයාගනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම ගිනි අවිය සහ උණ්ඩ එම ස්ථානයට දමන ලද පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පැය 48 ක කාලයකට රැඳවුන් නියෝග ලබාගෙන සිදුකළ ප්‍රශ්න කරමින් සිදුකළ විමර්ශන වලදී පළමු සැකකරුගේ නිවස පිටුපස බැල්කනිය මත තවත් පුද්ගලයකු ගිනි අවිය සහිත බෑගයේ තබන අයුරු සටහන්ව තිබීමෙන් අනතුරුව එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් හා ඔහුගේ පියාගෙන් ලබාගත් ප්‍රකාශ අනුව මෙම ගිනි අවිය දෙවෙනි සැකකරු සහ තවත් සැකකරුවකු වෙත භාරදීම සිදුකර ඇති තුන්වන සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය හා කොළඹ 14 පදිංචිකරුවන්ය.
COMMENTS